ආදායම් අංශය

01.1 හැඳින්වීම
ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය තුළ පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් පරිපාලන දිස්ත්‍රික් භාර පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය යටතේ ප්‍රකාශයට පත් කොට එකී දියුණු කළ ප්‍රදේශය සඳහා ප්‍රාදේශීය සභාවක් විසින් ඒ කොටස තුළ සපයනු ලබන සේවාවන් සඳහා දරනු ලබන වියදම් ප්‍රතිපූර්ණ කර ගැනීම පිණිස පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව සභාවක් විසින් පනවා සේවා ප්‍රතිලාභ ලබන දේපළවල පදිංචිකරුවන්ගෙන් අය කර ගනු ලබන ගාස්තුව වරිපනම් නමින් හඳුන්වනු ලැබේ.
01.2 නෛතික අධිකාරිය
ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් නියම වී ඇති කාර්යය ඉටු කිරීමේ දී, කරනු ලබන වියදම් අය කර ගැනීම සඳහා ඒ පනතේ 134 සිට 166 දක්වා වන වගන්ති අදාළ වේ.
01.3 සුදුසුකම්
(අ) ප්‍රාදේශීය සභාව විසින් දියුණු කළ ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කොට ඇති යම් භූගෝලීය ප්‍රදේශයක පිහිටා ඇති යම් දේපළක් විය යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාව විසින් එකී දියුණු කළ ප්‍රදේශයට අදාළ දේපළවල වාර්ෂික වටිනාකම මත අයකරනු ලබන වරිපනම් කවර ආකාරද යන වග එළඹෙන වර්ෂයට මත්තෙන් සභාව විසින් තීරණය කර ගැසට් නිවේදනයක් මඟින් භාෂාත්‍රයෙන් ප්‍රකාශයට පත් කොට තිබිය යුතුය.
(ඇ) ප්‍රාදේශීය සභාව විසින් තීරණය කරනු ලබන වර්ගයේ නිශ්චල දේපළක් හෝ නිශ්චල දේපළ වර්ගයක් විය යුතුය.
(ඈ) වරිපනම් ගෙවීමට යටත් සෑම දේපළකම අයිතිකරු හෝ පදිංචිකරු වීම (දේපළෙහි පදිංචි නැත්තා අයිතිකරු වුවද වෙනත් තැනැත්තෙකු වුවද, පදිංචි නැත්තා වරිපනම් ගෙවීමට යටත් වේ.)
01.4 & 01.5 වරිපනම් කාර්යය සඳහා තක්සේරු නිවේදනය
ප්‍රාදේශීය සභා පනතේ 146 වන වගන්තිය යටතේ ප්‍රාදේශීය සභාව විසින් වරිපනම් අයකර ගැනීමට යටත් දේපළක වාර්ෂික වටිනාකම ලෙස තීරණය කරන ලද මුදල් ප්‍රමාණය කොපමණ ද යන්න සහ ඒ වටිනාකම මත අයකර ගත යුතු වරිපනම් ප්‍රමාණය කොපමණ ද යන්න ඇතුළත් කරමින් වරිපනම් ගෙවිය යුතු කාල සීමාව නිශ්චිතව දැනුම් දෙන නිවේදනය, තක්සේරු නිවේදනය වේ.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ තුන්වන උපලේඛනය අනුව තක්සේරු නිවේදනයේ පහත තොරතුරු අඩංගු විය යුතුය:
  • වරිපනම් අංකය
  • දේපළ පිහිටා ඇති වීදියේ නම
  • වාර්ෂික වටිනාකම
  • කාර්තුවක් සඳහා ගෙවිය යුතු මුදල
  • වාරික ගෙවීම් කළ යුතු දින
  • කලින් ගෙවීමේ දී ලැබෙන වට්ටම
  • තක්සේරුව පිළිබඳ විරෝධතාව ඉදිරිපත් කළ යුතු කාල සීමාව
  • නියමිත කාලය තුළ ගෙවීම් සිදු නොකිරීමේ දී ගෙවිය යුතු වන අමතර ගාස්තු පිළිබඳ විස්තරය
01.6 & 01.7 ගාස්තු සහ වට්ටම් ක්‍රමවේදය
ප්‍රාදේශීය සභාව විසින් වාර්ෂිකව නියම කර ගැසට් පත්‍රයේ නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ප්‍රතිපත්තියට අනුව අදාළ දේපළෙහි වාර්ෂික වටිනාකමට ගැළපෙන මුදල අදාළ වර්ෂයේ වරිපනම් මුදල විය යුතුය.
සටහන: වරිපනම් කාර්තුවකට, කාර්තු කිහිපයකට හෝ සම්පූර්ණ වසරකටම ගෙවිය හැක.
  • සම්පූර්ණ වසර සඳහාම ගෙවිය යුතු වන මුදල අදාළ වර්ෂයේ පළමු මාසය තුළ දී ගෙවනු ලැබුවේ නම් 10% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
  • කාර්තුවක් සඳහා ගෙවිය යුතු වන මුදල අදාළ කාර්තුවේ පළමු මාසය තුළ දී ගෙවනු ලැබුවේ නම් 5% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
01.8 දේපළෙහි අයිතිකරු හෝ පදිංචිකරු විරුද්ධ වන විට නීතිමය සහනය
මෙම තීරණයට දේපළෙහි අයිතිකරු හෝ පදිංචිකරු විරුද්ධ වන්නේ නම් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 142 වන වගන්තිය යටතේ නීතිමය සහනයක් පැතීමේ අයිතිය ඔහු සතු වේ. වාර්ෂික වරිපනම් ප්‍රමාණය රු. 1500/= නොඉක්මවන විට මහේස්ත්‍රාත් අධිකරණයේ ද, රු. 1500/= ඉක්මවන විට දිසා අධිකරණයේ ද ඔහු විසින් නඩුවක් පවරනු ලැබිය හැකිය.
සටහන: අධිකරණයේ තීරණය අවසානාත්මක වේ.
01.9 වරිපනම් ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිවිපාක
