🎯

අපගේ දැක්ම

"සෞභාග්‍යවත් රිදී පුරවරයක්"

🚀

අපගේ මෙහෙවර

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ප්‍රජා සුබ විහරණය, සුබ සාධනය සහ සියලු පොදු පහසුකම් ආරක්ෂා කොට, ප්‍රවර්ධනය කිරීමෙන් හා පරිසර පද්ධතිය සුරක්ෂිතමින් ජනතාවට යහපත් ජීවන තත්වයක් උදාකරදීම පිණිස කැපවීමෙන් හා උද්යෝගයෙන් යුතුව කටයුතු කිරීම අපගේ මෙහෙවර වේ.

රීදිගම ප්‍රාදේශීය සභාව

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 18ක් ඇතුළින් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කය මායිමව පිහිටා ඇති ප්‍රදේශය ඇති රීදිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තෙත් කලාපයට අදාළ භූමි ප්‍රදේශය ලෙස හැඳින්විය හැක. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, ආදී ජන සංයුතියකින් යුත් මුළු ජනගහනය 103,404 ක් ජීවත් වන අතර භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 107.5 කි.

සම්පූර්ණ විස්තරය

පුරවරයේ ඉතිහාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටා ඇති රිදීගම, කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 18ක් පමණ ඊසාන දෙසින් පිහිටි සන්සුන් නගරයකි. පොහොසත් සංස්කෘතික උරුමයන් සහ රමණීය පරිසරය සඳහා ප්‍රසිද්ධ රිදීගම ක්‍රිස්තු පූර්ව 2 වන සියවස දක්වා දිවෙන සැලකිය යුතු ථෙරවාදී බෞද්ධ අඩවියක් වන අතර එහි ඓතිහාසික රිදී විහාරය පිහිටා ඇති අතර එය Silver Temple ලෙසද හැඳින්වේ.

සම්පූර්ණ විස්තරය

ගරු සභාපතිතුමාගේ හා ලේකම්තුමියගේ පණිවිඩය

ඒ.ඩී. සුමනදාස (සභාපති)

රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ඔබ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. රිදීගම ප්‍රාදේශීය සභාවේ අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා නවීන තාක්ෂණය හා සම්පත් උපරිමයෙන් යොදා ගැනීමයි.

සම්පූර්ණ විස්තරය

අයි.එම්. උදේනිකා මොහොට්ටි (ලේකම්)

ජනතා මෙහෙවර උදෙසා ශක්තිමත් පරිපාලන ක්‍රමවේදයක් තුළින් නව තාක්ෂණය හරහා රිදීගම බල ප්‍රදේශය තුළ තිරසාර පැවැත්මක් ඇති කිරීමේ අරමුණින් රිදීගම ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය ආරම්භ කර ඇත.

සම්පූර්ණ විස්තරය

අප හා සම්බන්ධ වන්න

රිදීගම ප්‍රාදේශීය සභාව

ලිපිනය

මාතලේ පාර, රිදීගම

දුරකථන අංකය

037-2252075

විද්‍යුත් තැපෑල (Email)

psrideegama@gmail.com

ෆේස්බුක් පිටුව

Rideegama Pradeshiya Sabhawa

කාර්යාල වේලාවන්

සඳුදා සිට සිකුරාදා (පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා)

අපගේ පිහිටීම

× Popup Announcement
Feedback
Scroll to Top