කාර්මික අංශය

01.1 හැඳින්වීම
(අ) පළාත් පාලන ආයතන වෙත පැවරී තිබෙන කර්තව්‍යය අතර, ජනතාවගේ සුභ විහරණය, පහසුව, සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීම යන කරුණු ඇතුළත් වේ. මේ යටතේ යම් ගසකින් හෝ ඉන් කිසියම් කොටසකින් බාහිර තැනැත්තෙකුට ඇති විය හැකි අනතුරුදායක තත්වය ඉවත් කරවීම සඳහා පළාත් පාලන ආයතනයේ විධායක ප්‍රධානියා වෙත බලතල පැවරීම නීතියෙන් සිදු කර ඇත.

(ආ) මේ බලය ක්‍රියාත්මක කරවා ගැනීමට ඉල්ලුම් කරන යම් තැනැත්තෙකුගේ ඉල්ලීම සත්‍ය වශයෙන්ම නිවැරදි ද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව පමණක් මේ බලතල ක්‍රියාත්මක කිරීම යෝග්‍ය වේ.

(ඇ) යම් අවස්ථාවක තැනැත්තෙකුගේ දේපළකට හෝ ජීවිතයට හානි සිදු විය හැකි යම් ගසක් සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීම අවශ්‍ය වන බව කරුණු ඇති විට, ඒ ගස කපා ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කිරීමට පෙර, ඒ ගස 1956 අංක 9 දරණ ගස් කපා හෙළීම පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද නියෝග වලින් තහනම් කර ඇති ගසක් ද නැත ද යන්න තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

(ඈ) ඇතැම් තැනැත්තන් අතර (ඉඩම් හිමිකරුවන් හෝ පවුල් අතර) පවතින පෞද්ගලික ආරවුල් සම්බන්ධ කර ගනිමින් මෙවැනි ඉල්ලීම් පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක කරුණු පරීක්ෂා කිරීමෙන් පසුව, සත්‍ය වශයෙන්ම ඒ යම් ගසකින් අනතුරුදායක තත්වයක් පවතින්නේ නම් පමණක් මේ බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් පාලන ආයතනයේ විධායක ප්‍රධානියා සැලකිලිමත් වීම අනිවාර්යයෙන්ම කළ යුතුය.
01.2 නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 107 වන වගන්තිය.
(ආ) 1956 අංක 9 දරණ ගස් කපා හෙළීම පාලනය කිරීමේ පනත.
01.3 සුදුසුකම්
පළත සඳහන් කරුණු සම්පූර්ණ වී ඇති අවස්ථාවක, ඒ තැනැත්තා මේ සහනය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

(අ) අනතුරුදායක තත්වය පවතින ගස තමාට අයිත් ඉඩමක පිහිටා නැති ගසක් විය යුතුය.
(ආ) ගස අයිත් වන තැනැත්තා නොවන වෙනත් යම් තැනැත්තෙකුට, ඒ යම් ගසක අත්තකින්, කඳකින්, ගෙඩියකින් හෝ සම්පූර්ණ ගසෙන් අනතුරුදායක තත්වයක් පැවතිය යුතුය.
සටහන: ගස පවතින ඉඩමේ අයිතිය ඉල්ලුම් කරන තැනැත්තා ද ඇතුළුව වෙනත් තැනැත්තන්ට ද හවුලේ පවතින ඉඩමක් වන විට හෝ ඒ ගස පවතින ඉඩමේ අයිතිය පිළිබඳ අධිකරණ ක්‍රියා මාර්ග ගනිමින් පවතින අවස්ථාවක හෝ ඉඩමේ අයිතිය පිළිබඳ ආරවුලක් පවතින අවස්ථාවක, ඒ ගසින් සිදු විය හැකි අනතුරුදායක තත්වය සම්බන්ධ ඉල්ලීමක් ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියා කිරීමට භාර ගැනීම නොකරනු ඇත. නමුත් අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවක නඩුවේ පාර්ශවයන් වෙත මෙම තත්වය මෝසමක් මඟින් කරුණු වාර්තා කොට අධිකරණයේ අවසර ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
01.4 & 01.5 ගාස්තුව
පළාත් පාලන ආයතනය විසින් කලින් කළ තීරණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන ඉල්ලුම් පත්‍ර ගාස්තුව අදාළ වේ.
01.6 කාර්යය පරිපාටිය
පටිපාටිය කාල සීමාව වගකීම
ගාස්තුව අය කර ගෙන සම්පූර්ණ කළ අනතුරුදායක ගස් පිළිබඳ ඉල්ලුම් පත්‍රය භාර ගැනීම. - පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී හා මුදල් එකතුකැමී
ඉල්ලුම් පත්‍රය පිළිබඳ ඉදිරි කටයුතු සඳහා නියෝග ලබා ගැනීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු දින පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
නිරීක්ෂණ හා නිර්දේශ ලබා දෙන ලෙස නියෝග කිරීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු දින සභාපති / ලේකම්
ඉල්ලුම් සම්බන්ධ තාක්ෂණික නිලධාරී මගින් නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු දින සිට දින හතක් ඇතුළත තාක්ෂණික නිලධාරී
තාක්ෂණික නිලධාරීගේ නිර්දේශ අනුව ගසේ හිමිකරුට හෝ පදිංචිකරුට / ඉල්ලුම්කරුට දැනුම් දීම. නිර්දේශ ලැබුණු දිනම සභාපති / ලේකම් / විෂය භාර නිලධාරී
නියෝගය අනුව කටයුතු කර ඇති බව තහවුරු කර ගැනීම. නියෝගය මඟින් ලබාදුන් කාලය අවසන් වන දින. තාක්ෂණික නිලධාරී / සභාපති / ලේකම්
නියෝගය පැහැර ඇති විට / පළාත් පාලන ආයතනය මඟින් නියෝගය ක්‍රියාත්මක කිරීම. ලිඛිත නියෝගය ලැබුණු වහාම සභාපති / ලේකම් / බලය පවරන ලද නිලධාරී
අදාළ කාර්යය ඉටු කිරීමට දරණ ලද වියදම ගණන් බලා ඒ මුදල් ගෙවන ලෙස ඒ තැනැත්තාට ලිඛිතව දැනුම් දීම. අදාළ කාර්යය නිම කළ දිනයේදීම සභාපති / ලේකම් / විෂය භාර නිලධාරී
අදාළ මුදල් ගෙවීම ඒ තැනැත්තා පැහැර හැර ඇති විට, ඒ මුදල් අය කර දෙන ලෙස මහේස්ත්‍රාත් වෙත ඉල්ලීමක් ගොනු කිරීම. අදාළ මුදල් ගෙවීමට නියම කළ අවසන් දිනයට පසු දින සභාපති / ලේකම්
අදාළ මුදල් දඬුවමක් ලෙස අය කිරීමට නියෝග නිකුත් කිරීම. - මහේස්ත්‍රාත්
අදාළ මුදල් වගඋත්තරකරුගෙන් අය කරගෙන ලද පත්‍රයක් නිකුත්කර, අයකරගත් මුදල් සභා අරමුදලේ තැන්පත් කිරීම. ගෙවීම් කළ දිනයේම ලේකම් / විෂය භාර නිලධාරී
02.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත කෙරෙන සෑම ඉදිකිරීමක් සඳහාම පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ඉදිකිරීම් බලපත්‍රයක් යටතේ පමණක් සිදු කළ යුතුය. මෙසේ අනුමතය නොමැතිව කරන ලද සෑම ඉදිකිරීමක්ම අනවසර ඉදිකිරීමක් වශයෙන් සලකා ක්‍රියා කරනු ලැබේ. මේ අනවසර ඉදිකිරීම් නෛතික විධිවිධාන වලට අනුගත කරමින් ඊට ආවරණ අනුමතය දීම සඳහා ක්‍රියා කිරීමට අවස්ථාව සලසා දී ඇත. පවතින නෛතික විධිවිධාන, කොන්දේසි හා නියමවලට අනුරූප වන පරිදි ගොඩනැගිල්ලේ කළ යුතු අවශ්‍ය වෙනස් කිරීම් ඇති කිරීමට යටත්ව මේ ආවරණ අනුමතය ලබා දෙනු ලැබේ.
සටහන:
1. හඳුන්වා දී ඇති කොන්දේසි හා නියම වලට පටහැනි වන අවස්ථාවකදී, මේ ආවරණ අනුමතය ලබාදීම ප්‍රතික්ෂේප කරනු ඇත.
2. ආවරණ අනුමතය දීම සලකා බැලීම සඳහා පෙරසැරි ගාස්තු ගෙවා ඉදිකිරීම් බලපත්‍රයක් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනවසර ඉදිකිරීම සඳහා ආවරණ අනුමතය ලබා දිය හැකි නම් හෝ බලපැවැත්වෙන නියම අනුව ඉදිකිරීමවලට කළ යුතු වෙනස් කිරීම සඳහා ඉල්ලුම්කරු එකඟ වන්නේ නම් පමණක්, මේ ආවරණ ගාස්තු අය කර ගැනීමෙන් පසුව ආවරණ අනුමතය දීම සලකා බලනු ලැබේ.
02.2 නෛතික අධිකාරිය
(අ) 268 වන අධිකාරිය වූ නිවාස හා නගර සංවර්ධන ආඥා පනත සහ ඒ යටතේ ඇති නියෝග, සංශෝධන සහ උපදෙස්.

(ආ) 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත. 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනැති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි, සංශෝධන සහ උපදෙස්.

(ඇ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත 47, 49, 52, 96, සහ 97 වනවගන්ති.

(ඈ) 1981 අංක 57 වෙරළ සංරක්ෂණ පනත සහ ඒ යටතේ ඇති නියෝග, සංශෝධන සහ උපදෙස්.

(ඉ) 2006 අංක 01 දරණ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ (ප්‍රවේශ) නියෝග, සංශෝධන සහ උපදෙස්.

(ඊ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
02.3 ඉදි කිරීම් බලපත්‍රයක වලංගුතාව
(අ) නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතට අයත් ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමකට අදාළ ගොඩනැඟිලි ඉදිකිරීම් සැලැස්ම සභාපතිවරයා විසින් ආවරණ අනුමතය ලබා දෙමින් අත්සන් කර තිබිය යුතුය.

(ආ) 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් “නාගරික සංවර්ධන ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමක් වන විට සැලසුම් කමිටුවේ නිර්දේශ යටතේ ගොඩනැඟිලි සැලසුමේ මුහුණතෙහි සභාපතිවරයා විසින් ආවරණ අනුමතය දෙමින් අත්සන් කරන ලද ඉදිකිරීම් සැලැස්ම සහ ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලය පවරනු ලැබූ තැනැත්තා විසින් ආවරණ අනුමතය දෙමින් අත්සන් කරන ලද ඉදිකිරීම් බලපත්‍රයක් විය යුතුය.