(අ) ගෙවීම පැහැර හරින සෑම කාර්තුවක් අවසානයේදීම, ලේකම්වරයා විසින් පැහැර හරින්නා සතු චංචල දේපළ තහනමට ගෙන විකුණා වරිපනම් මුදල අය කර ගැනීමට සභාවේ නිලධාරියෙකුට හෝ මුදල් එකතු කරන්නෙකුට වරෙන්තුවක් නිකුත් කරනු ඇත. මෙසේ නිකුත් කරනු ලබන වරෙන්තුවේ ගාස්තුව වෙනුවෙන් හිඟ බදු මුදලින් -
  • අදාළ දේපළ නේවාසික ස්ථානයක් හෝ හිස් ඉඩමක් වන විට, 15% ක මුදලක් ද;
  • අදාළ දේපළ නේවාසික ස්ථානයක් හෝ හිස් ඉඩමක් නොවන විට, 20% ක මුදලක් ද අය කර ගනු ඇත.
(ආ) වරෙන්තුව නිකුත් කිරීමෙන් අනතුරුව දේපළෙහි පදිංචිකරු සතු හෝ ඒ දේපළ මත තිබෙන කවර හෝ තැනැත්තෙකුට අයත් චංචල දේපළ තහනමට ගෙන විකුණා අය කර ගැනීමට ඇති හිඟ මුදල අය කර ගනු ඇත.
(ඇ) තහනමට ගත හැකි චංචල දේපළ නොමැති විටක නිශ්චල දේපළ තහනමට ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇත.
02.1 හැඳින්වීම
නිතිපතා හෝ ස්ථීර ව කෙරෙන ගොවිතැනකට යටත් ඉඩම් මත නියම කර අය කර ගනු ලබන බද්දකි. අක්කර බද්ද අය කිරීමට බලය ලැබී ඇත්තේ ප්‍රාදේශීය සභාලට පමණි.
02.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 (3) වගන්තියේ සිට 166 දක්වා වන වගන්ති.
02.3 සුදුසුකම්
(අ) ප්‍රාදේශීය සභා සීමාවක් තුළ පිහිටි ස්ථිර හෝ නීති පතා වගාවට යටත් කර ඇති ඉඩම්.
(ආ) හෙක්ටයාර් 5 කට වැඩි ඉඩමක් විය යුතුය.
(ඇ) හෙක්ටයාර් 5 කට වඩා අඩු ඉඩම්වලින් අක්කර බදු අය කර ගැනීමට විශේෂ කලාපයක් ලෙස විෂය භාර ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබිය යුතු වන අතර එසේ ප්‍රකාශයට පත්ව ඇති පළාත් පාලන ආයතන වලට එම වපසරියෙන් යුතු ඉඩම් මත අක්කර බද්දක් පනවා අය කර ගැනීමට හැකියාව ඇත.
(ඈ) ප්‍රාදේශීය සභාව විසින් අදාළ දේපළ වල වපසරිය මත අයකරනු ලබන අක්කර බද්ද කවර ආකාරද යන වග එළඹෙන වර්ෂයට මත්තෙන් සභාව විසින් තීරණය කර ගැසට් පත්‍රයක් මඟින් භාෂාත්‍රයෙන් ප්‍රකාශයට පත් කොට තිබිය යුතුය.
සටහන: වරිපනම් බද්දක් ප්‍රකාශයට පත්ව ඇති දියුණුකළ ප්‍රදේශවල ඇති ඉහත වපසරියෙන් යුතු ඉඩම් සඳහා අක්කර බද්ද නියම නොකළ යුතුය.
02.4 ගාස්තු
i. හෙක්ටයාර් 5 කට වැඩි ඉඩම් මත එක් එක් හෙක්ටයාර්යකට රු. 10/= ක උපරිමයක් මත අක්කර බද්ද නියම කොට අය කර ගත හැකිය.
සටහන: අක්කර බද්ද කාර්තුවකට හෝ සම්පූර්ණ වසරකට ගෙවිය හැකිය.
  • සම්පූර්ණ වසර සඳහාම ගෙවිය යුතු වන මුදල අදාළ වර්ෂයේ පළමු වන මාසය තුළ දී ගෙවනු ලබන්නේ නම් 10% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
  • කාර්තුවක් සඳහා ගෙවිය යුතු වන මුදල අදාළ කාර්තුවේ පළමු වන මාසය තුළ දී ගෙවනු ලබන්නේ නම් 5% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
ii. හෙක්ටයාර් 5 කට අඩු නමුත් හෙක්ටයාර් එකකට නොඅඩු ඉඩම් මත රු. 50/= ක අක්කර බද්ද නියම කොට අය කර ගත හැකිය.
සටහන: අක්කර බද්ද කාර්තුවකට හෝ සම්පූර්ණ වසරකට ගෙවිය හැකිය.
  • සම්පූර්ණ වසර සඳහාම ගෙවිය යුතු වන මුදල අදාළ වර්ෂයේ පළමු වන මාසය තුළ දී ගෙවනු ලබන්නේ නම් 10% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
  • කාර්තුවක් සඳහා ගෙවිය යුතු වන මුදල අදාළ කාර්තුවේ පළමු වන මාසය තුළ දී ගෙවනු ලබන්නේ නම් 5% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
02.7 බදු ගෙවන තැනැත්තා තීරණයට විරුද්ධ වන විට නීතිමය සහනය
මෙම තීරණයට බදු ගෙවන තැනැත්තා විරුද්ධ වන්නේ නම් 1987 ප්‍රාදේශීය සභා පනතේ 142 වන වගන්තිය යටතේ නීතිමය සහනයක් පැතීමේ අයිතිය ඔහු සතු වේ. ඒ අනුව ඔහු විසින් අක්කර බද්දේ ප්‍රමාණය රු. 1500/= නොඉක්මවන විට මහේස්ත්‍රාත් අධිකරණයේ ද රු. 1500/= ඉක්මවන විට දිසා අධිකරණයේ ද නඩුවක් ගොනු කිරීමට අයිතිය ඇත.
සටහන: අධිකරණයේ තීරණය අවසානාත්මක වේ.
02.8 බදු ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිවිපාක
(අ) ගෙවීම පැහැර හරින සෑම කාර්තුවක්ම අවසානයේ ලේකම්වරයා විසින් පැහැර හරින්නා සතු චංචල දේපළ තහනමට ගෙන විකුණා බදු මුදල අය කර ගැනීමට වරෙන්තුවක් නිකුත් කරනු ඇත. මෙසේ නිකුත් කරනු ලබන වරෙන්තුවේ ගාස්තුව වෙනුවෙන් හිඟ බදු මුදලින් 10% ක මුදලක් අතිරේකව අය කරගනු ඇත.

