ගිණුම් අංශය

01.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බලප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කොට, ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා අවශ්‍ය කාර්යයන් ඉටුකිරීම පිණිස, වර්ෂයක් තුළදී අවශ්‍ය මුදල් ප්‍රමාණය විවිධ මූලාශ්‍රවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන බැවින් හා මූල්‍ය සම්පත් සීමා සහිත සාධකයක් වන නිසාවෙන්, ඉහත අයුරින් ලබා ගන්නා මුදල් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා සකස් කරනු ලබන ලේඛනය, අයවැය ලේඛනය නම් වේ. ඒ අනුව අයවැය ලේඛනය යනු හුදෙක් මූල්‍ය හැසිරවීමක් පමණක් නොව ප්‍රදේශයේ මහජන අපේක්ෂාවන් ප්‍රමුඛතා මත ඉටුකිරීමට සැලසුම් කරන ලද සංවර්ධන සැලැස්මක්ද වේ.
01.2 නෛතික අධිකාරිය
• 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 168 සිට 170 දක්වා වූ වගන්ති.
• 1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත, ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති මාලාවේ 11 සිට 14 (3) දක්වා රීති හා පී.එස්. 20 (අයවැය ලේඛනයට අදාළ ආකෘති).
• 2020 ඔක්තෝබර් 29 දිනැති අංක 2199/15 අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2020 ප්‍රාදේශීය සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ රීති.
01.3 පරමාර්ථය
ව්‍යවස්ථාපිත අවශ්‍යතා ඉටු කිරීම, කළමනාකරණ මෙවලමක් ලෙස හා පාලන කාරකයක් ලෙස ක්‍රියා කිරීම.
01.4 කාල වකවානුව
ලිත වර්ෂයක් සඳහා සම්පාදනය කරන අතර එය පුනරාවර්තන හා ප්‍රාග්ධන වශයෙන් වැඩසටහන් 7 ක් යටතේ, පී.එස් 20 ආකෘතිය යොදා ගනිමින් සකස් විය යුතුය.
01.5 අයවැය සම්පාදන ක්‍රියාවලිය - රූප සටහන
අයවැය සකස් කිරීමේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
ආදායම් සහ තොරතුරු මූලාශ්‍ර:
  • අතිරේක වැය වාර්තා
  • ආදායම් ඇස්තමේන්තු
  • ණය වාරික විස්තර
  • ණය හිමියන්
  • බොල් ණය
අයවැය කාල සටහන පිළියෙල කිරීම හා අදාළ නිලධාරීන් දැනුවත් කිරීම
↓
සභාව විසින් ගැසට් කරන ලද ආදායම් නිවේදනයට හා සමීක්ෂණයන්ට අනුව ආදායම් ඇස්තමේන්තු කිරීම
↓
යෝජනා ලබා දෙන ලෙස නිවේදනය පුවත් පත්වල පළ කිරීම හා සභිකයින් වෙත නිවේදනය කිරීම
↓
යෝජනා හා අයවැය පිළියෙල කිරීමට අදාළ තොරතුරු ලබා ගැනීම
↓
❓ යෝජනා සඳහා ලිඛිත නීතියෙන් බලය ලැබී තිබේද?
නැහැ ➔
මහජන නියෝජිතයන්ගේ යෝජනා
ප්‍රජාව
සිවිල් සංවිධාන
යෝජනා අයවැයට ඇතුළත් නොකිරීමට හේතු අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම
ඔව් ↓
නීතියට අනුකූල යෝජනා ප්‍රමුඛතා ගත කර සභාපතිවරයා වෙත ඉදිරිපත් කිරීම
↓
තොරතුරු විශ්ලේෂණය කර වියදම් ආදායම් හා ලැබීම් ඇස්තමේන්තු කෙටුම්පත් කිරීම
↓
ඇස්තමේන්තු මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කමිටුවට යොමු කිරීම
↓
කෙටුම්පත් අයවැය ලේඛනය සඳහා මහා සභා අනුමැතිය ලබා ගැනීම
↓
❓ අනුමත වීම (සභාවේ අනුමැතිය හිමිවූයේද?)