(ඇ) මේ කවර බලපත්‍රයක් වුව ද වලංගු වන්නේ බලපත්‍රය නිකුත් කළ දින සිට එක් වර්ෂයක කාලයක් සඳහා පමණි. ඒ කාල තුළ පවතින නෛතික විධිවිධානවලට අනුව ගොඩනැඟිල්ලේ කළ යුතු වෙනස් කිරීම සහ ආවරණ අනුමතය දී ඇති ගොඩනැඟිලි සැලසුමේ ඉතිරි ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වන්නේ නම්, අවස්ථා දෙකක දී තවත් වසරක් බැගින් වලංගු කාලය දීර්ඝ කර ගත හැකිය. ආවරණ අනුමතය ලබා දුන් දින සිට වසර තුනක කාලය අවසන් වන තෙක් කටයුතු අවසන් කිරීමට නොහැකි වුවහොත් අලුත් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර අලුතෙන් ඉදිකිරීම් බලපත්‍රය ලබා ගත යුතුය.
සටහන: නිකුත් කළ බලපත්‍රය යටතේ ඉදි කරන ලද ගොඩනැඟිල්ල භාවිතයට ගැනීමට පෙර අනුකූලතා සහතිකය ලබා ගත යුතු ය. (මේ සඳහා වන පරිපාටිය වෙනම දක්වා ඇත.)
02.4 සුදුසුකම්
(අ) පළාත් පාලන ආයතනය සතු සීමාව තුළ පවතින ඉඩමක් විය යුතුය.

(ආ) අයදුම්කරු දේපළෙහි නීත්‍යානුකූල හිමිකරු විය යුතුය. නැතහොත් ඔහුගෙන් ඇටෝර්නි බලය ලබා ගත් තැනැත්තෙකු විය යුතුය.

(ඇ) පළාත් පාලන ආයතනය විසින් වරිපනම් අය කිරීමේ කලාපයක් තුළ ඉඩම පවතින්නේ නම්, අදාළ දේපළෙහි නීත්‍යානුකූල අයිතිය ඇති තැනැත්තාගේ නම තක්සේරු ලේඛනයෙහි ඇතුළත් වී තිබිය යුතුය. (තක්සේරු ලේඛනයේ නම ඇතුළත් කර ගැනීම සඳහා දේපළ අයිතිය ලියාපදිංචි කර ගැනීමේ පටිපාටිය බලන්න)

(ඈ) (i) නිවාස හා නගර සංවර්ධන ආඥාපනත අදාළ වන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, නිවාස හා නගර සංවර්ධන ආඥාපනත සහ ඒ යටතේ ඇති නියෝග, සංශෝධන සහ උපදෙස් අනුව ඉදිකිරීම සිදු කර තිබිය යුතුය. නැතහොත් ඒ නියෝග වලට අනුව අවශ්‍ය වෙනස් කිරීම සහිතව සැලැස්ම ඇඳ තිබිය යුතුය.
(ii) නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනැති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි වල දක්වා ඇති නියම අනුව ඉදිකිරීම සිදු කර තිබිය යුතුය. නැතහොත් ඒ නියෝග වලට අනුව අවශ්‍ය වෙනස් කිරීම සහිත ව සැලැස්ම ඇඳ තිබිය යුතුය. අදාළ ඉඩමේ පිඹුර ඒ නියෝගවලට අනුව අනුමත කර තිබිය යුතුය.
02.5 ගාස්තු
(අ) ඉල්ලුම් පත් ගාස්තුව රු. ........ කි. (මුද්‍රණ වියදම පියා ගැනීමට පමණක් මේ ගාස්තුව පළාත් පාලන ආයතනය විසින් කලින් කළ නිර්ණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන පරිදි විය යුතු ය.)

(ආ) පහත දැක්වෙන ආකාරයෙන් වූ ගොඩනැගිලි ඉදිකිරීම් බලපතු ඉල්ලුම් පත්‍රයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අය කරනු ලබන පෙරසැරි ගාස්තු සහ ආවරණ අනුමතය දීම සඳහා අය කරන ගාස්තු:
(i) නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත ප්‍රදේශයක් වන විට 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනැති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි වල 2 වන උපලේඛනයේ සඳහන් සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීම සහ කාලය දීර්ඝ කිරීම සඳහා වන පෙරසැරි ගාස්තු සහ ආවරණ අනුමතය ලබාදීම සඳහා වන සේවා ගාස්තුව.
(ii) නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට පෙරසැරි ගාස්තුව සහ ආවරණ අනුමතය ලබාදීම සඳහා වන සේවා ගාස්තුව පළාත් පාලන ආයතනය විසින් කලින් කළ නිර්ණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන පරිදි විය යුතුය. මෙම සීමාව නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ වූ ප්‍රකාශිත ප්‍රදේශයට අදාළ වන ගාස්තු නොඉක්ම විය යුතුය.
සටහන: ආවරණ අනුමතය ලබාදීම සඳහා ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍රය ඊට අදාළ පෙරසැරි ගාස්තු ගෙවීමෙන් පසු, ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කරනු ලබන අතර, ඒ අනවසර ඉදිකිරීම සඳහා ආවරණ අනුමතය ලබා දිය හැකි නම් හෝ බලපැවැත්වෙන නියම අනුව ඉදිකිරීමවලට කළ යුතු වෙනස් කිරීම සඳහා ඉල්ලුම්කරු එකඟ වන්නේ නම් පමණක්, මේ ආවරණ ගාස්තු අය කර ගැනීමෙන් පසු ආවරණ අනුමතය දීම සලකා බලනු ලැබේ. ඉහත මිල ගණන් ඉදිරියේදී සිදුකරනු ලබන සංශෝධනවලට යටත් වේ.
02.6 ඉදිරිපත් කළ යුතු ලේඛන
ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේ දී ඉදිරිපත් කළ යුතු සෑම ලේඛනයක්ම ඉදිරිපත් කළ යුතුය.
02.7 කාර්යය පරිපාටිය
ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේදී අනුගමනය කළ යුතු පරිපාටිය ඒ ආකාරයෙන්ම අනුගමනය කළ යුතුය. මෙහිදී අනවසර ඉදිකිරීම සඳහා ආවරණ අනුමතය ලබා දිය හැකි නම් හෝ බලපැවැත්වෙන නියම අනුව ඉදිකිරීමවලට කළ යුතු වෙනස් කිරීම් සිදු කිරීමට ඉල්ලුම්කරු එකඟ වන්නේ නම් පමණක් අදාළ පරීක්ෂාවන් හා අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ලැබේ.
03.1 හැඳින්වීම
ඉදි කිරීම් බලපත්‍රයක් ලබාගෙන සිදු කරන ලද යම් ඉදිකිරීමක් සැලැස්මට සහ බලපත්‍රයේ දැක්වෙන නියම කළ කොන්දේසි වලටම අනුකූල ව ඉදි කර ඇති බවට නිකුත් කරනු ලබන සහතිකයකි. අනුකූලතා සහතිකයක් නිකුත් කිරීමට පෙර අදාළ ගොඩනැඟිල්ල නේවාසික පදිංචිය හෝ වෙනත් කාර්යයකට යොදා ගැනීම නොකළ යුතු ය. නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතේ සහ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ නිකුත් කරනු ලබන ඉදි කිරීම් බලපත්‍ර වර්ග දෙකටම මේ අනුකූලතා සහතිකය අදාළ වේ.
සටහන: නිවාස හා නගර සංවර්ධන ආඥාපනත අදාළ වන යම් ප්‍රදේශයක් සඳහා ඉඩම් සංවර්ධනයකට හෝ ඉඩම් අනු බෙදීමකට අනුකූලතා සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය නොවේ.
03.2 නෛතික අධිකාරිය
(අ) 268 වන අධිකාරිය වූ නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ 15 වන වගන්තිය.

(ආ) 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත. 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 8 වන වගන්තිය සමඟ කියවිය යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වන වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි, සංශෝධන සහ උපදෙස්.

(ඇ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
03.3 සුදුසුකම්
ඉදි කිරීම් බලපත්‍රයක් ලබාගෙන, අනුමත සැලැස්මට සහ බලපත්‍රයේ කොන්දේසිවලට යටත්ව ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර තිබීම.
03.4 ගාස්තුව
(අ) පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණ කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන පරිදි මුද්‍රණ හා සේවා වියදම් ආවරණ කර ගැනීම සඳහා වන ඉල්ලුම් පත් ගාස්තුවක් ගෙවිය යුතුය.

(ආ) අනුකූලතා සහතිකය නිකුත් කිරීමේ පෙරසැරි ගාස්තු පහත පරිදි වේ:
(i) නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත ප්‍රදේශයක් වන විට 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 8 වන වගන්තිය සමඟ කියවිය යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වන වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි වල 2 වන උපලේඛනයේ සඳහන් අනුකූලතා සහතිකය නිකුත් කිරීම සඳහා වන සේවා ගාස්තුව.
(ii) නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට අනුකූලතා සහතිකය නිකුත් කිරීම සඳහා වන සේවා ගාස්තුව පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණ කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන පරිදි විය යුතුය. මෙම සීමාව නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ වූ ප්‍රකාශිත ප්‍රදේශයකට අදාළ වන ගාස්තු නොඉක්මවිය යුතුය.
සටහන 01: ඉහත මිල ගණන් ඉදිරියේදී සිදුකරනු ලබන සංශෝධනවලට යටත්වේ.
03.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
(අ) ඉල්ලුම් පත්‍රය:
i. නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත ප්‍රදේශයක් වන විට පනත 1 වන උපලේඛනයේ සඳහන් අයදුම් පත්‍රය. “ආ ආකෘතිය”.
ii. සියලු ඉදි කිරීම් කටයුතු අනුමත සැලැස්මට හා සංවර්ධන බලපත්‍රයේ සඳහා සියලු කොන්දේසි වලට අනුව ඔහුගේ අධීක්ෂණය යටතේ නිම කර ඇති බවට සුදුසුකම් ලත් තැනැත්තා හෝ තැනැත්තියගෙන් ලබාගත් සහතිකය.
iii. සංවර්ධන බලපත්‍රයට අදාළ ව්‍යೂහාත්මක තොරතුරු වලට ඔහුගේ හෝ ඇයගේ සජු අධීක්ෂණය යටතේ ඉදි කිරීම් සිදු කෙරුණු බවට අදාළ පරිදි වරලත් සිවිල් ව්‍යೂහාත්මක ඉංජිනේරුවරයාගෙන් ලබාගත් සහතිකය.
iv. ගොඩනැඟිල්ලේ යාන්ත්‍රික විදුලි, ජලප්‍රවාහන, ස්කැලේටෝර්, සෝපාන, ආලෝකරණ, සංවාතානය, වායුසමනයකරණ, ගොඩනැඟිල්ල උණුසුම් කිරීමට අදාළ සේවා කටයුතු, මළප්‍රවාහන පද්ධතිය, වැසිකළ කළමනාකරණය, ගිනි ආරක්ෂණ, සන්නිවේදන සහ ජාල ආරක්ෂාව හෝ වෙනත් සම්බන්ධිත කටයුතු සඳහා සංවර්ධන බලපත්‍රයේ පිරිවිතරයන්ට අනුකූලව සිදු කෙරුණු බවට සුදුසුකම්ලත් තැනැත්තාගෙන් ලබාගත් සහතිකය.
v. ඉඩම් අනු බෙදීමක්, ඒකාබද්ධ කිරීමක් හෝ සංවර්ධනයකදී අනුමත කරන ලැබූ සැලැස්මට හෝ සංවර්ධන බලපත්‍රයේ දක්වා ඇති සියලු කොන්දේසි වලට අනුකූල බවට සුදුසුකම් ලත් තැනැත්තාගෙන් ලබාගත් සහතිකය.
vi. නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට පහත දැක්වෙන II වන උප ලේඛනයේ සඳහන් අයදුම් පත්‍රය. “ආ ආකෘතිය”.