(ආ) වරෙන්තුව නිකුත් කිරීමෙන් අනතුරුව දේපළෙහි පදිංචිකරු සතු හෝ ඒ දේපළ මත තිබෙන කවර හෝ තැනැත්තෙකුට අයත් චංචල දේපළ තහනමට ගෙන විකුණා අයවීමට ඇති හිඟ මුදල අය කර ගනු ඇත.

(ඇ) තහනමට ගත හැකි චංචල දේපළ නොමැති විටක නිශ්චල දේපළ තහනමට ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇත.
03.1 හැඳින්වීම
බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, සුභ විහරණය, පහසුව සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට අදාළ කරුණු විධিমත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම පළාත් පාලන ආයතනවලට පැවරී ඇති කාර්යයන් අතර ඇති ප්‍රධාන කරුණු වේ. බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන වෙළඳම් හෝ ව්‍යාපාර අතරින් මහජන සෞඛ්‍යයට, සුභ විහරණයට සහ පහසුවට බලපෑමක් ඇති විය හැකි වෙළඳම් හෝ ව්‍යාපාර විධিমත් කිරීම හා පාලනය කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතනය විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන යටතේ ඒ වෙළඳම හෝ ව්‍යාපාර පවත්වා ගෙන යනු ලබන ස්ථානය සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයක් ලබා ගත යුතුය. මේ කාර්යය නිසියාකාරව ඉටු කිරීම එම සභාවේ වගකීම වේ.
සටහන: පළාත් පාලන ආයතනයක් විසින් පිළیගෙන ඇති සම්මත අතුරු ව්‍යවස්ථා එම ආයතනය විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථා වශයෙන් සලකනු ලැබේ.
03.2 නෛතික අධිකාරිය
(අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 122 වන සහ 126 වන වගන්ති යටතේ සාදන ලද අතුරු ව්‍යවස්ථා හෝ ඒ යටතේ සාදන ලදැයි සැලකෙන සම්මත අතුරු ව්‍යවස්ථා
(ආ) ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්තිය
(ඇ) වයඹ පළාත් සභාවේ 1990 අංක 12 දරණ වයඹ පළාත් පාരിසරික ප්‍රඥප්තියේ 55 වගන්තිය (පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් වන විට පමණක් අදාළ වේ)
03.3 සුදුසුකම්
(අ) අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ, පළාත් පාලන ආයතනයකින් බලපත්‍රයක් ලබා ගත යුතු වෙළඳමක් හෝ ව්‍යාපාරයක් විය යුතුය.
(ආ) ජාතික පරිසර පනත යටතේ සාදන ලද නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කාර්යයක් වන අවස්ථාවක, වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තිබිය යුතුය. [වයඹ පළාත් සභාවේ 1990 අංක 12 දරණ වයඹ පළාත් පාരിසරික ප්‍රඥප්තිය]
03.4 ගාස්තුව
(අ) වෙළඳම හෝ ව්‍යාපාරය පවත්වා ගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත ගාස්තුව පහත පරිදි විචලනය වේ.
ප්‍රාදේශීය සභා සඳහා:
- ස්ථානයේ වාර්ෂික වටිනාකම රු. 750.00 නො ඉක්මවන විට: රු. 500.00
- ස්ථානයේ වාර්ෂික වටිනාකම රු. 750.00 ඉක්මවන සහ රු. 1,500.00 නො ඉක්මවන විට: රු. 750.00
- ස්ථානයේ වාර්ෂික වටිනාකම රු. 1,500.00 ඉක්මවන විට: රු. 1,000.00