නැහැ: මහා සභාවේදී අයවැය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම
➔ (නැවත ඇස්තමේන්තු කෙටුම්පත් කිරීමට යොමු වේ)
ඔව් ↓
අයවැය අවසන් වාර්තාව මුද්‍රණය කර බෙදාහැරීම
02.1 හැඳින්වීම
ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ පහසුව, සුභ සාධනය හා සුභ විහරණය සැලසීම ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බැවින් එම කාර්යයන් ඵලදායීව ජනතාවට සැලසීමට නම් සුදුසු හා ප්‍රමාණවත් තරමේ මානව සම්පතක් පළාත් පාලන ආයතන සතු විය යුතුය.උක්ත අරමුණු කරා ළඟා වීම සඳහා එම මානව සම්පත යොදාගැනීම වෙනුවෙන් ගෙවිය යුතු පාරිශ්‍රමික වැටුප් ලෙස හඳුන්වාදීමට හැකිය.
02.2 නෛතික අධිකාරිය
• 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 19 (VI) හා 1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත, ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති මාලාවේ රීති 119 සිට 124 දක්වා, රජයේ ආයතන සංග්‍රහය.
02.3 සුදුසුකම්
ස්ථිර, අනියම්, ආදේශක,සේවා ගිවිසුම් හෝ දෛනික පදනම මත ප්‍රාදේශීය සභා සේවයට පත්වීම් ලාභියෙකු විය යුතුය.
02.4 අදාළ කරගත යුතු ලේඛන
• පත්වීම් ලිපිය
• පෞද්ගලික ලිපි ගොනුව
• පී.එස්. 37 ලේඛනයට අනුව පිළියෙල කළ වැටුප් ලේඛනය හා දෛනික වැටුප් ලේඛනය
• පී.එස්. 38 ප්‍රකාර වැටුප් පත්‍රිකාව
• වෙනත් උපලේඛන
    1. වැටුප් වැඩිවීමේ නියෝග/ප්‍රතිශෝධන
    2. චෙක්රෝල්
    3. නිවාඩු වාර්තා
02.5 වැටුප් සැකසීමේ ක්‍රියාවලිය - රූප සටහන
වැටුප් සැකසීමේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
පත්වීම්, වැටුප් ක්‍රමය හා වැටුප් නිවැරදි දැයි නිශ්චය කිරීම
↓
❓ ප්‍රතිපාදන වෙන්කර තිබේද?
නැත ➔ (නැවත මුලට හැරේ) ↺
ඔව් ↓
❓ ස්ථිර කාර්ය මණ්ඩලයට අයත් ද?
නැත (අනියම්/දෛනික/ආදේශක)
නව පත්වීම් වැටුප් ලේඛනයට ඇතුළත් කිරීම
↓
ස්ථාන මාරු වැටුප් ලේඛනයට ඇතුළත් කිරීම
↓
අදාළ ගැලපීම් සමඟ දෛනික වැටුප් ගණනය කිරීම
↓
මාසයට අදාළව අවකරණ සමඟ දෛනික වැටුප් ලේඛන සැකසීම (පී.එස්. 37)
↓
වැටුප් පත්‍රිකා පිළියෙල කිරීම
ඔව් (ස්ථිර කාර්ය මණ්ඩලය)
නව පත්වීම් වැටුප් ලේඛනයට ඇතුළත් කිරීම
↓
ස්ථාන මාරු වැටුප් ලේඛනයට ඇතුළත් කිරීම
↓
අදාළ ගැලපීම් සමඟ වැටුප් ගණනය කිරීම
↓
මාසයට අදාළව අවකරණ සමඟ වැටුප් ලේඛන සැකසීම (පී.එස්. 37)
↓
වැටුප් පත්‍රිකා පිළියෙල කිරීම
↓
පරීක්ෂා කිරීම
↓
❓ ගණනය කිරීම නිවැරදි ද?
