ආයතන අංශය

01.1 හැඳින්වීම
කාලානුරූපී ආයතනයේ අවශ්‍යතාව අනුව, සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත සපයා ගැනීම වෙනුවෙන් දැනටමත් අනුමත කර ඇති ප්‍රාථමික ශ්‍රේණිවල පුරප්පාඩු තනතුරු සඳහා බඳවාගැනීම හා ප්‍රාථමික නොවන ශ්‍රේණිවල පුරප්පාඩු තනතුරු සම්පූර්ණ කිරීම.
01.2 නෛතික අධිකාරිය
• වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ප්‍රාථමික ශිල්පීය නොවන, අර්ධ ශිල්පීය, ශිල්පීය සේවක ගණයේ බඳවා ගැනීම් පරිපාටි
• මුදල් රෙගුලාසි සංග්‍රහය
• වයඹ පළාත් සභාවේ කාර්යය පරිපාටි රීති සංග්‍රහය
01.3 සුදුසුකම්
• අනුමත කාර්ය මණ්ඩල තනතුරුවල පුරප්පාඩු ඇතිවීම.
• කාලානුරූපී හා අවශ්‍යතාව අනුව අනුමත කාර්යමණ්ඩල ප්‍රමාණවත් නොවීම.
• ප්‍රතිපාදන පැවතීම.
• බඳවාගැනීමේ කාර්යය පරිපාටිය / සේවා ව්‍යවස්ථාව පැවතීම.
01.4 තනතුරු ඇති කිරීම හා බඳවා ගැනීමේ ක්‍රියාවලිය - රූප සටහන
තනතුරු ඇති කිරීම හා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
අත්‍යාවශ්‍ය තනතුරු හඳුනාගැනීම.
↓
මු.රේ. 71 හා සාධාරණීකරණ වාර්තා සකස් කිරීම.
↓
අදාළ කඩඉම් මඟින් කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරීම.
↓
තනතුරු අනුමත කිරීම.
↓
අනුමත කාර්ය මණ්ඩල මත ඇති වන පුරප්පාඩු හඳුනා ගැනීම.
↓
බඳවා ගැනීමට බලය ඇති තනතුරු බඳවා ගැනීමට අදාළ කඩඉම් මඟින් ප්‍රධාන ලේකම්ගේ අනුමැතියට යොමු කිරීම
බඳවා ගැනීමට බලය නොමැති තනතුරු සපුරා දෙන ලෙස කඩඉම් මඟින් අදාළ ආයතන වෙතින් ඉල්ලීම
තනතුරු අනුමත නොකිරීම
↓
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට නැවත අභියාචනා කිරීම
↓
විධිමත් අනුමැතිය ලද පසු බඳවා ගැනීමට අදාළ දැන්වීම ප්‍රසිද්ධ කිරීම.
↓
ලැබෙන අයදුම් පත්‍ර ලේඛන ගත කිරීම
↓
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කිරීම හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම
↓
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශය ප්‍රසිද්ධ කර විරෝධතා කැඳවීම
↓
විරෝධතා ඇත්තම්
↓
විරෝධතා පරීක්ෂණ මණ්ඩලයක් මඟින් විරෝධතා පරීක්ෂණයක් පවත්වා විරෝධතා පරීක්ෂණ වාර්තාව ලබාගැනීම
↓
විරෝධතා සාධාරණ වීම
↓
සම්මුඛ පරීක්ෂණය අවලංගු කිරීම
විරෝධතා සාධාරණ නොවීම
විරෝධතා නැත්තම්
↓
පළාත් පාලන කොමසාරිස්ගේ අනුමැතියට යොමු කිරීම.
↓
අනුමැතිය ලද පසු පත්වීම් ප්‍රදානය කිරීම
02.1 හැඳින්වීම
ආයතනයේ දැක්ම සහ මෙහෙවරට අනුකූලව ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය මඟින් ඉටു කරගත යුතු කාර්යයන් නිශ්චිතව හඳුනාගෙන ඔවුන් වෙත විධිමත් ලෙස එම කටයුතු පැවරීම.
02.2 නෛතික අධිකාරිය
ආයතනයේ දැක්ම සහ මෙහෙවරට අනුකූල වීම.
02.3 අවශ්‍ය සුදුසුකම්
• කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් ලෙස වැඩ භාරගෙන තිබීම.