(ආ) එසේ වුවද 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්තිය යටතේම දක්වා ඇති පරිදි අදාළ හෝටලය, ආපනශාලාව, නවාතැන්පොළ සංචාරක මණ්ඩලය යටතේ ලියාපදිංචි ස්ථානයක් වන විටදී එකී හෝටලය, ආපනශාලාව, නවාතැන්පොළ පෙර වසර ලැබීම් වලින් 1%ක ම නොඅඩු ගාස්තුවක් පනවා අයකර کیමේ හැකියාව පෙන්වා ඇත. තවද එම ව්‍යාපාරය පවත්වාගෙන යාමේ මුල් අවස්ථාව වන විටදී එකී ගාස්තුව එම ස්ථානයේ වාර්ෂික වටිනාකම මත තීරණය කළ යුතු වේ.
03.8 වෙළඳ බලපත්‍රයක් ලබා නොගැනීමේ නෛතික ප්‍රතිවිපාක
වෙළඳ බලපත්‍රයක් නියමිත පරිදි ලබා නොගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන නෛතික ප්‍රතිවිපාක සහ පටිපාටි පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 වෙළඳ බලපත්‍රය ලබා ගන්න ලෙස නියම කිරීම *(ඇමුණුම 05)* සෑම වර්ෂයකම පෙබරවාරි 15 දිනට පෙර ලේකම් / විෂය භාර නිලධාරී
2 නියමය අනුව ක්‍රියා කිරීම පැහැර හැර ඇති විට, මහේස්ත්‍රාත් ඉදිරියේ චෝදනා පත්‍රය ගොනු කිරීම *(ඇමුණුම 06, 07, 08)* මාර්තු 31 පසු ලේකම් / ආදායම් පරීක්ෂක
3 වෙළඳ බලපත්‍රය ලබා ගන්න ලෙස නැවත නියම කිරීම අධිකරණ තීන්දු ප්‍රකාශයේ දිනයේ සිට දින හතක් ඇතුළත ලේකම් / විෂය භාර නිලධාරී
4 දෙවන වරට කරන ලද නියමය අනුව ක්‍රියා කිරීම පැහැර හැර ඇති විට, මහේස්ත්‍රාත් ඉදිරියේ දෙවන වරට චෝදනා පත්‍රය ගොනු කිරීම දෙවන වර දැන්වීමේ දිනයේ සිට දින 7 කට පසු හා දින 15 කට පෙර ලේකම් / ආදායම් පරීක්ෂක
5 මහේස්ත්‍රාත්වරයාගේ අතිරේක දඬුවමක් නියම කිරීමේ තීරණය ලබාදීම, ඒ අනුව කටයුතු කිරීම - -
6 දෙවන අවස්ථාවෙහිත් බලපත්‍ර ලබා නොගන්නේ නම් මහේස්ත්‍රාත්වරයාගෙන් සමාප්ති ආඥාවක් ඉල්ලා සිටීම දෙවන අධිකරණ තීන්දු ප්‍රකාශයේ දිනයේ සිට දින හතකට පසුව සහ දින 15 කට පෙර ලේකම් / ආදායම් පරීක්ෂක
7 සමාප්ති ආඥාව නිකුත් කිරීම *(ඇමුණුම 09)* - -
8 වෙළඳාම් / ව්‍යාපාර ස්ථානය පිස්කල් විසින් මුදා තැබීම සමාප්ති ආඥාවේ සඳහන් පරිදි -
04.1 හැඳින්වීම
බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මඟින් පැවරීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත පවත්වා ගෙන යනු ලබන යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් බද්දක් අය කර ගැනීමේ බලතල, පළාත් පාලන ආයතන වලට පවරා දෙනු ලැබ ඇත.

මේ යටතේ එම ආයතනය විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාර මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.

ව්‍යාපාර බද්ද යන්න මේ පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් හෝ 150 වගන්තිය යටතේ යම් බද්දක් ගෙවීමට අවශ්‍ය නොවන්නා වූ යම් වෙළඳ ව්‍යාපාරයක් යම් ප්‍රාදේශීය සභාවක් සීමාවන් තුළ පවත්වාගෙන යන සෑම තැනැත්තෙකු ම මත බදු ගෙවිය යුතුය.
04.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය සමඟ කියවිය යුතු 152 වන වගන්තිය.
04.3 සුදුසුකම්
(අ) වාර්ෂික බදු පැනවීමේ යෝජනාව අනුප්‍රමාණ දක්වමින් පළාත් පාලන ආයතනය විසින් සම්මත කර බද්දට යටත් වර්ෂයට පෙර වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර ගැසට් පත්‍රයේ පළ කර තිබිය යුතුය.
(ආ) බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම නොමැති අවස්ථාවක සහ කර්මාන්ත බද්දක් නියම කර නොමැති අවස්ථාවක ඒ ව්‍යාපාරය මේ බද්දට යටත් වේ.
04.4 ගාස්තුව
(අ) පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරයෙන් පෙර වර්ෂයේ ආදායම අනුව බදු මුදල විචලනය වේ.