↺ නැත (නැවත ලේඛන සැකසීමට හැරේ)
ඔව් ↓
ගෙවීම
03.1 හැඳින්වීම
පළාත් පාලන ආයතනයක දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා සැපයුම් ක්‍රියාවලිය අත්‍යාවශ්‍ය කරුණකි. බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ විහරණය සඳහා සැපයිය යුතු සේවාවන් අනලස්ව ඉටුකිරීමට භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව සිදුකළ යුතුය. ඒ සඳහාඅවශ්‍ය වන භාණ්ඩ හා සේවා සම්පාදනයට සභා අරමුදලෙන් විශාල වැය බරක් දැරීමට සිදු වේ. සභාවේ අවිච්ඡින්න පැවැත්මට සැපයුම් සේවාව විධිමත්ව හා විනිවිදභාවයකින් යුක්තව කළමනාකරණය කළ යුතුව ඇති හෙයින් පිළිගත් හා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
03.2 නෛතික අධිකාරිය
• 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ වගන්ති අංක 173 හා 174.
• 1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත, ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති මාලාවේ රීති 178,179 සිට 124 දක්වා හා 194 සිට 214 දක්වා.
• ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය, කාලිනව නියුතු විය හැකි නියෝග හා චක්‍රලේඛ
03.3 සුදුසුකම්
• සභාවේ ලියාපදිංචි වලංගු සැපයුම් කරුවෙකු වීම.
• නිෂ්පාදන ආයතනයක් වීම.
• 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ වගන්ති අංක 174 යටතේ අනුමත ආයතනයක් හා භාණ්ඩාගාර විසින් අනුමත රාජ්‍ය ආයතනයක් වීම.
• ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් හඳුනාගත් ජයග්‍රාහී ලංසුකරුවෙකු වීම.
03.4 ඉදිරිපත් කළ යුතු ලේඛන
• ප්‍රසම්පාදන සැලැස්ම
• ටෙන්ඩර් විවෘත කිරීමට අදාළව පැමිණිම සටහන් කිරීමේ වාර්තාව
• ටෙන්ඩර් විවෘත කිරීමේ කමිටු වාර්තාව
• 1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත, ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති මාලාවේ මූල්‍ය රීති ප්‍රකාරව ඉදිරිපත් කරන ලේඛන
• ටෙන්ඩර් මණ්ඩල වාර්තාව
• ටෙන්ඩර් ලියවිලි නිකුත් කිරීමේ ලේඛනය
• තාක්ෂණික වාර්තාව
• සභා තීරණ
03.5 සැපයුම් ක්‍රියාවලිය - රූප සටහන
සැපයුම් ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කිරීම
↓
සැපයුම නිශ්චය කිරීම
↑ (අරමුදල් සම්පාදනය කිරීමේ සිට)
↓
තොග ඉල්ලීමක් සැපයුම් අංශයට ඉදිරිපත් කිරීම
↓
❓ අරමුදල් සපයා තිබේද?
නැත ➔
අරමුදල් සම්පාදනය කිරීම
ඔව් ➔
↓
මිල දී ගැනීමට බලය ලබා දීම
↓
ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් සැපයුම්කරු තෝරා ගැනීම
↓
ඇණවුම ඉදිරිපත් කිරීම
↓
භාණ්ඩ ලැබීම
↓
❓ ඇණවුමට අනුව භාණ්ඩ නිවැරදි ද?
ඔව් ➔
↺ නැත (නැවත ඇණවුම ඉදිරිපත් කිරීමට හැරේ)
↓
ලැබීම් පත්‍රය නිකුත් කිරීම හා භාණ්ඩ ගබඩාවට භාර ගැනීම
↓
භාණ්ඩ ලැබීම් ගිණුම් ගත කිරීම
↓
සැපයුම්කරුවන්ට ගෙවීම
04.1 හැඳින්වීම
පළාත් පාලන ආයතනයක් යනු ව්‍යවස්ථාපිත ආයතනයකි. එයට නෛතික පුද්ගලභාවයක් ඇත. ඒ අනුව එහි අරමුදල් රාජ්‍ය මූල්‍ය පාලනයට යටත් වේ. රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව කටයුතු විගණනය කිරීමේ බලය විගණකාධිපතිවරයා සතු වන්නේය. ඒ සම්බන්ධයෙන් වන වාර්ෂික වාර්තාව සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වී ඇති හෙයින් සෑම වර්ෂයක්ම ජනවාරි 01 දිනෙන් ආරම්භ වී දෙසැම්බර් 31 දිනෙන් අවසන්වන ලිත වර්ෂයට අදාළව සකස් කර පෙබරවාරි 28 වැනි දින පෙර විගණනය වෙත ඉදිරිපත් කිරීමට පළාත් පාලන ආයතන බැඳී සිටියි.