(ආ) ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අඳින ලද දළ සිතියමක්.

(ඇ) ඉඩම් සංවර්ධනයක් නම් අනුමත කරගන්නා ලද පිඹුරු පතේ පිටපතක්, ඉඩම් අනු බෙදීමක්නම් අනුමත කරගන්නා ලද අනු බෙදුම් පිඹුරු පතේ පිටපතක්, හෝ ගොඩනැඟිලි ඉදිකිරීමක්නම් අනුමත කරගන්නා ලද ගොඩනැඟිලි සැලසුම්පතේ පිටපතක්.

(ඈ) ඉඩමේ ඔප්පුවේ හෝ ඇටෝනි බල පත්‍රයේ ඡායා පිටපතක්.
සටහන: අයදුම්කරුගේ නම අදාළ දේපළේ හිමිකරු ලෙස තක්සේරු ලේබයේ ඇතුළත්ව නොමැති නම් ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට පෙර තක්සේරු ලේබනයේ අදාළ සංශෝධන සිදු කර ගත යුතුය.
03.6 කාර්යය පරිපාටිය
පරිපාටිය කාල සීමාව වගකීම
ඉල්ලුම් පත්‍ර ගාස්තුව අය කර ඉල්ලුම් පත්‍රය ලබා දීම. - පෙරවූ කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
පෙරසැරි ගාස්තු අය කරමින් නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාළ අමුණුම් සහිතව භාර ගැනීම සහ ලුහුපතක් නිකුත් කිරීම. - පෙරවූ කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
ඉල්ලුම් පත්‍රය තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරීම. ඉල්ලුම් පත්‍රය භාරගත් දිනයේම. පෙරවූ කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
ස්ථානීය පරීක්ෂණය සිදු කර නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම. දින 07 යි. තාක්ෂණ නිලධාරී
නිවැරදි කිරීම ඇත්නම් දැනුම් දීම. තාක්ෂණ නිලධාරීගේ නිර්දේශ ලැබී පසු වැඩකරන දින 07ක් තුළ. විෂය භාර නිලධාරී / ලේකම්
නා.ස.අ.යටතේ නම් සැලසුම් කමිටුවේ අනුමැතියට යොමු කිරීම./ නි.හා.න.ස.ආ.පනත යටතේ නම් සභාපතිට යොමු කිරීම. තාක්ෂණ නිලධාරීගේ නිර්දේශ ලැබී පසු ආසන්නම සැලසුම් කමිටු දිනය. විෂය භාර නිලධාරී / ලේකම්
අනුමැතිය දීම. සැලසුම් කමිටු දිනය. සභාපති සහ ලේකම්
1. ඉදිකිරීම් වරිපනම් කලාපය ඇතුළත වන විට:-
අ. දේපළෙහි වාර්ෂික වටිනාකම ප්‍රතිශෝධනය ලැබුණු දිනය විෂය භාර නිලධාරී / ආදායම් පරික්ෂක
ආ. ප්‍රතිශෝධිත තක්සේරුව මත වරිපනම් ගෙවන ලෙස ඉල්ලුම්කරුට දන්වීම. ලැබුණු දිනය විෂය භාර නිලධාරී
ඇ. ප්‍රතිශෝධිත තක්සේරුව මත වරිපනම් අය කර ගැනීම, ලුහුපත නිකුත් කිරීම සහ ඒ බව සැලසුම් අංශයට දන්වීම. ලැබුණු දිනය පෙරවූ කාර්යාල නිලධාරී / වරිපනම් විෂය භාර නිලධාරී
ඈ. අනුකූලතා සහතිකය නිකුත් කිරීම හා දේපළ තක්සේරුවට තක්සේරු ලේබනයට ඇතුළත් කිරීම. ලැබුණු දිනය ලේකම් / සභාපති
2. ඉදිකිරීම් වරිපනම් කලාපය තුළ නොවන විට:-
අනුකූලතා සහතිකය නිකුත් කිරීම. ලේකම් / සභාපති
03.7 ඉදිකිරීම් බලපත්‍රයේ සහ ගොඩනැඟිලි සැලසුමේ කොන්දේසි සපුරා නොමැති විට පරිපාටිය.
පරිපාටිය කාල සීමාව වගකීම
කොන්දේසි සපුරා නොමැති බව වාර්තා කිරීම. දින 07 ක් ඇතුළත තාක්ෂණ නිලධාරී / විෂය භාර නිලධාරී
කොන්දේසි සම්පූර්ණ කරන ලෙස ඉල්ලුම්කරුට දන්වීම. දින 07 ක් ඇතුළත විෂය භාර නිලධාරී / ලේකම් / සභාපති
නියමිත දිනට කොන්දේසි සපුරා නොමැති නම් හෝ අනුකූලතා සහතිකයක් නොමැතිව ඉදිකිරීම් භාවිතයට ගන්නේ නම් කොන්දේසි සම්පූර්ණ කරන ලෙස සහ / හෝ භාවිතයට ගැනීම නතර කරන ලෙස දන්වීම. ලැබුණු දිනය (නොපමාව) විෂය භාර නිලධාරී / ලේකම් / සභාපති
දැනුම් දීමට අනුව ක්‍රියා කිරීම පැහැර හැර ඇති විට ඒ බව දන්වා නිවේදන නිකුත් කිරීම. ලැබුණු දිනය (නොපමාව) විෂය භාර නිලධාරී / ලේකම් / සභාපති
නිවේදනයට අනුගත වී නොමැති විට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම. දින 07 ක් ඇතුළත විෂය භාර නිලධාරී / ලේකම් / සභාපති
සටහන:- ඉදිකිරීම් බලපත්‍රයේ හෝ අනුමත සැලසුමේ කොන්දේසිවල දක්වා ඇති ආකාරයෙන් පරිබාහිරව ඉදිකිරීම සිදු කර ඇති අවස්ථාවක, කරන ලද වෙනස් කම් ඇතුළත් කරමින් ගොඩනැඟිලි සැලසුමක් අලුතෙන් ඇඳ ඒ සඳහා නැවත අනුමැතිය සහ ඉදිකිරීම් බලපත්‍රයක් ලබා ගත යුතුය. එසේ නොමැති විට එය අනවසර ඉදිකිරීමක් සේ සලකා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.
04.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බලප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදි කිරීම් නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද නීති මඟින් ඒ බලප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව සහ සුභ සාධනය නියාමනය කිරීමේ අධිකාරී බලය පළාත් පාලන ආයතන වෙත පවරා දෙනු ලැබ ඇත. මේ අනුව, පළාත් පාලන ආයතන බලප්‍රදේශය ඇතුළත කෙරෙන සෑම ඉදි කිරීමක්ම සඳහා පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ඉදි කිරීම් බලපත්‍රයක් යටතේ පමණක් සිදු කළ යුතුය. මේ ඉදි කිරීම් බලපත්‍රය නිකුත් කිරීමේදී සෞඛ්‍ය, සනීපාරක්ෂාව සහ පහසුව පිළිබඳව නියම කළ විධිවිධාන අනුගමනය කළ යුතුය.
04.2 නෛතික අධිකාරිය
(අ) 268 වන අධිකාරිය වූ නිවාස හා නගර සංවර්ධන ආඥාපනත සහ ඒ යටතේ ඇති නියෝග, සංශෝධන සහ උපදෙස්.

(ආ) 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත. 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනැති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි, සංශෝධන සහ උපදෙස්.

(ඇ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත 47, 49, 52, 96 සහ 97 වන වගන්ති.

(ඈ) 1981 අංක 57 වෙරළ සංරක්ෂණ පනත සහ ඒ යටතේ ඇති නියෝග, සංශෝධන සහ උපදෙස්.

(ඉ) 2006 අංක 01 දරණ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ (ප්‍රවේශ) නියෝග, සංශෝධන සහ උපදෙස්.

(ඊ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
04.3 ඉදිකිරීම් බලපත්‍රයක වලංගුතාව
(අ) නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතට අයත් ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමකට අදාළ ගොඩනැඟිලි ඉදිකිරීම් සැලැස්ම සභාපතිවරයා විසින් අත්සන් කර තිබිය යුතුය.

(ආ) 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් “නාගරික සංවර්ධන ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමක් වන විට සැලසුම් කමිටුවේ නිර්දේශ යටතේ ගොඩනැඟිලි සැලසුමේ මුහුණතෙහි සභාපතිවරයා හෝ ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලය පවරනු ලැබූ තැනැත්තා විසින් අත්සන් කරන ලද ඉදිකිරීම් සැලැස්ම සහ ඉදිකිරීම් බලපත්‍රයක් විය යුතුය.

(ඇ) මේ කවර බලපත්‍රයක් වුව ද වලංගු වන්නේ බලපත්‍රය නිකුත් කළ දින සිට එක් වර්ෂයක කාලයක් සඳහා පමණි. ඒ කාල තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වන්නේ නම්, අවස්ථා දෙකක දී තවත් වසරක් බැගින් වලංගු කාලය දීර්ඝ කර ගත හැකිය. බලපත්‍රය නිකුත් කළ දින සිට වසර තුනක කාලය අවසන් වන තෙක් ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකිවුවහොත් අලුත් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඉදිකිරීම් බලපත්‍රය ලබා ගත යුතුය.
සටහන: නිකුත් කළ බලපත්‍රය යටතේ ඉදි කරන ලද ගොඩනැඟිල්ල භාවිතයට ගැනීමට පෙර අනුකූලතා සහතිකය ලබා ගත යුතු ය. (මේ සඳහා වන පරිපාටිය වෙනම දක්වා ඇත.)
04.4 සුදුසුකම්
(අ) පළාත් පාලන ආයතන බල සීමාව තුළ පවතින ඉඩමක් විය යුතුය.

(ආ) අයදුම්කරු දේපළෙහි නීත්‍යානුකූල හිමිකරු විය යුතුය. නැතහොත් ඔහුගෙන් ඇටෝර්නි බලය ලබා ගත් තැනැත්තෙකු විය යුතුය. (ගොඩනැඟිලි අයදුම්පත්‍රයේ අත්සන් කිරීමට හැකි බව සඳහන් වී තිබිය යුතු ය.)

(ඇ) පළාත් පාලන ආයතනය විසින් වරිපනම් අය කිරීමේ කලාපයක් තුළ ඉඩම පවතින්නේ නම්, අදාළ දේපළෙහි නීත්‍යානුකූල අයිතිය ඇති තැනැත්තාගේ නම තක්සේරු ලේඛනයෙහි ඇතුළත් වී තිබිය යුතුය. (තක්සේරු ලේඛනයේ නම ඇතුළත් කර ගැනීම සඳහා දේපළ අයිතිය ලියාපදිංචි කර ගැනීමේ පටිපාටිය බලන්න)

(ඈ) (i) නිවාස හා නගර සංවර්ධන ආඥාපනත අදාළ වන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, නිවාස හා නගර සංවර්ධන ආඥාපනත සහ ඒ යටතේ ඇති නියෝග, සංශෝධන සහ උපදෙස් අනුව ඉදිකිරීම් සැලැස්ම ඇඳ තිබිය යුතුය.