(ආ) පසුගිය වර්ෂය සඳහා ඒ ව්‍යාපාරයෙන් ලැබූ ආදායම -
- රු. 6,000.00 නො ඉක්මවන විට බද්ද: රු. නැත
- රු. 6,000.00 ඉක්මවන සහ රු. 12,000.00 නො ඉක්මවන විට බද්ද: රු. 90.00
- රු. 12,000.00 ඉක්මවන සහ රු. 18,750.00 නො ඉක්මවන විට බද්ද: රු. 180.00
- රු. 18,750.00 ඉක්මවන සහ රු. 75,000.00 නො ඉක්මවන විට බද්ද: රු. 360.00
- රු. 75,000.00 ඉක්මවන සහ රු. 150,000.00 නො ඉක්මවන විට බද්ද: රු. 1,200.00
- රු. 150,000.00 ඉක්මවන විට බද්ද: රු. 3,000.00
04.7 ව්‍යාපාර බදු නොගෙවීමේ නෛතික ප්‍රතිවිපාක
ව්‍යාපාර බදු නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන නෛතික ප්‍රතිවිපාක සහ පටිපාටි පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 බද්ද ගෙවන ලෙසට සිහි කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම *(ඇමුණුම 04)* බද්ද ගෙවීමට නියම කළ දින සිට දින 7 කට පසු හා දින 15 කට පෙර ලේකම්
2 සිහි කැඳවීමට අනුගත වී නොමැති විට බද්ද අය කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් ගොනු කිරීම *(ඇමුණුම 05/06)* සිහි කැඳවීමේ දින සිට දින 10 ක් ගත වීමට පෙර ලේකම්
3 අය කර ගත යුතු බද්ද දණ්ඩක් වශයෙන් අය කර ගැනීමට නියෝගය නිකුත් කිරීම - මහේස්ත්‍රාත්වරයා
4 බද්ද අය කර ගැනීම සහ ලදු පතක් නිකුත් කිරීම අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ආදායම් පරීක්ෂක / විෂය භාර නිලධාරී
5 අය කර ගත් බද්ද පිළිබඳ තොරතුරු, ව්‍යාපාර බදු ගෙවීමට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සහ ව්‍යාපාර බදු ලේඛනයේ සටහන් කිරීම අධිකරණ තීන්දු ප්‍රකාශයේ දින සිට දින 7 ක් ඇතුළත විෂය භාර නිලධාරී
05.1 හැඳින්වීම
(අ) බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මඟින් පැවරීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත පවත්වා ගෙන යනු ලබන යම් කර්මාන්තයක් සම්බන්ධයෙන් බද්දක් අය කර ගැනීමේ බලතල, පළාත් පාලන ආයතන වලට පවරා දෙනු ලැබ ඇත. මේ යටතේ එම ආයතනය විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.

(ආ) බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම නොමැතිාවූ ද නිශ්චිතව හඳුනාගෙන උපලේඛනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති කර්මාන්තය මේ බද්දට යටත් වේ.
05.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය සමඟ කියවිය යුතු 150 වන වගන්තිය.
05.3 සුදුසුකම්
(අ) වාර්ෂිකව උපලේඛනයක් සහිත බදු පැනවීමේ යෝජනාව පළාත් පාලන ආයතනය විසින් සම්මත කර ගැසට් පත්‍රයේ පළ කර තිබිය යුතුය.

(ආ) බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම නොමැතිාවූ ද නිශ්චිතව හඳුනාගෙන උපලේඛනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති කර්මාන්තය මේ බද්දට යටත් වේ.
05.4 ගාස්තුව
(අ) කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත බදු මුදල විචලනය වේ.

(ආ) ස්ථානයේ වාර්ෂික වටිනාකම -
නගර සභාවක් හා ප්‍රාදේශීය සභාවක් වන විට
- රු. 750.00 නො ඉක්මවන විට බද්ද: රු. 500.00
- රු. 750.00 ඉක්මවන සහ රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද: රු. 750.00
- රු. 1,500.00 ඉක්මවන විට බද්ද: රු. 1,000.00