04.2 නෛතික අධිකාරිය
• 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) හා 1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත, ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති මාලාවේ රීති 146 සිට 168, 193, 216 දක්වා.
• විගණන පනත.
04.3 සකස් කළ යුතු ලේඛන
• 1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත, මූල්‍ය හා පරිපාලන රීතිවල සඳහන් කර ඇති ගිණුම් තැබීමට අදාළ දෛනික හා මාසික ලේඛන
• ආදායම් වියදම් ගිණුම (මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශය)
• ශේෂ පත්‍රය (මූල්‍ය තත්ව ප්‍රකාශන වාර්තාව) අදාළ උපලේඛන සමඟ
• ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය. (කළමනාකරණ අවශ්‍යතා)
• මුදල් ප්‍රವಾහ ප්‍රකාශය. (කළමනාකරණ අවශ්‍යතා)
• ප්‍රාදේශීය සභාව විසින් ප්‍රකාශයට පත් කළ යුතු ශේෂ පත්‍රයට (මූල්‍ය තත්ව ප්‍රකාශන වාර්තාවට) අදාළ මහ සභා යෝජනාව හා නිවේදනය
• මූල්‍ය කළමනාකරණ වාර්තාව (මූල්‍ය රීති 193)
04.4 වාර්ෂික මූල්‍ය ප්‍රකාශන (අවසන් ගිණුම) සකස් කිරීමේ ක්‍රියාවලිය
වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ ක්‍රියාවලිය සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
වවුචර
බැංකු සැසඳුම
හරස් සටහන්
උප කාර්යාලය
ප්‍රා.ස. 1 ලේජපත
↓
සරුජ්ගේ දෛනික සටහන් පොත
↓
දෛනික ආදායම් ඇස්තමේන්තුව
↓
දෛනික ආදායම් වර්ගීකරණ ලේඛනය
↓
සාරාංශ මුදල් පොත
↓
මාසික ලැබීම් විශ්ලේෂණය
↓
හිඟ ආදායම් පිළිබඳ මාසික ප්‍රකාශය
↓
සුළු මුදල් පොත
↓
ආදායම් ලේඛන
වෙනත් ලේඛන
ප්‍රධාන කාර්යාලය
ප්‍රා.ස 1 ලේජපත
↓
සරුජ්ගේ දෛනික සටහන් පොත
↓
දෛනික ආදායම් ඇස්තමේන්තුව
↓
දෛනික ආදායම් වර්ගීකරණ ලේඛනය
↓
සාරාංශ මුදල් පොත
↓
මාසික ලැබීම් විශ්ලේෂණය
↓
හිඟ ආදායම් පිළිබඳ මාසික ප්‍රකාශය
↓
සුළු මුදල් පොත
↓
වැඩිදුර ආදායම් ලේඛන
සේවක ණය / අත්තිකාරම් / තැන්පත් / නීතිගත
රැස්කිරීම ගිණුම් උපලේඛනය
↓
ප්‍රධාන මුදල් පොත
↓
ගෙවීම් මුදල් පොත
↓
വ്യය ලේඛනය (වියදම් ලේඛනය)
↓
මාසික ඒකාබද්ධ ව්‍යය විශ්ලේෂණය
↓
වියදම් සාරාංශය
↓
මාසික ඒකාබද්ධ ආදායම් සාරාංශය
↓
මාසික ඒකාබද්ධ ලැබීම් සාරාංශය
↓
ආදායම් වියදම් ගිණුම
↓
ශේෂ පත්‍රය (මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය)
↓
සාරාංශ ආදායම් ලේඛනය
↓
ශේෂ පිරික්සුම
↓
ප්‍රධාන ලේජරය
05.1 හැඳින්වීම
අවිච්ඡින්න පැවැත්මක් ඇති මෙන්ම බලප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වයට සඳහා සැපයුම දායකත්වයක් දෙන ආයතනයක් ලෙස පළාත් පාලන ආයතනයට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. එහි සංවර්ධන ක්‍රියාවලියට දායකත්වයක් ලබා දීම සඳහා අවශ්‍ය වන කාර්යයන් ඉටු කිරීමේ දී භාණ්ඩ විධිමත් ලෙස ගලා යන සැපයුම් ක්‍රියාවලියක් තිබිය යුතුය. එමෙන්ම භාණ්ඩ යනු ආයතනය සතු වත්කමකි. එම වත්කම ආරක්ෂා කිරීමේ වගකීම ද ආයතනය සතුය. එම වගකීම නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා විධිමත් වූ ගබඩා ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය යුතුය.