(ii) නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනැති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි වල දක්වා ඇති නියම අනුව අඳින ලද ඉදිකිරීම් සැලැස්මක් තිබිය යුතු අතර, අදාළ ඉඩමේ පිඹුර ඒ නියෝගවලට අනුව අනුමත කර තිබිය යුතුය.
04.5 ගාස්තු
(අ) ඉල්ලුම්පත් ගාස්තුව රු. . . . . . කි. (මුද්‍රණ වියදම පියා ගැනීමට පමණක් මේ ගාස්තුව පළාත් පාලන ආයතනය විසින් කලින් කල නිර්ණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන පරිදි විය යුතුය.)

(ආ) ගොඩනැඟිලි ඉදිකිරීම බලපත්‍ර ඉල්ලුම් පත්‍රයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පළාත් පාලන ආයතනය විසින් අය කරනු ලබන ගාස්තු (පෙරසැරි ගාස්තු) පහත පරිදි වේ:
(i) නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත ප්‍රදේශයක් වන විට 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනැති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි වල 2 වන උපලේඛනයේ සඳහන් සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීම සහ කාලය දීර්ඝ කිරීම සඳහා වන පෙරසැරි ගාස්තුව.
(ii) නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට ගොඩනැඟිලි ඉදිකිරීම බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන සේවා ගාස්තුව පළාත් පාලන ආයතනය විසින් කලින් කල නිර්ණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන පරිදි විය යුතුය. මෙම සීමාව නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ වූ ප්‍රකාශිත ප්‍රදේශයට අදාළ වන ගාස්තු නොඉක්මවා තිබිය යුතුය.
(iii) ඉදිකිරීම් බලපත්‍රය අලුත් කිරීමේ ගාස්තුව පළාත් පාලන ආයතනය විසින් කලින් කල නිර්ණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන පරිදි විය යුතුය.
04.6 ඉදිරිපත් කළ යුතු ලේඛන
(i) නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට, එහි නියෝග සහ රෙගුලාසි වලට අනුව සකස් කරන ලද, අවස්ථාවෝචිත පරිදි මුද්‍රිත හෝ මාද්‍යංශ සැලසුම් පිටපත් 3ක් සමඟ මෙයට අමුණා ඇති අමුණුම් අංක 01 ආකෘතියේ සඳහන් ගොඩනැඟිලි අයදුම් පත්‍රය සහ අදාළ ආකෘතියේ දැක්වෙන ලේඛන.

(ii) නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත ප්‍රදේශයක් වන විට, එහි නියෝග සහ රෙගුලාසි වලට අනුව සකස් කරන ලද, අවස්ථාවෝචිත පරිදි ජාත්‍යන්තර “ඊ” ශ්‍රේණියේ සම්මත මෙට්‍රික් ප්‍රමාණයේ මුද්‍රිත හෝ මාද්‍යංශ සැලසුම් පිටපත් 5ක් සමඟ මෙයට අමුණා ඇති අමුණුම් අංක 02 ආකෘතියේ සඳහන් ගොඩනැඟිලි අයදුම් පත්‍රය සහ අදාළ ආකෘතියේ දැක්වෙන ලේඛන. සියලුම අයදුම්පත් සමඟ එම ආකෘතියේ අමුණුම් අංක 01, 02 පරිදි අයදුම්කරුගේ සහ ඉඩම් හිමිකරුගේ ප්‍රකාශ සහ අමුණුම් අංක 03, 04, 05, 06 පරිදි අංක 2235/54 දරණ 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි වල සඳහන් 3 වන උපලේඛනයේ අදාළ සුදුසුකම් ලත් තැනැත්තන්ගේ ප්‍රකාශයන් සමඟ අදාළ පළාත් පාලන ආයතනය වෙත යොමු කළ යුතුය.
සටහන්:
1. ගඟකට, ඇළකට, දොළකට හෝ ස්වාභාවික ජල මාර්ගයකට යාබද ඉඩමක ගොඩනැඟිල්ල ඉදිකිරීමට අදහස් කරන විට, අවස්ථාවෝචිත පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හෝ මහවැලි සංවර්ධන අධිකාරියේ හෝ වෙනත් අදාළ වන්නාවූ ආයතන වල නිරුද්‍ර සහතිකයක් (මුල් පිටපත සහ ඡායා පිටපත් දෙකක්) අමුණා තිබිය යුතුය.
2. ප්‍රකාශයට පත් කළ පුරා භූමි බල ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමක් වන විට ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් අදාළ වන්නාවූ ආයතන වල නිරුද්‍ර සහතික (මුල් පිටපත සහ ඡායා පිටපත් දෙකක්) අමුණා තිබිය යුතුය.
3. අමුණුම් අංක 1 හෝ 2 අන්තර්ජාලය මඟින් වුවද බාගත කළ හැකිය.
4. ස්ථානය පහසුවෙන් සොයාගත හැකිවන පරිදි දළ සටහනක්.
04.7 කාර්යය පරිපාටිය
සටහන:
1. නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට මෙහි පහත දැක්වෙන අමුණුම් අංක 01 ආකෘතිය සහ එහි සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.
2. නාගරික සංවර්ධන ප්‍රදේශයක කෙරෙන ඉදිකිරීමක් වන විට මෙහි පහත දැක්වෙන අමුණුම් අංක 02 ආකෘතිය අනුව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය සහ එහි සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.
3. අයදුම්කරුගේ නම අදාළ දේපළේ හිමිකරු ලෙස වරිපනම් ලේඛනයේ ඇතුළත්ව නොමැති නම් ඉදිකිරීම් බලපත්‍ර ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට පෙර වරිපනම් ලේඛනයේ අදාළ සංශෝධන සිදුකර ගතයුතුය.
පරිපාටිය කාල සීමාව වගකීම
ඉල්ලුම්පත්‍රය භාර මඟ හැරීම. (නා.ස.අ. ප්‍රදේශයක් වන නම්, ජලය බෝරා ඇති බෝධ්‍ය ඇත්තේ ද සහ 2021 නා.ස.අ. සැලැස්ම් හා සංවර්ධන නියෝග / රෙගුලාසි මඟින් දක්වා ඇති බෝධ්‍ය නෙ ද ජල සැලැස්ම නිර්දේශ කිරීමට ඒ අමාධ්‍යය වෙත යොමු කිරීම.) - පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
නිර්දේශය අවශ්‍යවන සේ ඉල්ලුම් පත්‍රය යොමු කිරීම. (ඉල්ලුම් පත්‍රය සම්පූර්ණවන විට, ඒ පිළිබඳව විමර්ශ කර දී බෝරා නෙවී යන්නෝය මේ යන්න.) (නා.ස.අ. ප්‍රදේශයක් වන නම් ජලය බෝරා ඇති බෝධ්‍ය පෑන්වා ඇත්තේ නෙ, ඒම අමාධ්‍යය වෙත යොමු කිරීම.) ඉල්ලුම් පත්‍රය භාරගන්නා අවස්ථාවේ දී පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
ගොඩනැගිලි සංචාරය ඇක කර ගැනීම. ඉල්ලුම් පත්‍රය භාරගන්නා අවස්ථාවේ දී පෙරමුතු කාර්යාල නිලධාරී / මුදල් අංශය
ඉල්ලුම් පත්‍රය ලියාපදිංචි කර ගැනීම. ඉල්ලුම් පත්‍රය භාරගන්නා අවස්ථාවේදී පෙරමුතු කාර්යාල නිලධාරී / මුදල් අංශය
ක්ෂේත්‍ර පරීක්ෂණයක් සඳහා ප්‍රදේශයේ තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරීම. ඉල්ලුම් පත්‍රය යොමු කළ දිනමෝ විෂය භාර නිලධාරී / විෂය භාර නිලධාරී
තාක්ෂණ නිලධාරී විසින් ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කර, නිර්දේශය හා නිර්දේශය ඉදිරිපත් කිරීම. ඉල්ලුම් පත්‍රය යොමුකරන දින සිට 07ක් තුළ තාක්ෂණ නිලධාරී
අඩුපාඩු පවතින්නම්, නිවැරදි කරන ලෙස දැන්වීම.
අඩුපාඩු නිවැරදි කළ නොහැකි නම් අනුමැතිය ප්‍රතික්ෂේප කිරීම.
තාක්ෂණ නිලධාරීගේ නිර්දේශ ලැබුණු දින සිට 07ක් තුළ විෂය භාර නිලධාරී / ලේකම් / සභාපති
නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට පටිපාටිය.
පරිපාටිය කාල සීමාව වගකීම
අඩුපාඩු නොමැති හෝ නිවැරදි කළ පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක මඟින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය ලබා ගැනීම සහ මා.ස.අ. සතු මාර්ගයකින් ප්‍රවේශ ලබාගන්නා විට එම අධිකාරියේ නිර්දේශය ලබා ගැනීම. දින සිට 14ක් ඇතුළත. විෂය භාර නිලධාරී / ලේකම් / මහජන සෞඛ්‍ය පරීක්ෂක / සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී / මා.ස.අ. තාක්ෂණ නිලධාරී / මා.ස.අ. විධායක ඉංජිනේරු
අඩුපාඩු පවතින්නම්, නිවැරදි කරන ලෙස දැන්වීම. නිර්දේශය ලැබුණු දින සිට 07ක් තුළ විෂය භාර නිලධාරී / ලේකම්
අඩුපාඩු නොමැති හෝ නිවැරදි කළ පසු නිර්දේශිත කොන්දේසි වේ නම්, එම කොන්දේසි වලට යටත්ව අනුමැතිය ලබා දීම. නිර්දේශය ලැබුණු දින සිට 07ක් තුළ විෂය භාර නිලධාරී / ලේකම් / සභාපති
නාගරික සංවර්ධන ප්‍රදේශයක කෙරෙන ඉදිකිරීමක් වන විට පටිපාටිය.
පරිපාටිය කාල සීමාව වගකීම
අඩුපාඩු නොමැති හෝ නිවැරදි කළ පසු සැලසුම් කමිටුව සහ මා.ස.අ. සතු මාර්ගයකින් ප්‍රවේශ ලබා ගන්නා විට එම අධිකාරියේ නිර්දේශය ලබා ගැනීම. දින සිට 14ක් ඇතුළත. විෂය භාර නිලධාරී / ලේකම් / න.ස.අ. සැලසුම් නිලධාරී/ මා.ස.අ. තාක්ෂණ නිලධාරී / මා.ස.අ. විධායක ඉංජිනේරු
අඩුපාඩු පවතින්නම්, නිවැරදි කරන ලෙස දැන්වීම. නිර්දේශය ලැබුණු දින සිට 07ක් තුළ විෂය භාර නිලධාරී / ලේකම්
අඩුපාඩු නොමැති හෝ නිවැරදි කළ පසු නිර්දේශිත කොන්දේසි වේ නම්, එම කොන්දේසි වලට යටත්ව අනුමැතිය ලබා දීම සහ සංවර්ධන බලපත්‍රය ලබා දීම. නිර්දේශය ලැබුණු දින සිට 07ක් තුළ විෂය භාර නිලධාරී / ලේකම් / සභාපති
අඩුපාඩු නිවැරදි කළ නොහැකි නම් අනුමැතිය ප්‍රතික්ෂේප කිරීම. නිර්දේශය ලැබුණු දින සිට 07ක් තුළ විෂය භාර නිලධාරී / ලේකම් / සභාපති
සටහන :- ඉහත සඳහන් දින සතියේ වැඩ කරන දින වශයෙන් සැලකිය යුතුය.
04.8 ගොඩනැඟිලි බලපත්‍රය අලුත් කිරීම (වලංගු කාලය දීර්ඝ කිරීම)
වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා අනුමත කරනු ලැබූ ගොඩනැඟිලි සැලැස්ම සහ ගොඩනැඟිලි ඉදිකිරීම් බලපත්‍රය යන දෙකෙහිම මුල් පිටපත් සමඟ ලිබිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර, නියමිත ගාස්තුවක් ගෙවිය යුතුය.
පරිපාටිය කාල සීමාව වගකීම
වලංගු කාලය දීර්ඝ කිරීමේ ඉල්ලීම භාර ගැනීම. - පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
තාක්ෂණ නිලධාරී පරීක්ෂාව හා වාර්තාව ලබා ගැනීම. ඉල්ලුම් පත්‍රය භාරගත් දින සිට 07ක් තුළ තාක්ෂණ නිලධාරී
ඉල්ලුම්පත්‍රය දීර්ඝ කිරීමේ අනුමැතිය. දින තුනක් ඇතුළත සභාපති / ලේකම්
සටහන :- ඉහත සඳහන් දින සතියේ වැඩ කරන දින වශයෙන් සැලකිය යුතුය.
05.1 හැඳින්වීම
නොපවරා ගැනීමේ සහතිකය යනු කිසිම නිශ්චල දේපළක් පළාත් පාලන ආයතනයකට පවරා ගැනීමට තත්ත්වයක් උද්ගත වී නොමැති බවට නිකුත් කරනු ලබන සහතිකයකි. කිසිම නිශ්චල දේපළක් පළාත් පාලන ආයතනයකට පවරා ගැනීමට සිදුවන්නේ පළාත් පාලන ආයතනයට නිශ්චල දේපළ තහනම් කිරීමට අදාළ වන ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවකදීය.