මහ නගර සභාවක් වන විට
- රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද: රු. 2,000.00
- රු. 1,500.00 ඉක්මවන නමුත් රු. 2,500 නො ඉක්මවන විට බද්ද: රු. 3,000.00
- රු. 2,500 ඉක්මවන විට බද්ද: රු. 5,000.00
05.7 කර්මාන්ත බදු නොගෙවීමේ නෛතික ප්‍රතිවිපාක
කර්මාන්ත බදු නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන නෛතික ප්‍රතිවිපාක සහ පටිපාටි පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 බද්ද ගෙවන ලෙසට සිහි කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම *(ඇමුණුම 04)* බද්ද ගෙවීමට නියම කළ දින සිට දින 7 කට පසු හා දින 15 කට පෙර ලේකම්
2 සිහි කැඳවීමට අනුගත වී නොමැති විට බද්ද අය කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් ගොනු කිරීම *(ඇමුණුම 05/06)* සිහි කැඳවීමේ දින සිට දින 10 ක් ගත වීමට පෙර ලේකම්
3 අය කර ගත යුතු බද්ද දණ්ඩක් වශයෙන් අය කර ගැනීමට නියෝගය නිකුත් කිරීම - මහේස්ත්‍රාත්වරයා
4 බද්ද අය කර ගැනීම සහ ලදු පතක් නිකුත් කිරීම අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ආදායම් පරීක්ෂක / විෂය භාර නිලධාරී
5 අය කර ගත් බද්ද පිළිබඳ තොරතුරු, කර්මාන්ත බදු ගෙවීමට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සහ කර්මාන්ත බදු ලේඛනයේ සටහන් කිරීම අධිකරණ තීන්දු ප්‍රකාශයේ දින සිට දින 7 ක් ඇතුළත විෂය භාර නිලධාරී
06.1 හැඳින්වීම
කිසියම් ඉඩමක් කවර හෝ ආර්ථික කාර්යයකට යෙදවීමෙන් වැළකී සිටීමෙන් අදාළ ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනයට සිදු වන හානිය විශාලය. මේ තත්වය දිගින් දිගටම පැවතීම වළක්වා ගැනීම අරමුණු කරගෙන මේ බද්ද නියම කිරීමට නෛතික ප්‍රතිපාදන සැලස්වා ඇත. පළාත් පාලන ආයතනවලට අය කර ගැනීමට නීතිමය ප්‍රතිපාදන සැලස්වා දී තිබෙන ස්වයං නිෂ්පාදන ආදායම් අතරින් “... සභාව විසින් නියම කර අය කර ගත යුතු ය.” යනුවෙන් සඳහන් එකම ආදායම් වර්ගය මේ සංවර්ධනය නොකළ ඉඩම් මත බද්ද වේ. ප්‍රාදේශීය සභාව විසින් තීරණය කළ යුතු වන්නේ සංවර්ධනය නොකළ ඉඩම හඳුනාගැනීමේ ක්‍රමවේදය සහ එකී ඉඩම මත අයකළ යුතු වන බදු ප්‍රතිශතය කුමක් ද යන්න පමණි.
06.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 153 වගන්තිය.
06.3 සුදුසුකම්
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි යම් ඉඩමක් සාමාන්‍ය වියදමින් සංවර්ධනය කළ හැකි ව තිබෙන අවස්ථාවක -
(අ) ඒ ඉඩමෙහි කිසිම ගොඩනැගිල්ලක් ඉදි කර නොමැති අවස්ථාවක; හෝ
(ආ) ඒ ඉඩම විධිමත් හෝ නීත්‍යානුකූල ලෙස වගා කිරීමට යටත් කර නොමැති අවස්ථාවක; හෝ
නැතහොත්,
(ඇ) ප්‍රාදේශීය සභාව විසින් තීරණය කරනු ලබන පරිදි, සැබෑවින්ම ඒ ඉඩමේ ඇති ගොඩනැගිලිවලින් ආවරණය වූ බිම් ප්‍රමාණය, ඒ ඉඩමේ මුළු බිම් ප්‍රමාණය අතර අනුපාතයට වඩා අඩු ප්‍රමාණයක පවතින විට,
ඒ ඉඩම, සංවර්ධනය නොකළ ඉඩම් මත බදු ගෙවීමට යටත් වේ.
06.4 ගාස්තුව
ඒ ඉඩමේ ප්‍රාර්භන බිම් අගයෙන් මහ සභාව තීරණය කරනු ලබන ප්‍රතිශතයට සමාන මුදල.
සටහන:
  • බද්ද අය කිරීමට මහ සභාව තීරණය කළ යුතු ප්‍රතිශතය 2% ක ප්‍රමාණය නොඉක්මවිය යුතු ය.
  • ප්‍රාර්භන බිම් අගය යනු ඒ ඉඩම සියලු උකස් කිරීම, බදු දීම්, බැඳීම් හෝ වෙනත් අයහාරවලින් තොරව, ගොඩනැගිලි හැර ඒ ඉඩම විවෘත වෙළඳ පොළෙහි විකුණන විට ගෙවනු లබන මුදල අදහස් වේ.
06.6 ගෙවීම පැහැර හැර ඇති විට කාර්යය පටිපාටිය
සංවර්ධනය නොකළ ඉඩම් මත බදු ගෙවීම පැහැර හැර ඇති විට අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 චංචල දේපළ තහනමට ගැනීමේ බලපත්‍රය නිකුත් කිරීම නිවේදනයේ දින සිට දින 10 ක් ගත වීමට පෙර ලේකම්
2 චංචල දේපළ තහනමට ගැනීම / තහනමට ගත හැකි චංචල දේපළ නොමැති විට, නිශ්චල දේපළ තහනමට ගැනීමට අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම බලපත්‍රය නිකුත් කළ දින සිට දින 30 ක් ගත වීමට පෙර ආදායම් පරීක්ෂක
07.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ පවතින මංමාවත් සකස් කර දීමෙන් ජනතාවට ලැබෙන සේවාව සැලකිල්ලට ගනිමින්, ඒ මංමාවත්වල ධාවනය කරන නැතහොත් ගමන් කරවන ඇතැම් වර්ගයේ වාහන සහ සතුන් හිමිකරුවන්ගෙන් පළාත් පාලන ආයතනය වෙත අය කර ගැනීමට නීතිමය ප්‍රතිපාදන සැලස්වා ඇති බද්දකි.
07.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 148 වන වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ හතර වන උප ලේඛනය.
07.3 සුදුසුකම්
පහත දැක්වෙන යම් වාහනයක් හෝ සතෙකු තබා ගන්නා සෑම තැනැත්තෙකුම, ඒ වාහනය හෝ සතා තම සන්තකයේ හෝ භාරයේ හෝ පාලනය යටතේ තබා ගන්නා එක් එක් තැනැත්තා විසින් ප්‍රාදේශීය සභාවේ පාලන සීමාව ඇතුළත ඒ වාහනය හෝ සතා තබා ගෙන සිටི་ හෝ ප්‍රයෝජනයට ගනු ලැබූ කාලය දින 30 ඉක්මවූ වහාම මේ බද්දට ගෙවීමට ඒ තැනැත්තා යටත් වේ.

වාහන:
(අ) මෝටර් වාහන පනතේ අර්ථಾನುಕೂල මෝටර් වාහනයක් නොවන සෑම වාහනයක් ම;
(ආ) බයිසිකල් හෝ ත්‍රicyclhcl/ත්‍රිරෝද රථ හෝ බයිසිකල් කාර් හෝ කරත්ත හෝ අත් කරත්ත හෝ රික්ෂෝ.