05.2 නෛතික අධිකාරිය
1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රයේ මූල්‍ය හා පරිපාලන රීති අංක 194 සිට 214 දක්වා රීති අදාළ විය යුතුය.
05.3 සකස් කළ යුතු ලේඛන
• ගබඩා ද්‍රව්‍ය මිලට ගැනුම් අධියාචනා පත්‍රය
• ගබඩා ලෙජරය
    (1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රයේ මූල්‍ය හා පරිපාලන රීති යටතේ ඇතුළත් කර ඇත.)
• ඉන්වෙන්ට්‍රි ලේඛනය (අදාළ නම් පමණක්)
• නිකුත් කිරීමේ නියෝග පොත
• ගබඩා බඩු ආපසු ලැබීම් ලේඛනය
• භාණ්ඩ ඇණවුම් නිවේදනය
• භාණ්ඩ ලැබීම් පත්‍රය
• රාක්ක පත්‍රිකා
05.4 ගබඩාකරණ ක්‍රියාවලිය - රූප සටහන
ගබඩාකරණ ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
ගබඩා භාර කරු විසින් ද්‍රව්‍ය මිලට ගැනීමේ අඩියාචනා පත්‍රයක් පිළියෙල කිරීම
↓
❓ අධියාචනා පත්‍රය නිවැරදි ද?
↺ නැත (නැවත මුලට හැරේ)
ඔව් ➔
බලය ලබා ගැනීම
↓
ඇණවුම ඉදිරිපත් කිරීම
↓
లද භාණ්ඩ පරීක්ෂා කිරීම (ඇණවුමට අනුව)
අවශ්‍ය නම් තාක්ෂණික වාර්තාවක් ලබා ගැනීම ➔
↓
❓ භාණ්ඩ නිවැරදි ද?
ඔව් ➔
↺ නැත (සැපයුම්කරුට / නැවත ඇණවුමට හැරේ)
භාණ්ඩ ලැබීම් පත්‍රිකාව පිටපත් 3කින් නිකුත් කිරීම (පෙශූ 219)
• සැපයුම්කරුට • ගිණුම් අංශයට • ගබඩා ලිපිගොනුවට • පොතේ ඉතිරි පිටපත
↓
ගබඩාවට ලද භාණ්ඩ නිසි පරිදි ගබඩා කිරීම
↓
තොග ලෙජර්වල සටහන් කිරීම
↓
ගබඩා නිලධාරීන්ගේ නිකුත් නියෝගය ලැබීම (පොදු 141)
↓
ගබඩාවෙන් භාණ්ඩ නිකුත් කිරීම
↓
වර්ෂ අවසානයට තොග ලෙජර් ශේෂ කිරීම
↓
වාර්ෂික තොග සමීක්ෂණය
කාර්යාල ගොනුව වෙත ➔
↓
සමීක්ෂණ මණ්ඩල වාර්තාව
➔ විගණකාධිපති වෙත
↓
❓ සමීක්ෂණ වාර්තාවේ ඌනතා ඇතුළත් වී තිබේද?