ඒ නිශ්චල දේපළ පළාත් පාලන ආයතනයකට අත්පත් කරගෙන විකිණීමෙන් හිඟ මුදල අය කර ගනු ඇත. යම් සංවර්ධන කාර්යයක් සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය හා මෙහි සම්බන්ධතාවක් නැත. කෙසේ වුවද මේ සහතිකය නිකුත් කිරීමෙන් පසු එහි වලංගු කාලය නිකුත් කළ දින සිට මාස 06 උරිමයට යටත් වේ.

නොපවරා ගැනීමේ සහතිකය අවශ්‍ය වන්නේ යම් තැනැත්තකු විසින් තම දේපළ උකසට හෝ අප්‍යට තබා ණය මුදල් ඉල්ලුම්කරන අවස්ථාවක ණය නිකුත් කරනු ලබන මූල්‍ය ආයතනය විසින් කරනු ලබන දන්වීම අනුවය.
05.2 නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 158, 159, 161, 162, 163, 164, 165 සහ 166 වගන්ති.

(ආ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
05.3 සුදුසුකම්
(අ) දේපළෙහි නීත්‍යානුකූල අයිතිකරු විය යුතුය, නැතහොත් නීත්‍යානුකූල අයිතිකරු විසින් ඇටෝර්නි බලපත්‍රයක් මඟින් බලය ලැබූ තැනැත්තෙකු විය යුතුය.

(ආ) සහතිකය ඉල්ලුම් කරන දින වන විට සභාවට අය විය යුතු නිශ්චල දේපළ තහනම් කිරීමට අදාළ වන සියලු මුදල්, ගෙවා අවසන් කර තිබිය යුතුය.
05.4 ගාස්තු
පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන ගාස්තුවක් අය කරනු ලැබේ. මෙය පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන උපදෙස් මාලාව අනුව කටයුතු කළ යුතුය.
05.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
ඉල්ලුම්කරු දේපළෙහි නීත්‍යානුකූල හිමිකාරත්වය ඇති තැනැත්තා වන විට, මෙහි අමුණුම් අංක 01 හි දැක්වෙන ආකෘතියට අනුව පිළියෙළ කළ ඉල්ලුම් පත්‍රයක් සමඟ එහි නියම කර ඇති ලේඛන.

ඉල්ලුම්කරු දේපළෙහි නීත්‍යානුකූල හිමිකාරත්වය ඇති තැනැත්තා නොවන විට ඉහත ආකාරයෙන් වූ ලිපිත ඉල්ලීමක් සමඟ පහත ලේඛන ඉදිරිපත් කළ යුතු ය.

(අ) නීත්‍යානුකූල හිමිකරු විසින් බලය දෙන ලද ඇටෝර්නි බලපත්‍රයේ සහතික කළ පිටපත.

(ආ) අදාළ ඇටෝර්නි බලපත්‍රය නිකුත් කළ තැනැත්තා ජීවත්ව සිටින බවට සහ ඉල්ලුම් කරන දිනය වන තෙක්ම, ඒ ඇටෝර්නි බලපත්‍රය කවර හෝ ආකාරයකින් අවලංගු කර නොමැති බවට ඇටෝර්නි බලප්‍ර ලාභියා විසින් ප්‍රකාශ කරන ලද දිවුරුම් සහතිකයක්.
05.6 කාර්යය පරිපාටිය
නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීම සඳහා අදාළ කාර්ය පරිපාටිය පහත වගුවේ දැක්වේ.
පරිපාටිය කාල සීමාව වගකීම
ඉල්ලුම් පත්‍රය භාර ගැනීම - පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
පළාත් පාලන ආයතනයට ගෙවිය යුතුතුව තිබෙන නිශ්චල දේපළ තහනම් කිරීමට අදාළ වන සියලු මුදල් ගෙවා ඇති බවට තහවුරු කිරීම. මුදල් අය කර ගැනීමට ඇਤිනම්, අයකර ගැනීම සහ රුපත නිකුත් කිරීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු අවස්ථාවේදී පෙරමුතු කාර්යාල නිලධාරී / ආදායම් විෂය භාර නිලධාරී / ලේකම්
නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීමට අනුමැතිය දීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු දිනම ලේකම් / විෂය භාර නිලධාරී
නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු දිනම ලේකම් / විෂය භාර නිලධාරී
06.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් තුළ පවතින ඉඩම් කොටස් කිරීම නියාමනය සඳහා සම්මත කරන ලද නීති මඟින් ඒ බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව සහ සුභ සාධනය නියාමනය කිරීමේ අධිකාරී බලය පළාත් පාලන ආයතන වෙත පවරා දෙනු ලැබ ඇත. මේ අනුව යම් පළාත් පාලන ආයතන බලප්‍රදේශයක් තුළ කෙරෙන සෑම ඉඩම් කොටස් කිරීමක්ම, සඳහා පළාත් පාලන ආයතනය විසින් දෙන ලද අනුමැතියක් යටතේ පමණක් සිදුකළ යුතුය. මේ ඉඩම් කොටස් කිරීමේ බලපත්‍රය නිකුත් කිරීමේ දී බලප්‍රදේශය තුළ සෞඛ්‍ය, සනීපාරක්ෂාව සහ පහසුව පවත්වාගෙනයාම සඳහා නියම කළ විධිවිධාන අනුගමනය කළ යුතුය.
06.2 නෛතික අධිකාරිය
(අ) 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත. 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 21 වගන්තිය යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනැති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි, සංශෝධන සහ උපදෙස්.

(ආ) 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ පනත සහ සංශෝධන.

(ඇ) 268 වන අධිකාරිය වූ නිවාස හා නගර සංවර්ධන ආඥාපනත සහ ඒ යටතේ ඇති නියෝග හා රෙගුලාසි. අංක 12882/22 සහ 2014.10.01 දින හා අංක 1898/28 සහ 2015.01.20 දින හා අංක 1929/45 සහ 2015.08.28 දින දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථාවන්.

(ඈ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
06.3 ඉඩම් කට්ටි කිරීමේ බලපත්‍රයක වලංගුතාව
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් “නාගරික සංවර්ධන ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශයක් තුළ කෙරෙන කවර ආකාරයේ සංවර්ධනය කිරීමක් හෝ ඉඩම් කොටස් කිරීමක් වන විට සැලසුම් කමිටුවේ නිර්දේශ යටතේ සභාපති හෝ ලේකම් (නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලය පවරනු ලැබ ඇති පරිදි) විසින් අත්සන් කරන ලද සංවර්ධන බලපත්‍රයක් විය යුතුය.

නාගරික සංවර්ධන අධිකාරියට යටත් නොවන බලපදේශ සඳහා ඉහත සඳහන් පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා ප්‍රකාරව ප්‍රදේශයක් තුළ හෙක්ටෙයාර් 0.2 (පර්චස් 80) වඩා වැඩි ඉඩමක් හෝ ඉඩමකින් කොටසක් සංවර්ධනය කිරීම හෝ කට්ටි කර විකුණා හෝ අන්සතු කිරීමක් වන විට නිශ්චල සහ නිවාස දේපළ සංවර්ධන කිරීමේ කමිටුවේ නිර්දේශ යටතේ සභාපති විසින් අත්සන් කරන ලද සංවර්ධන බලපත්‍රයක් විය යුතුය.
සටහන: සංවර්ධන බලපත්‍රය ලබා දෙන අවස්ථාවේ දී අනුකූලතා සහතිකය ලබා ගත යුතුය යන කොන්දේසිය ඇතුළත් කර ඇත්තේ නම් නිකුත් කළ සංවර්ධන බලපත්‍රය යටතේ සංවර්ධන කරන ලද නැතහොත් කොටස් කරන ලද ඉඩම භාවිතයට ගැනීමට පෙර අනුකූලතා සහතිකය ලබා ගත යුතුය. (මේ සඳහා වන පරිපාටිය වෙනම දක්වා ඇත.)
06.4 සුදුසුකම්
(අ) අනුමැතියට ඉදිරිපත් කරනු ලබන ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය පනත ප්‍රකාරව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ප්‍රදේශයක් තුළ පවතින ඉඩමක් විය යුතුය. එසේ නොවන බලපදේශ තුළ පිහිටි හෙක්ටෙයාර් 0.2 (පර්චස් 80) වඩා වැඩි ඉඩමක් හෝ ඉඩමකින් කොටසක් සංවර්ධනය කිරීම හෝ කට්ටි කර විකිණීම හෝ අන්සතු කිරීමක් විය යුතුය. (මෙම ප්‍රදේශය තුළ පිහිටි හෙක්ටෙයාර් 0.2 වඩා අඩු ඉඩමක් වන විට අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර නැත)

(ආ) අයදුම්කරු දේපළෙහි නීත්‍යානුකූල හිමිකරු විය යුතුය. නැතහොත් ඔහුගෙන් ඇටෝර්නි බලය ලබා ගත් තැනැත්තෙකු විය යුතුය.