02.4 රාජකාරී පැවරීම හා රකියා විස්තර - රූප සටහන
රාජකාරී පැවරීම හා රකියා විස්තර ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
ආයතනයේ දැක්ම මෙහෙවරට අනුව ඉටුකළ යුතු කාර්යයන් හඳුනාගැනීම
↓
හඳුනාගත් එක් එක් කාර්යයන් වෙනුවෙන් රකියා විස්තර සකස් කිරීම
↓
සකස් කරන ලද රකියා විස්තරවලට අනුකූලව සුදුසුකම් ලත් නිලධාරීන් හඳුනා ගැනීම
↓
ඊට අනුකූලව හා රාජකාරී පැවරීම් ලිපි සකස් කිරීම
↓
අදාළ නිලධාරීන් වෙත සකස් කරන ලද රකියා විස්තර සහ රාජකාරී ලිපි විධිමත්ව ලබාදීම
03.1 හැඳින්වීම
පළාත් පාලන ආයතනවල අදාළ ව්‍යවස්ථාපිත නීති යටතේ නිලධාරීන්ට පැවරිය හැකි බලතල, රාජකාරීමය ස්වභාවය අනුව විධිමත්ව පැවරීම.
03.2 නෛතික අධිකාරිය
1. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත
2. වෙනත් අදාළ අණපනත්, ප්‍රඥප්ති හා අතුරු ව්‍යවස්ථා හා රීති
03.3 බලතල පැවරීමේ ක්‍රියාවලිය - රූප සටහන
බලතල පැවරීමේ ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
බලතල පැවරීම සඳහා වන අධිකාරී බලය හඳුනාගැනීම
↓
ඒ සඳහා සුදුසු පුද්ගලයින් හඳුනාගැනීම හා බලය පැවරීම
↓
බලතල පැවරීමේ ලේඛනයේ සටහන් කිරීම
↓
බලතල දෙන අය හා බලතල ලබන අය ලේඛනයේ අත්සන් තබා ඒ බව පිළිගැනීම
↓
පවරන ලද බලතල සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීම
04.1 හැඳින්වීම
රාජ්‍ය සේවයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලැබූ නිලධාරියෙකුගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති අරමුදලේ දායකත්වය සඳහා රාජ්‍ය සේවයේ පත්වීම් ලබා පැමිණි අය යොමු කිරීම.
04.2 නෛතික අධිකාරිය
• වැන්ඩඹු / වැන්ඩඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් පනත
04.3 සුදුසුකම්
• ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමේ ලිපිය
• වැන්ඩඹු / වැන්ඩඹු පුරුෂ අනත්දරු අරමුදලට දායකත්වය
04.4 වැන්ඩඹු අනත්දරු අරමුදල දායකත්වය ලබාගැනීමේ ක්‍රියාවලිය - රූප සටහන
වැන්ඩඹු අනත්දරු අරමුදල දායකත්වය ලබාගැනීමේ ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
අදාළ අයදුම් පත්‍රය පත්වීම් ලාභියා මඟින් සම්පූර්ණ කරවා ගැනීම හා ඊට අදාළ ලිපි ලේඛන ලබා ගෙන ලියාපදිංචි වීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැන්ඩඹු අනත්දරු අංශය වෙත මාර්ග ගත ක්‍රමවේදය යටතේ යොමු කිරීම.
↓
ලියාපදිංචි කළ පසු මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත ලබාගෙන අවශේෂ අනෙකුත් ලියವಿලි සමඟ වැන්ඩඹු අනත්දරු අංශය වෙත තැපෑලෙන් යොමුකිරීම.
↓
විශ්‍රාම වැටුප් අංකය ලැබීම.
↓
නිලධාරියාට දැනුම් දීම.
↓
නියමිත අවස්ථාවලදී අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.
06.3 හැඳින්වීම
කාර්ය මණ්ඩලයේ ස්ථිර පත්වීම් ලැබූ රාජ්‍ය නිලධාරීන්ගේ හදිසි ආපදා අවස්ථා වලදී මූල්‍යමය රකවරණය ලබාදීම.
06.4 නෛතික අධිකාරිය
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2005 (VI) ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් නිකුත්කර ඇති හා කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ සහ විධිවිධාන අදාළ වේ.
06.5 සුදුසුකම්
1. රාජ්‍ය සේවයේ හෝ වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීමක් ලබා තිබීම.