ඔව් ➔ (හානිය ගණනය කිරීම)
නැත ➔ (අදාළ ගිණුම්වලට ගැලපීම් සිදු කිරීම)
06.1 හැඳින්වීම
අවිච්ඡින්න පැවැත්මක්, නීතිමය පුද්ගලභාවයක් හා පොදු මුදාවක් සහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතකින් පළාත් පාලන ආයතන සංස්ථාපනය කර ඇත. පළාත් පාලන ආයතන සංස්ථාපනය කරන අවස්ථාවේදී එහි පැවැත්ම වෙනුවෙන් චංචල හා නිශ්චල දේපළ අදාළ ආණ්ඩු පනත් හා පනත් මගින් එය සතු කර ඇත. පළාත් පාලන ආයතනයට ස්වයං සම්පත් (නිශ්චල හා චංචල දේපළ) නිෂ්පාදනය හා උපයෝජනයට බලතල හිමිකර දී ඇත. ප්‍රාදේශීය සභා ප්‍රදේශයේ මහජනතාවගේ යහපත හා පහසුව උදෙසාත්, සංවර්ධන ක්‍රියාවලියට දායකත්වයක් ලබා දීම සඳහාත්, පළාත් පාලන ආයතන සතු දේපළ කළමනාකරණය හා පරිපාලනය සඳහාත්, විධිමත් කාර්ය පරිපාටියක් අවශ්‍ය වේ.
06.2 නෛතික අධිකාරිය
• ප්‍රාදේශීය සභා පනතේ 16, 18, 19 (i), 19 (X), 19 (XI), 23, 24 වගන්ති
• 1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රයේ මූල්‍ය හා පරිපාලන රීති අංක 194 සිට 206, 217, 218 දක්වා රීති අදාළ විය යුතුය.
06.3 සකස් කළ යුතු ලේඛන
• දේපළ පිළිබඳ ගොනු
• ඉඩම් හා ගොඩනැගිලි ලේඛනය
• මංමාවත් ඉන්වෙන්ට්‍රිය
• ඉන්වෙන්ට්‍රි ලේඛනය
• ලොග් සටහන් පොත්
06.4 වත්කම් කළමනාකරණ ක්‍රියාවලිය - රූප සටහන
වත්කම් කළමනාකරණ ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
දේපළ ලැබීම
↓
❓ නිශ්චල දේපළක් ද? / චංචල දේපළක් ද?
නිශ්චල දේපළක් නම්
අයිතිය සුරක්ෂිත කරන ලියවිලි (පැවරීම් නියෝග හා ඔප්පු, පිඹුරුපත් චිත්‍ර රේඛා සටහන්,ගැසට් නිවේදන)
↓
දේපළ ගොනුව යාවත්කාලීන කිරීම
↓
❓ ඉඩමක් ද? ගොඩනැගිල්ලක් ද? මංමාවතක් ද?
ඉඩම් හෝ ගොඩනැගිලි ලේඛනය
මංමාවත් ඉන්වෙන්ට්‍රිය
↓
නඩත්තු සැලසුම් පිළියෙල කිරීම
↓
නඩත්තු කටයුතු සිදු කිරීම
↓
වාර්ෂික සමීක්ෂණ සිදු කිරීම
↓
සමීක්ෂණ වාර්තාව
↓
❓ ඉවත්කිරීම්, නැවත ආගමනය කිරීම තිබේද?
චංචල දේපළක් නම්
පොදු ඉන්වෙන්ට්‍රියේ ඇතුළත් කිරීම
↓
ගොනුව පවත්වා ගැනීම
↓
ලොග් සටහන් පොත් පවත්වා ගැනීම හා යාවත්කාලීන කිරීම
↓
නඩත්තු උපදෙස් පොත් පවත්වාගෙන යාම
↓
නඩත්තු සැලසුම් පිළියෙල කිරීම
↓
නඩත්තු කටයුතු කිරීම
↓
වාර්ෂික සමීක්ෂණ සිදු කිරීම
↓
සමීක්ෂණ වාර්තාව
↓
❓ ඉවත්කිරීම්, නැවත ආගමනය කිරීම තිබේද?
07.1 හැඳින්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව අනුව සියලු පළාත් පාලන ආයතනවල ගිණුම් විගණනය විගණකාධිපතිවරයාට පැවරී ඇත. තව දුරටත් එක් එක් පළාත් පාලන ආයතන විගණනය සම්බන්ධයෙන් ඒ ඒ අණපනත්වලින් විධිවිධාන සැලසී ඇත. එම විධිවිධානවලට අනුව කරනු ලබන විගණනවල දී අනාවරණය වන පහත සඳහන් විෂයන් ප්‍රකාශයට පත් කිරීමට විගණකාධිපතිවරයාට බලතල ඇත.