(ඇ) පළාත් පාලන ආයතනය විසින් වරිපනම් අය කිරීමේ කලාපයක් තුළ ඉඩම පවතින්නේ නම්, අදාළ දේපළෙහි අයිතිය නීත්‍යානුකූල අයිතිය ඇති තැනැත්තාගේ නම තක්සේරු ලේඛනයෙහි ඇතුළත් වී තිබිය යුතුය. (තක්සේරු ලේඛනයේ නම ඇතුළත් කර ගැනීම සඳහා දේපළ අයිතිය ලියාපදිංචි කර ගැනීමේ පටිපාටිය බලන්න)

(ඈ) නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ සඳහා ඉඩමේ පිඹුර, ඒ යටතේ සාදනු ලැබූ අංක 2235/54, 2021.07.08 දිනැති ගැසට් මඟින් ප්‍රකාශිත 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි වල දක්වා ඇති නියම අනුව අඳින ලද එකක් විය යුතුය. එසේ නොවන ප්‍රදේශ සඳහා ඉඩමේ පිඹුර ඉහත සඳහන් පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූල විය යුතුය.
06.5 ගාස්තු
(අ) ඉල්ලුම්පත් ගාස්තුව රු. . . . . . කි. (මුද්‍රණ වියදම පියා ගැනීමට පමණක් මේ ගාස්තුව පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන පරිදි විය යුතුය. නාගරික සංවර්ධන අධිකාරියට යටත් නොවන බලපදේශ සඳහා රු. 250 කි.)

(ආ) ඉඩම් කට්ටි කිරීම අනුමත කරවා ගැනීමට ඉල්ලුම් කිරීම සඳහා පෙරසැරි ගාස්තු පහත පරිදි වේ.
නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ සඳහා :-
බිම් කට්ටි ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තුව
බිම් කට්ටියක ප්‍රමාණය එක් බිම් කට්ටියකට අය කරන මුදල
(මාර්ග, කාණු හෝ පොදු කොටස් හැර)
වර්ග මීටර් 150 - 300 අතර රු. 1000.00
වර්ග මීටර් 301 - 600 අතර රු. 800.00
වර්ග මීටර් 601 - 900 අතර රු. 600.00
වර්ග මීටර් 900 ට වැඩි රු. 500.00
නිවාස හා නගර සංවර්ධන ආඥාපනත අදාළ වන බලපදේශ සඳහා :-
බිම් කට්ටි ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තුව
බිම් කට්ටියක ප්‍රමාණය එක් බිම් කට්ටියකට අය කරන මුදල
(මාර්ග, කාණු හෝ පොදු කොටස් හැර)
හෙක්ටෙයාර් එකකට අඩු රු. 500.00
හෙක්ටෙයාර් එකකට වැඩි දෙකට අඩු රු. 700.00
හෙක්ටෙයාර් දෙකට වැඩි හතරට අඩු රු. 1000.00
හෙක්ටෙයාර් හතරට වැඩි රු. 1250.00
සටහන :- ඉහත මිල ගණන් ඉදිරියේදී සිදු කරනු ලබන සංශෝධනවලට යටත් වේ.
06.6 ඉදිරිපත් කළ යුතු ලේඛන
(අ) නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ සඳහා මෙහි පහත 1 වන උපලේඛනයේ “අ ආකෘතිය” සඳහන් ඉඩම් අනුබෙදුම් / ඒකාබද්ධ කිරීමේ හෝ සංවර්ධනය කිරීමේ අයදුම් පත්‍රය සහ අදාළ ආකෘතියේ දැක්වෙන ලේඛන. සියලුම අයදුම්පත් සමඟ එම ආකෘතියේ අමුණුම් අංක 01, 02 පරිදි අයදුම්කරුගේ සහ ඉඩම් අයිතිකරුගේ ප්‍රකාශ සහ අමුණුම් අංක 03, 04, පරිදි අංක 2235/54 දරණ 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලැස්ම් හා සංවර්ධන නියෝග/රෙගුලාසි වල සඳහන් 3 වන උපලේඛනයේ අදාළ සුදුසුකම් ලත් තැනැත්තන්ගේ ප්‍රකාශයන් සමඟ අදාළ පළාත් පාලන ආයතනය වෙත යොමු කළ යුතුය.

(ආ) 268 වන අධිකාරිය වූ නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතේ ඇති ප්‍රදේශයක් සඳහා පහත දැක්වෙන II වන උප ලේඛනයේ “ආ ආකෘතිය.”

(ඇ) ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අඳින ලද දළ සිතියමක්.

(ඈ) නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ සඳහා නාගරික සංවර්ධන (සැලසුම් හා ගොඩනැඟිලි) නියෝග යටතේ අනුබෙදුම් කරන ලද පිබුරු පත්‍රයේ පිටපත් තුනක්. එසේ නොවන ප්‍රදේශ සඳහා බලයලත් මිනින්දෝරුවරයෙකු විසින් අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලව අනුබෙදුම් කරන ලද පිබුරු පත්‍රයේ පිටපත් තුනක්.

(ඉ) නොتාරිස් කෙනෙකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ ඡායා පිටපතක්.
සටහන: අයදුම්කරුගේ නම අදාළ දේපළේ හිමිකරු ලෙස තක්සේරු ලේඛනයේ ඇතුළත්ව නොමැති නම් ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට පෙර තක්සේරු ලේඛනයේ අදාළ සංශෝධන සිදු කර ගත යුතුය.
08.1 හැඳින්වීම
වෙනත් යම් අධිකාරියකට නීතියෙන් පවරන ලද බලතල සහ වගකීම්වලට යටත්ව, පළාත් පාලන ආයතනයේ බල ප්‍රදේශය තුළ පිහිටි සියලු මංමාවත් වලින් හෝ විවෘත භූමිභාග වලින් හෝ ඒවා සම්බන්ධයෙන් හෝ උද්ගත වන සියලු පොදු අයිතිවාසිකම්, සම්බන්ධතා සහ පහසුකම් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම සඳහා ද එම මංමාවත් හෝ විවෘත භූමිභාග පොදු කාර්යයන් සඳහා උපයෝගී කර ගැනීම විධිමත් කිරීම, සකස් කර ගැනීම සහ සංවර්ධනය කිරීම සඳහා ද අවශ්‍ය සියලු පියවර ගැනීම සෑම පළාත් පාලන ආයතනයකම කාර්යය විය යුතු අතර, එසේ පියවර ගැනීමට එම පළාත් පාලන ආයතනවලට බලය පවරනු ලැබ ඇත.
08.2 නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 24 වන වගන්තිය.

(ආ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
08.3 සුදුසුකම්
වෙනත් යම් අධිකාරියකට නීතියෙන් පවරන ලද බලතල සහ වගකීම්වලට යටත්ව, පළාත් පාලන ආයතනයක පරිපාලන සීමා තුළට පිහිටා ඇති ප්‍රධාන මංමාවත් නොවන සියලු මංමාවත් සහ මාර්ග මේ සඳහා සුදුසුකම් ලබයි.
08.4 ගාස්තුව
මේ සඳහා ගාස්තුවක් අය නොකළ යුතුය.
08.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
මාර්ග ගැසට් කිරීම සඳහා, මාර්ග විස්තර ඇතුළත් කර සකස් කරන ලද යෝජනාවක් ඉදිරිපත් කළ යුතුය.
08.6 කාර්යය පරිපාටිය
මාර්ග ගැසට් කිරීම සඳහා අදාළ කාර්ය පරිපාටිය පහත වගුවේ දැක්වේ.
පරිපාටිය කාල සීමාව වගකීම
මාර්ග ගැසට් කිරීම සඳහා යෝජනාව සභාගත කිරීම හා අනුමත කරවා ගැනීම. මාස 01ක් තුළ ලේකම් / සභාපති
අදාළ මාර්ගය පිළිබඳ මිනුම් කටයුතු හා විස්තර වාර්තා සකස් කිරීම. දින 14ක් තුළ තාක්ෂණ නිලධාරී / මිනින්දෝරු
පළාත් සභාවේ හෝ අදාළ අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමු කිරීම. දින 07ක් තුළ ලේකම්
රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. අනුමැතිය ලැබී දින 14ක් තුළ ලේකම් / විෂය භාර නිලධාරී
සටහන :- ඉහත සඳහන් දින සතියේ වැඩ කරන දින වශයෙන් සැලකිය යුතුය.
09.1 හැඳින්වීම
පළාත් පාලනයේ ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව, සහ සුභ සාධනය හා සියලු පහසුකම් ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා වූ පොදු පරිපාලන අධිකාරිය පළාත් පාලන ආයතනය වේ. පළාත් පාලන ආයතන සතු මංමාවත්, පාරවල්, පදි මඟුල්, මේ ආදී ප්‍රසිද්ධ උද්‍යාන, ක්‍රීඩා පිටියක්, වෙළෙඳ මණ්ඩයක්, පැළවක්, හෝ නාන ලිඳක්, විෂය භාර අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව නම් කිරීම හෝ නාමය වෙනස් කිරීම, මේ කාර්යයේ එක් අංගයකි. එලෙස පළාත් පාලන ආයතනයක් සතු කර ඇති හෝ පළාත් පාලන ආයතනයට අයිති මේ ඉඩමක විෂය භාර අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ස්මාරකයක් පිහිටුවීම ද මෙහි එක් අංගයකි.

“ස්මාරකය” යන්නට ධාවන හෝ සිය ගිය මේ නැරඹුම සටහන් කිරීම පිණිස පිහිටුවනු ලබන මේ ස්මාරකයක්, කුළුණක්, කණුවක් හෝ මේ ඉදිරීමක් ඇතැන් වන නමුදු, මේ ත්‍රියාන නීතියෙන් හෝ මී නීතිය සටහන් කරන ලබන මේ ඉදිරීමක්, ෂොනගෝන් ගොනාවක් හෝ කුරුවක් හෝ එයින් නැත.
09.2 නෛතික අධිකාරිය
(අ) 1975 අංක 4 දරණ වීදි නම් කිරීම සහ ස්මාරක පිහිටුවීමේ පාලනය කිරීමේ පනත.

(ආ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 198 වන වගන්තිය.