2. ජාතික රක්ෂණ භාර අරමුදලට දායක වී තිබීම.
3. අඛණ්ඩව වාරික මුදල් ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවා තිබීම.
06.1 අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමේ ක්‍රියාවලිය - රූප සටහන
අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමේ ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
හිමිකම් ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර ලබා ගැනීම
↓
ඉදිරිපත් කර ඇති කරුණු වල නිවැරදි බව පරීක්ෂා කිරීම හා අදාළ වාර්තා ඇතුළත් කිරීම
↓
සනාථ කෙරෙන වෛද්‍ය වාර්තා, රෝග නිශ්චය කාඩ්පත් ආදී ලිපි ලේඛන ලබා ගැනීම
↓
කාර්යාලීය ලේඛන ඇතුළත් කර මාණ්ඩලික නිලධාරියාගේ නිර්දේශය ලබා ගැනීම
↓
නිර්දේශිත ලේඛන රක්ෂණභාර අරමුදල වෙත දින 90ක් ඇතුළත යොමු කිරීම
06.2 අග්‍රහාර කටයුතු සම්බන්ධ දෛනික රාජකාරී - රූප සටහන
අග්‍රහාර කටයුතු සම්බන්ධ දෛනික රාජකාරී ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
අග්‍රහාර රක්ෂණ භාර අරමුදල දායකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රය ලබා ගැනීම සහ එම අයදුම්පත්‍රය ආයතන প্রধানිගේ නිර්දේශය සහිතව රක්ෂණ භාර අරමුදල වෙත ඉදිරිපත් කිරීම
↓
මාසිකව වැටුප් විෂයභාර නිලධාරියා වැටුපෙන් අයකරන ලද රක්ෂණ වාරික සඳහා අවකරණ ලේඛනය ලබාදීම
↓
එක් එක් නිලධාරියාගේ නියමිත රක්ෂණ වාරික නිවැරදිව අයවි ඇත්දැයි පරික්ෂා කිරීම
↓
අදාළ මාසික වාර්තා සමඟ දායක මුදල් ගෙවීම සඳහා වූ චෙක්පත රක්ෂණ භාර අරමුදල වෙත යොමුකර කාර්යාල පිටපත් නිවැරදිව ගොනුකර තබා ගැනීම
07.1 හැඳින්වීම
පළාත් පාලන ආයතනයේ තනතුරක් දරන නිලධාරියෙකුගේ පත්වීමේ ලිපියේ සිට ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම හෝ අන් ආකාරයකින් රාජ්‍ය සේවයෙන් ඉත්වී යන දිනය දක්වා සේවා කාලයෙහි සිදුවන වැටුප් හා සේවා සිදුවීම් හා වෙනස්වීම් ආදිය සටහන් කර තැබීම සඳහා එක් එක් පුද්ගලයා නමින් ලිඛිතව වාර්තාගත වන මෙවලම.
07.2 නෛතික අධිකාරිය
• වයඹ පළාත් සභා කාර්යය පරිපාටික රීති සංග්‍රහය
• ආයතන සංග්‍රහය
• මුදල් රෙගුලාසි
• වයඹ පළාත් සභාවට අදාළ කරගත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
• පළාත් සභා හා දෙපාර්තමේන්තු චක්‍ර ලේඛ
• බඳවාගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථා
• පනත් (මහ නగర සභා/ නගර සභා/ ප්‍රාදේශීය සභා)
07.3 සුදුසුකම්
• අදාළ පළාත් පාලන ආයතනයට පත්වීම් ලැබූ පත්වීමේ ලිපියක් හෝ ස්ථාන මාරු වී පැමිණි අයෙකුගේ ස්ථාන මාරු ලිපියක් හෝ ලැබීම
• ඉහත අදාළ ලිපියේ සඳහන් පරිදි වැඩ භාරගත් බවට සටහන් ලිපිය ලැබීම
07.4 පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය - රූප සටහන
පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාමේ ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
