අයි.එම්.උදේනිකා මොහොට්ටි - ලේකම්
අයි.එම්.උදේනිකා මොහොට්ටි (ලේකම්)

ජනතා මෙහෙවර උදෙසා ශක්තිමත් පරිපාලන ක්‍රමවේදයක් තුළින් නව තාක්ෂණය හරහා රිදීගම බල ප්‍රදේශය තුළ තිරසාර පැවැත්මක් ඇති කිරීමේ අරමුණින් රිදීගම ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් පිටුව ආරම්භ කර ඇත. ප්‍රජාතාන්ත්‍රික ජනතා සේවයක් සැපයීම සඳහා අප ඔබ වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය දැන ගැනීම මෙන්ම ඔබගේ අදහස් හා යෝජනා අප වෙත ඉදිරිපත් කිරීම ද වැදගත් වේ.

නව ඩිජිටල් පරිවර්තනයත් සමග ඔබගේ සේවාවන් වෙත ඉතා පහසුවෙන් ප්‍රවිශ්ට වී අවශ්‍යතා හා සේවා කඩිනම්ව ඉටුකර ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. E – පාලන ක්‍රමවේදය තුළින් විනිවිදභාවයකින් යුතු සේවයක් සැපයීම ඔස්සේ අභිමානවත් රිදීපුරයක් බිහිවේවායි මම ප්‍රාර්ථනා කරමි.

Feedback
Scroll to Top