(ඇ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
09.3 සුදුසුකම්
පළාත් පාලන ආයතනය සතු සීමාව තුළ පවතින, පළාත් පාලන ආයතනය සතු කර ඇති හෝ පළාත් පාලන ආයතනයකට අයිති මේ මංමාවත්, පාරවල්, පදි මඟුල්, මේ ආදී ප්‍රසිද්ධ උද්‍යාන, ක්‍රීඩා පිටියක්, වෙළෙඳ මණ්ඩයක්, පැළවක්, හෝ නාන ලිඳක් විය යුතුය. එලෙස පළාත් පාලන ආයතනයක් සතු කර ඇති හෝ පළාත් පාලන ආයතනයට අයිති මේ ඉඩමක විෂය භාර අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ස්මාරකයක් පිහිටුවීම ද එය හැක.
09.4 ගාස්තුව
මාර්ග නම් කිරීම සඳහා ගාස්තුවක් අය නොකළ යුතු අතර අවස්ථානුකූලව ස්මාරකයක් පිහිටුවීම සඳහා පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන ගාස්තුවක් අය කිරීමට හැක. මෙය පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන උපදෙස් මාලාව අනුව කටයුතු කළ යුතුය.
09.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
ඉල්ලුම්කරු / ආයතනය විසින් විස්තර ඇතුළත් කර අමුණුමේ ආකෘතියට අනුව පිළියෙල කළ ඉල්ලුම් පත්‍රයක් මඟින් ඉදිරිපත් කළ යුතුය.
09.6 කාර්යය පරිපාටිය
මාර්ග හා පොදු ස්ථාන නම් කිරීම සහ ස්මාරක පිහිටුවීම සඳහා අදාළ කාර්ය පරිපාටිය පහත වගුවේ දැක්වේ.
පරිපාටිය කාල සීමාව වගකීම
අයදුම්පත හෝ යෝජනාව භාර ගැනීම සහ ලියාපදිංචි කිරීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු දිනම පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
මූලික වාර්තා සකස් කිරීම සඳහා තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරීම. දින 03ක් තුළ විෂය භාර නිලධාරී
ස්ථාන පරීක්ෂාව සිදු කර වාර්තාව සභාගත කිරීම. දින 14ක් තුළ තාක්ෂණ නිලධාරී / ලේකම්
විෂය භාර අමාත්‍යාංශයේ හෝ පළාත් සභාවේ අනුමැතිය සඳහා යොමු කිරීම. සභා අනුමැතිය ලැබී දින 14ක් තුළ ලේකම්
අනුමැතිය ලැබුණු පසු ගැසට් කිරීම හෝ නම් කිරීම/ස්මාරක පිහිටුවීම ක්‍රියාත්මක කිරීම. අනුමැතිය ලැබී දින 14ක් තුළ සභාපති / ලේකම් / විෂය භාර නිලධාරී
සටහන :- ඉහත සඳහන් දින සතියේ වැඩ කරන දින වශයෙන් සැලකිය යුතුය.
10.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන වෙත පැවරී තිබෙන ಕರ್තව්‍යය අතර, බලප්‍රදේශයේ ජනතාවගේ සුබ විහරණය, පහසුව, යටිතල පහසුකම් ඇති කිරීම, සංවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, සුබ සාධනය හා සියලු පහසුකම් ආරක්ෂා කිරීම යන කරුණු ඇතුළත් වේ. මේ අනුව බලප්‍රදේශයේ පළාත් පාලන ආයතනය සතු මාර්ග පද්ධතිය, පැති කාණු හා ඇළ මාර්ග, බෝක්කු හා පාලම්, ගොඩනැඟිලි, වැනි යටිතල පහසුකම් සංවර්ධනය හා නඩත්තු කිරීම හෝ අලුතින් ඉදිකිරීම සඳහා කටයුතු කිරීමට පළාත් පාලන ආයතනය වෙත බලතල පැවරීම නීතියෙන් සිදු කර ඇත.
10.2 නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සහ අදාළ සංශෝධන.

(ආ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති සහ අදාළ සංශෝධන.

(ඇ) 1992 මුදල් රෙගුලාසි සහ අදාළ සංශෝධන.

(ඈ) 2006 ප්‍රස්ථාපාදන කාර්ය සංග්‍රහය සහ අදාළ සංශෝධන.

(ඉ) 2006 භාණ්ඩ හා වැඩ පිළිබඳ ප්‍රස්ථාපාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ අදාළ සංශෝධන.

(ඊ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
10.3 සුදුසුකම්
පළාත් පාලන ආයතනය සතු සීමාව තුළ පවතින, ආයතනය සතු හෝ නඩත්තු කරනු లබන මාර්ග පද්ධතිය, පැති කාණු හා ඇළ මාර්ග, බෝක්කු හා පාලම්, ගොඩනැඟිලි, වැනි යටිතල පහසුකම් සම්බන්ධ යෝජිත සංවර්ධනය කිරීමක් හෝ නඩත්තු කිරීමක් හෝ අලුතින් ඉදිකිරීමක් විය යුතුය.
10.4 ගාස්තුව
මේ සඳහා ගාස්තුවක් අය කිරීම අදාළ නැත.
10.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
ඉල්ලුම්කරු / ආයතනය විසින් විස්තර ඇතුළත් කර සකස් කරන ලද ලිපියක් මඟින් කරනු ලබන ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

වෙනත් ආයතනයක් මඟින් ප්‍රතිපාදන වෙන්කර ඇති විට, කරනු ලබන යෝජනාව ඉදිරිපත් කළ යුතුය.

අයවැය යෝජනාවක් නම්, කරනු ලබන යෝජනාව සහිත උප ලේඛනයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
10.6 කාර්යය පරිපාටිය
යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම (නව ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම) සඳහා අදාළ කාර්ය පරිපාටිය පහත වගුවේ දැක්වේ.
පරිපාටිය කාල සීමාව වගකීම
ඉල්ලීම හෝ යෝජනාව භාර ගැනීම සහ ලියාපදිංචි කිරීම. ලැබුණු දිනම පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
මූලික පරීක්ෂාව සහ ඇස්තමේන්තු සකස් කිරීම සඳහා තාක්ෂණ අංශයට යොමු කිරීම. දින 03ක් තුළ විෂය භාර නිලධාරී / ලේකම්
ස්ථාන පරීක්ෂාව සිදු කර ප්‍රස්ථාපාදන ඇස්තමේන්තුව සකස් කිරීම. දින 14ක් තුළ තාක්ෂණ නිලධාරී
ප්‍රතිපාදන ලබා ගැනීම හෝ අනුමැතිය සඳහා සභාගත කිරීම / අමාත්‍යාංශයට යොමු කිරීම. දින 14ක් තුළ ලේකම් / ගණකාධිකාරී
ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට යටත්ව වැඩ ආරම්භ කිරීම හා අධීක්ෂණය. අනුමැතිය ලැබී අදාළ කාල සීමාව තුළ තාක්ෂණ නිලධාරී / ලේකම් / සභාපති
සටහන :- ඉහත සඳහන් දින සතියේ වැඩ කරන දින වශයෙන් සැලකිය යුතුය.
11.1 හැඳින්වීම
(අ) වීථි රේඛාව
යමෙකු විසින් කරන ලද යෝජනා දේ අයිති කර තිබේ නම් හෝ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය අවස්ථාවක, ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන අයුරින් ද, ඒ සඳහා අවශ්‍ය අනුමැතිය යෝජනාව මෝඩය කර ඇති අවස්ථාවන්හි, ඒ සඳහා අවශ්‍ය අනුමැතිය යෝජනාව මෝඩය කරන මිනින්දෝරු මූල්‍යන කරගෙන ඒ මෝඩයේ සීමාව ද උසස් කිරීමට අවශ්‍ය කරන වූ ප්‍රමාණය ඒ මෝඩයේ වෙනස් කිරීම මගින් ඒ මෝඩයේ ලෙස සීමා පවර්තින අපේ ඉඩම ඇති ගන්නා යම් ප්‍රමාණය සීමාව කිරීම සඳහා අවශ්‍ය කරන යම් අනාගත යම් තීරණ මගින් හා ඉඩපහු ව යෝජනාව මෝඩය මගින් යපේද මේ යනව ඇත. මේ මෝඩය ගැනීමෙන් පසු අපේ මිනින්දෝරු මූල්‍යන සටහන් කර ඇති මාර්ම වෙනස් කර වීථි රේඛාව නම් වේ. මේ වීථි රේඛාව මෝඩය මේ හා යෝරා බෝ වීථි රේඛාව මෝඩ දක්වා වන ගම සමග මේ දින ප්‍රදේශය වාර්තා හෝ වීථි රේඛාව නීතිය මේ වෙනත් අවකාශය විසින් තවරි ගෙනයෝ වන ජන ඇත. මේ අන්දා නීතිමය මේ යම් යෝජනාව ය භූමිය පද පූජා කිරීම සඳහා මේ ලබා දී තෝමෝනිය ඇත.
(ආ) ගොඩනැඟිලි සීමාව
1. යමෙකු විසින් කරන ලද යෝජනා දේ අදේශ කර තිබේ නම් හෝ ධාරණය මගින් මෝඩයේ සිට සීමාව මේ තීරණ හෝ ප්‍රමාණයන් ඇතැන් කළ යුතු පරීක්ෂම සඳහා මේ දේ ගොනෝනිය ඇත. මේ සීමාව ගොඩනැඟිලි සීමාව ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රදේශය සහියා වන නගර සංවර්ධන ගොඩනැඟිලි සීමාව සීමාව මධ්‍ය රේඛාවේ සිට සීමාව කුම ශී එක උනා (මිමී 7.62).
2. යමෙකු විසින් කරන ලද යෝජනාවේ ද සීමාව ඇතැන් ලැදොමන් පවර්තා ගෙන යනු ලබන සහ කොයියම් යැම මෝරන් සඳහා (නගර අඩිකාරියට අසන් වද්ද) මේ සීමාව ද පැවටිනේ.
3. දේශීය සංවර්ධන ප්‍රදේශයකට ඇපේද, 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතින් ලබා දී ඇති ලෙස යටතේ, අදාළ දිය නෝ අධිකාර්‍යෝ විසින් ඒ යෝජනාව සංවර්ධන යෙදී යපෙ වන කොමෝද ඇතැන් සීමා කර තිබෙන මෝන්වලට ඇපේද ගොඩනැඟිලි සීමාව නීතිම කර ඇත.
4. එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ගවලට අදාළව ඒ ආයතනය විසින් ද, වයඹ පළාතේ, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග සම්බන්ධයෙන් ඒ ආයතනය විසින් ද, ගොඩනැඟිලි සීමා නියම කරනු ලැබ ඇත.
(ඇ) වීථි රේඛා සහ ගොඩනැඟිලි සීමා සහතිකය
1. වීථි රේඛා සහතිකය ලිපියක් මඟින් නිකුත් කළ නොහැක. ඒ සහතිකය ලබා දිය යුත්තේ, පළාත් පාලන ආයතනය වීථි රේඛාව නියම කළ මිනින්දෝරු සැලැස්මේ පරිමාණය සහ අදාළ ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ පරිමාණය සැලකිල්ලට ගනිමින්, ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ නියම කර ඇති වීථි රේඛාව ලකුණු කිරීමෙනි.
2. ගොඩනැඟිලි සීමාව පාරේ මධ්‍ය රේඛාවේ සිට කොපමණ දුරකින් පිහිටා තිබේ ද යන්න ලිපියකින් දැන්වීම කළ හැකිය.
3. වීථි රේඛා නියම කර නැති පළාත් පාලන ආයතනයක් වන විට, ඒ බව ලිපියකින් දැන්වීමත් ගොඩනැඟිලි සීමාව කොතෙක් ද යන්න දැන්වීමත් කළ යුතුව ඇත.
4. වීථි රේඛා නියම කරනු ලබන තෙක්, මේ සහතික දෙකම ලිපියකින් දැන්වීම කළ හැකි අතර, ඒ සඳහා මෙහි ඇමුණුම් අංක 01 යොදා ගැනීම කළ හැක.
(ඈ) වීථි රේඛා සහ ගොඩනැඟිලි සීමා සහතිකයක අවශ්‍යතාව
* යම් ඉඩමක මූල්‍ය වටිනාකම ගණන් බැලීමේ දී, ඉඩමෙන් අනිවාර්යයෙන් බැහැර කිරීමට සිදු වන කොටස් සහ කිසිදු ඉදිකිරීමකට ඉඩ නැති ඉඩම් කොටස්වල ඉතිරි ඉඩම් කොටසේ වටිනාකම ගණන් බැලීම කරනු ලැබේ. මේ අනුව කිසිම තැනැත්තකු විසින් වාණිජ බැංකුවකින් හෝ වෙනත් යම් මූල්‍ය ආයතනයකින් ඉඩමක් හෝ ගොඩනැඟිල්ලක් අපයට තබා ණය මුදලක් ලබා ගැනීමට කරන ඉඩමකට අනුව, අදාළ ආයතනය විසින් ලබා දිය හැකි ණය මුදලේ ප්‍රමාණය ගණන් බැලීමේ දී මේ සීමාව උපයෝගී කර ගනු ඇත. ඒ සඳහා වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනයට නියම කර ඇති වීථි රේඛාව සහ ගොඩනැඟිලි සීමාව අවශ්‍ය වන බැවින් ණය ඉල්ලුම්කරු ලවා මේ සහතිකය ලබා ගැනීමට ක්‍රියා කරනු ඇත.
* වෙනත් පුද්ගලික අවශ්‍යතාවන්.
11.2 නෛතික අධිකාරිය
(අ) 268 වන අධිකාරය වූ නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ 19 වන වගන්තිය සහ ඒ යටතේ සාදන ලද රීතිවල 8 වන රීතිය.