ලිපිගොනුව
↓
නවක පත්වීම
↓
පත්වීමේ ලිපිය
↘
උසස් කිරීම
↓
උසස් කිරීමේ ලිපිය
↓
ස්ථාන මාරු
↓
ස්ථාන මාරු ලිපිය
↙
වැඩ භාර ගැනීමේ ලිපිය ලබා ගැනීම හා අදාළ ආයතන වලට දැනුම් දීම
↙
↓
↘
පුද්ගලික ලිපි ගොනුව ආරම්භ කිරීම
↘
චර්යා සටහන ඇතුළත් කිරීම
↓
පුද්ගලික ලිපි ගොනුව ගෙන්වා ගැනීම
↙
පත්වීමේ ලිපියෙහි සඳහන් ලබාගත යුතු ලියවිලි ලබාගැනීම
↘
ස්ථානමාරුවකදී ලබාගතයුතු තොරතුරු ලබාගැනීම
↙
සේවයෙන් ඉවත් වී යන තෙක් අදාළ අත්‍යාවශ්‍ය සෑම තොරතුරක්ම ඇතුළත් කරමින් ලිපිගොනුව යාවත්කාලීන කිරීම
08.1 හැඳින්වීම
පරිවාස කාලයකට හෝ වැඩබැලීමේ කාලයකට යටත්ව පත්කරු ලබන නිලධාරියෙකු විසින් තම පත්වීම් ලිපියෙන් බැඳුණු යුතුකම් හා වගකීම් එම කාලය තුළ නොපිරිහෙලා ඉටු කරමින්ද යහපත් හැසිරීම තුළින්ද කාර්යක්ෂම ලෙස සේවය කිරීම මඟින් රාජ්‍ය සේවයේ සුදුස්සෙකු බවට සනාථ කිරීම.
08.2 නෛතික අධිකාරිය
• වයඹ පළාත් සභා කාර්යය පරිපාටික රීති සංග්‍රහය
08.3 සුදුසුකම්
• වසර 3 ක් ඇතුළත නියමිත කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත්වීම
• වසර 3 ක් තුළ නියමිත වැටුප් වර්ධක උපායාගෙන තිබීම
• පත්වීමේ ලිපියෙන් නියම කර ඇති සියලු ලිපි ලේඛන හා වාර්තා ගොනුවට ලබාදීම හා රැකියාවට යෝග්‍ය බවට සනාථ කරන වෛද්‍ය වාර්තාව ලබා තිබීම
• තනතුරට අදාළ අධ්‍යාපන ප්‍රතීතල සනාථ කර ගැනීම ( තනතුරට පත්වී මාස 03 ක් ඇතුළත)
• පරිවාස කාලය තුළ ලබාගතයුතු සමාලෝචන වාර්තා සම්පූර්ණ කර තිබීම
08.4 පත්වීම ස්ථිර කිරීමේ ක්‍රියාවලිය - රූප සටහන
පත්වීම ස්ථිර කිරීමේ ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
පරිවාස කාලයකට / වැඩබැලීමේ කාලයකට පත්කර ඇති නිලධාරීන් හඳුනාගැනීම.
↓
තනතුරට පත් වී මාස 03 ක් ඇතුළත අධ්‍යාපන ප්‍රතීතල සනාථ කර ගැනීමට කටයුතු කිරීම.
↓
අධ්‍යාපන ප්‍රතීතල සනාථ වීම.
↓
කාර්ය පරිපාටික රීති 5 පරිච්ඡේදය ප්‍රකාරව සමාලෝචන වාර්තා සම්පූර්ණ කිරීම.
↓
පත්වීම ස්ථිර කිරීමට අවශ්‍ය සුදුසුකම් පරීක්ෂා කිරීම
↓
පත්වීම ස්ථිර කිරීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීම (කාර්යක්ෂමතා කඩඉම් / දෙපාර්තමේන්තු විභාග)
↓
අදාළ නිර්දේශය සමඟ ලිපි ලේඛන පත්වීම් බලධරයා වෙත ඉදිරිපත් කිරීම.
↓
පත්වීම ස්ථිර කිරීම
→
පත්වීම ස්ථිර කිරීමට අවශ්‍ය සුදුසුකම්වල ලක්ෂ්‍යතාවයක් තිබීම
↓
පරිවාස කාලය/ වැඩ බැලීමේ කාලය දීර්ඝ කිරීම (උපරිම වසර 03 ක් දක්වා)
පත්වීම ස්ථිර කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත.
↓
(පත්වීම ස්ථිර කිරීම වෙත යොමු වේ)
පත්වීම ස්ථිර කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරානැත.
↓
පත්වීම අවසන් කිරීම
අධ්‍යාපන ප්‍රතීතල සනාථ නොවීම
↓
පත්වීම අවසන් කිරීම
Feedback
Scroll to Top