සතුන්:
අශ්වයන්, පෝනීන්, කොටළුවන් සහ ඇතුන්.
සටහන:
  • විෂ්කම්භය අඟල් 26 නොඉක්මවන රෝද සහිත ළමා වාහන, වීල් බැරෝ, හුදෙක් පෞද්ගලික ස්ථානවල පමණක් වෙළඳ කාර්යය සඳහා යොදවන අත් කරත්ත සහ වෙළඳ කාර්යය සඳහා නොයොදවන අත් කරත්ත මේ බද්ද ගෙවීමට යටත් නොවේ.
  • යම් තැනැත්තෙකු විසින් ප්‍රාදේශීය සභාවේ පාලන සීමාව ඇතුළත, යම් වාහනයක් හෝ සතෙකු තම සන්තකයේ හෝ භාරයේ හෝ පාලනය යටතේ තබා ගෙන සිටින හෝ ප්‍රයෝජනයට ගනු ලබන කාලය දින 30 ට අඩු වන අවස්ථාවක, ඒ තැනැත්තා මේ බද්ද ගෙවීමට යටත් නොවේ.
  • පහත සඳහන් යම් වාහනයක් හෝ සතෙකු, එනම් -
    • රජයේ හෝ ප්‍රාදේශීය සභාවේ දේපළක් වන යම් වාහනයක් හෝ සතෙකු;
    • වෙනත් යම් කාර්යයක් සඳහා භාවිතා නොකර සද්භාවයෙන් ක්‍රියා කරන වාහන වෙළෙන්දන් විසින් විකිණීම සඳහා තබා ඇති වාහන; සහ
    • රථවාහන පනතේ 3 වන වගන්තිය යටතේ බලපත්‍ර ගාස්තුවකට හෝ මෝටර් වාහනවලට අදාළ තත්කාලයේ බලාත්මකව පَمතින යම් ප්‍රඥප්තියක් යටතේ බද්දකට යටත් වන වාහන, සම්බන්ධයෙන් මේ බද්ද අදාළ නොවේ.
07.4 ගාස්තුව
වාහන හා සතුන් වර්ගය - (රු. සත)
  1. මෝටර් රථයක්, මෝටර් කාර්යක්, මෝටර් ලොරියක්, මෝටර් බයිසිකලයක්, කරත්තයක්, ත්‍රිරෝදචක්‍රයක්, බයිසිකලයක් හෝ ත්‍රicyclhcl නොවන සෑම වාහනයක් සඳහා: රු. 25.00
  2. සෑම බයිසිකලයක් හෝ ත්‍රicycle හෝ බයිසිකල් කාර්යක් හෝ කරත්තයක් සඳහා -
    • වෙළඳ කාර්යය සඳහා යොදවන්නේ නම්: රු. 18.00
    • වෙළඳ කාර්යය නොවන කාර්යය සඳහා යොදවන්නේ නම්: රු. 4.00
  3. සෑම කරත්තයක් සඳහා: රු. 20.00
  4. සෑම අත් කරත්තයක් සඳහා: රු. 10.00
  5. සෑම රික්ෂෝවක් සඳහා: රු. 7.50
  6. සෑම අශ්වයෙකු, පෝනියෙකු හෝ කොටළුවෙකු සඳහා: රු. 15.00
  7. සෑම ඇතෙකු සඳහා: රු. 50.00
සටහන: ඉහත සඳහන් “වෙළඳ කාර්යය” යන්නට, විකිණීම සඳහා හෝ අන්یاකාරයකින් හෝ යම් වෙළඳ ව්‍යාපාරයක් නැතහොත් කර්මාන්තයක් සඳහා වූ යම් ද්‍රව්‍ය හෝ බඩු හෝ යම් ලිඛිත නැතහොත් මුද්‍රිත ද්‍රව්‍ය ගෙන යාම හෝ ප්‍රවාහනය කිරීම ඇතුළත් වේ.
07.7 බදු ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිවිපාක
වාහන හෝ සතුන් පිළිබඳ බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 බලපත්‍රය ලබා නොගත් අය වෙත සිහි කැඳවීම - ලේකම්
2 බද්ද අය කර දෙන ලෙස මහේස්ත්‍රාත් වෙතින් ඉල්ලීමක් කිරීම බද්ද ගෙවීමට නියමිත දින සිට දින 7 ක් ගත වීමෙන් පසු ලේකම්
3 අය කළ යුතු බද්ද මහේස්ත්‍රාත් වරයා විසින් ගෙවීමට නියම කිරීම - -
08.1 හැඳින්වීම
(අ) බල ප්‍රදේශයේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකින් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට කෙරෙන පොදු ઉપયોગී සේවාවක් වශයෙන් පළාත් පාලන ආයතනය විසින් සති පොළ, මස් කඩ හා මාළු කඩ ඇති කර පවත්වා ගෙන යනු ලැබේ. සති පොළ පැවැත්වීමට ඉඩ සැලසීම පොදු ઉપયોગී සේවාවක් වශයෙන් සිදු කරනු ලබන බැවින් බල ප්‍රදේශයේ ජනතාවගේ නිෂ්පාදන ද්‍රව්‍ය විකුණා ගැනීමටත්, ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා පහසු මිලට ලබා ගැනීමට අවස්ථා සැලසීම ප්‍රාදේශීය සභාවේ යුතුකම සේ සැලකේ. මෙම ઉપયોગී සේවාවන් ලබා දීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාව වැය කරනු లබන වියදම් ආවරණ කර ගැනීම ද කළ යුතු ව ඇත.

(ආ) සතිපොළ සේවාවන් සැපයීමේ දී සභාවේ වියදම් ආවරණ කර ගැනීම සඳහා සභා සතු දේපළ හි වෙළෙඳාමේ නියුക്ത තැනැත්තන්ගෙන් ගාස්තු අයකරීමට පළාත් පාලන ආයතන ක්‍රම දෙකක් යොදා ගනී.
(i) සභාවේ නිලධාරීන් යොදවා ගාස්තු අය කිරීම.
(ii) සති පොළෙහි ගාස්තු අය කිරීමේ කාර්යය වාර්ෂිකව බාහිර තැනැත්තෙකුට බදු දීම.