(ආ) 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත.

(ඇ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 49 වන වගන්තිය.

(ඈ) 1986 නාගරික සංවර්ධන අධිකාරිය නියෝග 19 වන නියෝගය.

(ඉ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
11.3 සුදුසුකම්
දේපළෙහි නීත්‍යානුකූල අයිතිකරු විය යුතුය, නැතහොත් නීත්‍යානුකූල අයිතිකරු විසින් අටෝර්නි බලපත්‍රයක් මඟින් බලය ලැබූ තැනැත්තෙකු විය යුතුය.
11.4 ගාස්තුව
පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණ කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන ගාස්තුවක් ගෙවිය යුතුය. මෙය පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන උපදෙස් මාලාව අනුව කටයුතු කළ යුතුය.
11.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
(අ) මෙහි ඇමුණුම් අංක 02 හි දැක්වෙන ආකෘතියට අනුව පිළියෙල කළ ඉල්ලුම් පත්‍රය.

(ආ) ඉඩමට අදාළ ඔප්පුවේ ඡායා පිටපතක්.

(ඇ) ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ (පිඹුරු පත) පිටපතක්.

(ඈ) කිසියම් බැංකුවකින් ණය ලබාගෙන තිබීමේ හේතුව මත දේපළට අදාළ ඔප්පුවේ සහ පිඹුරුපතෙහි (මිනින්දෝරු සැලැස්මේ) මුල් පිටපත ඒ බැංකුවේ රඳවා තබාගෙන ඇති අවස්ථාවක, අදාළ බැංකුවේ කළමණාකරු විසින් සහතික කරන ලද ඒවායෙහි පිටපත් ඉදිරිපත් කළ යුතුය.

(ඉ) ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත.
11.6 කාර්යය පරිපාටිය
වීථි රේඛා සහතික / ගොඩනැඟිලි සීමා සහතික නිකුත් කිරීම සඳහා අදාළ කාර්ය පරිපාටිය පහත වගුවේ දැක්වේ.
පරිපාටිය කාල සීමාව වගකීම
අයදුම්පත සහ ලේඛන භාර ගැනීම සහ ගාස්තු අය කර ලියාපදිංචි කිරීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු දිනම පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
මූලික පරීක්ෂාව සහ වීථි රේඛා / ගොඩනැඟිලි සීමා පරීක්ෂා කිරීම සඳහා තාක්ෂණ අංශයට යොමු කිරීම. දින 02ක් තුළ විෂය භාර නිලධාරී
ස්ථාන පරීක්ෂාව සිදු කර මිනින්දෝරු සැලැස්ම මත වීථි රේඛා ලකුණු කිරීම / වාර්තාව සකස් කිරීම. දින 07ක් තුළ තාක්ෂණ නිලධාරී
සහතිකය සකස් කර අනුමැතිය සඳහා ලේකම් වෙත ඉදිරිපත් කිරීම. දින 03ක් තුළ විෂය භාර නිලධාරී / තාක්ෂණ නිලධාරී
ලේකම්වරයා විසින් සහතිකය අනුමත කර නිකුත් කිරීම. දින 02ක් තුළ ලේකම්
සටහන :- ඉහත සඳහන් දින සතියේ වැඩ කරන දින වශයෙන් සැලකිය යුතුය.
12.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන වෙත පැවරී තිබෙන මාර්ගයක් හෝ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව, සහ සුභ සාධනය හා සියලු පහසුකම් ආරක්ෂා කිරීමේ මාර්ගය සඳහා ඇත. එමෙන්ම මං, පොදු ස්ථාන සහ පොදු මංමාවත් දීප්තිමත් කිරීමේ වගකීම වෙත පළාත් පාලන ආයතන වෙත පවරී ඇත. මේ අනුව මේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පවතින පොදු මංමාවත්, වීථි, මාවත්, බෝක්කු, හෝ පොදු ස්ථාන තුළ ස්ථාපිත කරන ලද බල්බවලට හා ඒවායේ උපකරණවලට හෝ අන්තරගත බාධා ඇතිවූවහොත් ඒවායේ ප්‍රකෘතිමත් කිරීම සඳහා මේ පළාත් පාලන ආයතන මඟින් සිදු කරනු ලැබ ඇත.
12.2 නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 108 වන වගන්තිය.

(ආ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
12.3 සුදුසුකම්
පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පවතින පොදු මංමාවත්, වීථි, මාවත්, බෝක්කු, හෝ පොදු ස්ථාන තුළ ස්ථාපිත, පළාත් පාලන ආයතන විසින්, හෝ ආයතනයන්ගේ අනුග්‍රහයෙන් හෝ ස්ථාපිත කර ඇති දේ වන විමිය යුතු වේ.
12.4 ගාස්තුව
පළාත් පාලන ආයතනයෙන් කෙරෙන වීදි පහන් සේවාවන් මඟින් මෙම ගාස්තුවක් අයකරගැනීම සිදු නොවේ.
12.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
ඉල්ලුම්කරු විසින් සිදු කරන බාධා සටහන් ස්ථානයට හැමුව නෑ වන පරිදි ලිඛිත ඉල්ලීමක් හෝ දුරකථන අංමෝන් මඟින් හෝ ඉල්ලීමක් කළ යුතු වේ.
12.6 කාර්යය පරිපාටිය
වීදි පහන් නඩත්තු කිරීම සඳහා අදාළ කාර්ය පරිපාටිය පහත වගුවේ දැක්වේ.
පරිපාටිය කාල සීමාව වගකීම
පැමිණිල්ල හෝ ඉල්ලීම භාර ගැනීම සහ ලියාපදිංචි කිරීම. ලැබුණු දිනම පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
අළුත්වැඩියා කටයුතු සඳහා විදුලි කාර්මික අංශයට යොමු කිරීම. දින 01ක් තුළ විෂය භාර නිලධාරී
ස්ථානය වෙත ගොස් වීදි පහන් අලුත්වැඩියා කිරීම / බල්බ මාරු කිරීම. දින 03ක් තුළ විදුලි කාර්මික / තාක්ෂණ නිලධාරී
අලුත්වැඩියා කටයුතු අවසන් කර වාර්තාගත කිරීම. දින 05ක් තුළ විෂය භාර නිලධාරී / ලේකම්
සටහන :- ඉහත සඳහන් දින සතියේ වැඩ කරන දින වශයෙන් සැලකිය යුතුය.
13.1 හැඳින්වීම
බලප්‍රදේශය තුළ පදිංචිකරුවකු විසින් පානීය ජල සම්බන්ධතාවක්, විදුලි බල සම්බන්ධතාවක්, දුරකථන නැතහොත් වෙනත් ආකාරයක විදුලි සංදේශ සම්බන්ධතාවක් හෝ වෙනත් සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී හෝ ඒ සම්බන්ධතා සේවා හෝ වෙනත් සේවා සම්බන්ධතා සේවා සපයනු ලබන කිසිම සේවා ප්‍රවර්ධන ආයතනයක් විසින් ඒ යම් සම්බන්ධතාවක් ලබා දීමේ දී නැතහොත් ඇති කිරීමේ දී, අදාළ සම්බන්ධතාව ලබා ගැනීම හෝ සැපයීම පළාත් පාලන ආයතනය සතු මාර්ගයක් පළූ කරමින් හුගත ව සිදු කළ යුතු වන අවස්ථාවක දී, අදාළ මාර්ගයේ පළූ වීම යථා තත්වයට පත් කිරීමට වැය වන මුදල පیاවා ගැනීම අත්‍යවශ්‍ය වේ. අවස්ථාවෝචිත පරිදි සේවා සම්පාදකයා හෝ සේවා ලාභියා විසින් මේ මුදල පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ය.
13.2 නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 19 වන වගන්තියේ යේ (1) වන උප වගන්තියේ (xxxii) වන ඡේදය.

(ආ) කලින් කලට නිකුත් කර ඇති අදාළ වන සංශෝධන, චක්‍රලේඛ, අතුරු ව්‍යවස්ථා, නියෝග, සහ උපදෙස්.
13.3 සුදුසුකම්
සේවා සම්පාදනයක් සැලසීමේ දී හෝ සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී පළාත් පාලන ආයතනය සතු මාර්ගයක් පළූ කිරීමට සිදු වන අවස්ථාවක දී, සේවා සැපයුම්කරු හෝ සේවාලාභියා මේ ඉල්ලීම කිරීමට සුදුසුකම් ලබනු ඇත.
13.4 ගාස්තුව
පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණ කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලබන ගාස්තුව ගෙවිය යුතුය.
සටහන: මාර්ගය පළූ කිරීමෙන් පසු එය යථා තත්වයට පත් කිරීමේ දී, එක් සන අඩියකට වැය වන මුදල කොපමණ ද යන්න, [මාර්ගයේ ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගය (තාර, කොන්ක්‍රීට්, අන්තර් සම්බන්ධිත ගල්, ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් - කාපට් - හෝ වෙනත්)] තාක්ෂණ නිලධාරී විසින් කරනු ලබන නිර්දේශයක් අනුව සහ තීරණ ගනු ලැබිය යුතුය.
13.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
මෙහි ඇමුණුමට අනුකූලව පිළියෙල කර ගත් ඉල්ලුම් පත්‍රය සහ එහි දැක්වෙන ඇමුණුම්.
13.6 කාර්යය පරිපාටිය
සේවා සම්බන්ධතා ලබා ගැනීම සඳහා මාර්ග පළූ කිරීමට අවසර ඉල්ලීම සඳහා අදාළ කාර්ය පරිපාටිය පහත වගුවේ දැක්වේ.
පරිපාටිය කාල සීමාව වගකීම
අයදුම්පත සහ ලේඛන භාර ගැනීම සහ ලියාපදිංචි කිරීම. ඉල්ලුම් පත්‍රය ලැබුණු දිනම පෙරමුතු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
ස්ථාන පරීක්ෂාව සඳහා තාක්ෂණ අංශයට යොමු කිරීම. දින 01ක් තුළ විෂය භාර නිලධාරී
ස්ථානය වෙත ගොස් මාර්ගයේ පළූ වන ප්‍රමාණය සහ ඇස්තමේන්තුගත මුදල තීරණය කිරීම. දින 03ක් තුළ තාක්ෂණ නිලධාරී
ඇස්තමේන්තු මුදල අයදුම්කරුට දන්වා අදාළ ගාස්තු අය කර ගැනීම සහ අනුමැතිය සඳහා ලේකම් වෙත ඉදිරිපත් කිරීම. දින 03ක් තුළ විෂය භාර නිලධාරී / ආදායම් පාලක
ලේකම්වරයා විසින් අවසරපත්‍රය අනුමත කර නිකුත් කිරීම. දින 02ක් තුළ ලේකම්
සටහන :- ඉහත සඳහන් දින සතියේ වැඩ කරන දින වශයෙන් සැලකිය යුතුය.
Feedback
Scroll to Top