රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය

රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය

සෞභාග්‍යවත් රිදීපුරවරයක්

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිනිකොණ දිග කලාපයේ පිහිටි රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක මායිම්ව පිහිටි ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන භූමියකි. තෙත් කලාපීය දේශගුණික ලක්ෂණවලින් යුතු මෙම ප්‍රදේශය, කඳුගැට සහ තැනිතලා භූමියක සුසංයෝගයෙන් නිර්මාණය වී ඇත. වර්ග කිලෝමීටර් 107.5ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදේශය, දෑදුරු ඔය සහ කුඩා ඔය යන ස්වාභාවික ජල මාර්ගවලින් පෝෂණය ලබයි.

📍 මායිම්

උතුරින්: ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
දකුණින්: මහනුවර දිස්ත්‍රික්කය
නැගෙනහිරින්: මාවතගම සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්

🏛️ පරිපාලනය

කෝරළ තුනක් (මාදුරේ, හේවාවිස්ස සහ ඉහළ විසිදෙකේ) සහ ග්‍රාම නිලධාරී වසම් 113 කින් පාලනය වේ. ජනගහනය 103,404කි (පවුල් 22,369).

🌾 ආර්ථිකය

වී, පොල්, රබර් සහ කෙසෙල් වගාවන් සඳහා ප්‍රචලිතය. ජනතාව රාජ්‍ය, පෞද්ගලික, ස්වයං රැකියා හා විදේශ රැකියාවල නියුක්තව සිටිති.

📜

ඉතිහාසය සහ සංවර්ධන මෙහෙවර

1987 අගෝස්තු 15 දිනැති ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව, 1991 අප්‍රේල් 19 වන දින සංස්ථාපනය කරන ලදී. එදා මෙදා තුර විවිධ දේශපාලන නායකත්වයන් යටතේ සංවර්ධන මාවතේ ගමන් කරමින්, තම ජනතාවට ඉහළම සේවාවක් ලබා දීම සඳහා රිදීගම ප්‍රාදේශීය සභාව නිරන්තරයෙන් කැපවී සිටී.

රිදීගම ප්‍රාදේශීය සභාව ආරම්භයේ සිට වර්තමානය දක්වා ගරු සභාපතිවරුන්ගේ ධූර කාලයන්

ගරු සභාපතිවරුන්ගේ නම දේශපාලන පක්ෂය ධූර කාලය
ජේ.පී.ඇලවතුගොඩ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය N/A
එස්.බී.ආර්.එම්.සෙනෙවිරත්න මැතිතුමා එක්සත් ජාතික පක්ෂය N/A
ආර්.ඩී.විමලදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂය N/A
විල්බට් කුලතුංග මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය N/A
ජේ.පී.ඇලවතුගොඩ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය N/A
ලියනල් චන්ද්‍රවංශ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය N/A
විල්බට් කුලතුංග මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය N/A
නයනා කුමාරි පල්ලෙමුල්ලේ මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය N/A
විල්බට් කුලතුංග මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය N/A
වී.ඒ.එස්.එන්.නිලරත්න මිය-ලේකම් කොමසාරිස් පාලන කාලය N/A
ඒ.ඩී.සුමනදාස මැතිතුමා ජාතික ජන බලවේගය N/A
Feedback
Scroll to Top