• නීතියට පටහැනි වියදම්,
• නොසැලකිල්ල නිසා ඇතිවන පාඩු,
• ගණන් පෙන්විය යුතු නමුත් ගණන් පෙන්වා නැති මුදල්,
07.2 නෛතික අධිකාරිය
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153, 153අ, 153ආ, 153ඇ, 153ඈ, 153ඉ, 153ඊ, 153උ, 153ඌ සහ 154.
• 2018 අංක 19 දරන ජාතික විගණන පනත.
• ප්‍රාදේශීය සභා පනතේ 172 වගන්තිය.
• 1989 අප්‍රේල් 17 දිනැති අංක 554/5 අති විශේෂ ගැසට් පත්‍රයේ මූල්‍ය හා පරිපාලන රීති අංක 168, 192, 193, 194.
07.3 පිළියෙල කළ යුතු ලේඛන
• විගණන විමසුම් ලේඛනය
• අභ්‍යන්තර විගණන වාර්තාව
• විගණන විමසුම් ගොනුව
• විගණන විමසුම් පිළිබඳ ත්‍රෛමාසික වාර්තාව / අර්ධ වාර්ෂික ප්‍රගති වාර්තාව
07.4 ප්‍රාදේශීය සභා විගණන ක්‍රියාවලිය - රූප සටහන
ප්‍රාදේශීය සභා විගණන ක්‍රියාවලියේ පියවර සහ අනුපිළිවෙල පහත ප්‍රවාහ සටහනින් දැක්වේ:
ප්‍රාදේශීය සභා විගණනය
අභ්‍යන්තර විගණන අංශය
අභ්‍යන්තර විගණක පත්කිරීම
↓
විගණකගේ කාර්යයන් නිශ්චය කිරීම
↓
📜 අභ්‍යන්තර විගණන වාර්තාව
➔ පිටපත (විගණන දෙපාර්තමේන්තුවට)
↓
අභ්‍යන්තර විගණන වාර්තාව සභා ගත කිරීම
බාහිර විගණන / විමසුම් ක්‍රියාවලිය
වාර්ෂික හා මාසික ගණුදෙනු විගණන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
↓
📄 විගණන විමසුම
↓
විගණන විමසුම් ලේඛනයේ සටහන් කිරීම
වාර්ෂික ගිණුම් විගණකාධිපති වෙත යොමු කිරීම
↓
📜 විගණකාධිපතිගේ වාර්ෂික වාර්තාව
↓
විගණන විමසුම සහ විගණකාධිපති වාර්ෂික වාර්තාව සභාගත කිරීම
↓
විගණන විමසුම විෂයන් වෙත යොමු කිරීම
↓
❓ අවසන් පිළිතුරක් යැවිය හැකි ද?
නැත ➔ අතුරු පිළිතුරු යැවීම
ඔව් ➔ අවසන් පිළිතුරු යැවීම
↓
අවසන් පිළිතුරු ගිණුම් කාරක සභාවේ අවධානයට යොමු වීම
↓
ගිණුම් කාරක සභාවේ විමසීම් ලැබීම
↓
ගිණුම් කාරක සභාවේ විමසීම් සඳහා පිළිතුරු ප්‍රමාදයකින් තොරව සැපයීම
↓
ගිණුම් කාරක සභාවට සහභාගිවීම ➔ (දකුණු කමිටු පද්ධතියට සම්බන්ධ වේ)
කමිටු පද්ධතිය
විගණන හා කළමනාකරණ කමිටුව පත් කිරීම
↓
කමිටුවේ රැස්වීම් පැවැත්වීම
↓
විගණන නිරීක්ෂණයන් සාකච්ඡා කිරීම
↓
විගණනය හා ගිණුම් කාරක සභාව පෙන්වා දී ඇති නිරීක්ෂණයන් හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා පාලන පද්ධති වැඩි දියුණු කිරීම
↓
📜 කමිටු වාර්තාව
↓
කමිටු වාර්තාව සභා ගත කිරීම
Feedback
Scroll to Top