(ඇ) ඉහත කුಮನ ආකාරයකින් ගාස්තු අයකර ගැනීම සිදු කළ ද, එසේ අයකරනු ලබන ගාස්තුව ඉතා ඉහළ අගයක් වන්නේ නම්, එය වක්‍රව පාර්භෝගිකයාට ද සාධු ව වෙළෙண்டාට ද බලපෑම් සිදු කරනු ඇත.
08.2 නෛතික අධිකාරිය
  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 108 වන සහ 119 වන වගන්තිය.
  • වයඹ පළාත් පාලන කොමසාරිස්ගේ 2019.01.10 දිනැති 2019/01 චක්‍රලේඛය සහ 2019/02 චක්‍රලේඛනය සහ 2019/02(1) සංශෝධිත චක්‍රලේඛනයෙහි ප්‍රතිපාදන අදාළ වේ.
08.3 ගාස්තුව
(අ) පළාත් පාලන කොමසාරිස්ගේ 2019/01 චක්‍රලේඛයේ 3.V ඡේදයේ සඳහන් ආකාරයට ආපසු නොගෙවන ලංසු ඉල්ලුම් පත්‍ර ගාස්තුවක් සහ ආපසු ගෙවනු ලැබිය හැකි ලංසු ඇප තැන්පත් මුදලක් ලංසු ඉල්ලුම්කරුවන් විසින් ගෙවිය යුතුය.

(ආ) ලංසුකරුවන් විසින් ඉදිරිපත් කර ඇති ලංසු වටිනාකම් අතරින් සභාව විසින් පිළිගනු ලබන වාර්ෂික ලංසු වටිනාකම, සමාන වාරික 10 කින් මුල් මාස 10 තුළදී අය කර ගත යුතු ය. ලංසුකරු කැමැත්ත දක්වන්නේ නම් ලංසු මුදල එකවර ද ගෙවිය හැකිය.

(ඇ) එක් එක් වාරිකය ගෙවීමට නියමිත මාසයට පසුව එළඹෙන මාසයේ 10 වන දිනය තෙක් ඉඩ දීමට සභාව විසින් ක්‍රියාකළ යුතු ය.

(ඈ) පළාත් පාලන කොමසාරිස්ගේ 2019/01 චක්‍රලේඛයේ 03.VII ඡේදයේ සඳහන් වත්කම්වල ආරක්ෂාව සහ මාසික කුලි ආරක්ෂණය සඳහා බදු දේපළ භුක්තිය භාරගන්නා දින හෝ ඊට ප්‍රථම මාස 2ක බදු කුලිය ආපසු ගෙවන ගිවිසුම් ඇප තැන්පත් මුදලක් වශයෙන් ද , තවත් මාස 2ක බදු කුලිය ආපසු ගෙවනු లබන ආරක්ෂිත ඇප තැන්පත් මුදල වශයෙන් ද දෙවන පාර්ශ්වය විසින් එකවර ගෙවා නියමිත රিসිට් පත බදුකරු විසින් ලබාගත යුතු වේ. ගිවිසුම අවසන් වන අවස්ථාවේදී බදු ගැනීමරුගෙන් සභා සතු වත්කම් වල හානියක් හෝ කුලී මුදල් පැහැර හැරීමක් කර නොමැති නම් මෙම මුදල ආපසු ගෙවනු ලැබේ.
සටහන:
  1. ප්‍රාදේශීය සභාවේ ඉදිරි වර්ෂයේ ප්‍රසම්පාදන කාර්යයට අදාළව, ප්‍රසම්පාදන කමිටුව, ලංසු / යෝජනා විවෘත කිරීමේ කමිටුව සහ ලංසු ඇගයීම් කමිටු පත් කිරීම සහ ඒවාට අදාළ බලතල පැවරීම සෑම වර්ෂයක ම ප්‍රාදේශීය සභාවේ යෝජනා සම්මතයක් මඟින් කළ යුතුය.
  2. අදාළ වාර්ෂික බදුදීම සති පොළක් වන විටදි වෙළෙඳ ස්ථාන ඉඩ කඩ භාවිත කරනු లබන ඒ ඒ වෙළෙंदන්ගෙන් හෝ ස්ථානවලින් අයකරනු ලැබිය හැකි උපරිම ගාස්තුව සහ සති පොළ ගාස්තු අය කිරීමේ අයිතිය වාර්ෂිකව බදු දීමට අදාළ අවම ලංසුව තීරණය කිරීම මහ සභාව විසින් කළ යුතුය.
  3. ලංසු ඇගයීම් කමිටුවේ ඉහත නිර්දේශය සහ ලංසු ලියವಿලි ප්‍රාදේශීය සභාව විසින් යෝජනා සම්මතයක් මඟින් තීරණය කළ යුතුය.
08.4 අවම ලංසුව තීරණය කිරීම
  1. අවම ලංසුව තීරණය කිරීමේදී විධිමත් තක්සේරුවක් මත සිදුකළ යුතු අතර එය 2019/01 චක්‍රලේඛනයේ 2වන වගන්තියෙහි ප්‍රතිපාදන අනුව සිදුකළ යුතුය.
  2. යම් දේපළක පෙර වර්ෂයේ ලංසු වටිනාකම හෝ ප්‍රවර්තන තීරණය කර ඇති ලංසු වටිනාකම අඩු කළ යුතු විටදී ලේකම්වරයාගේ සාධාරණීකරණ වාර්තාව සමඟ මහ සභා තීරණයක් ගෙන පළාත් පාලන කොමසාරිස්වරයාට යොමු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුය.
08.6 වාරික මුදල් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක දී ක්‍රියාත්මක වීම
වාරික මුදල් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක දී අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 වාරික මුදල් ගෙවීම පැහැර හැර ඇති බව බදු ගැනීමරුට නිවේදන කිරීම වාරික මුදල් ගෙවීමට නියමිත දින පසු වූ සතියක් ඇතුළත ලේකම්
2 දන්වීමට අනුව වාරික මුදල් සහ ප්‍රමාද ගාස්තු (10%) අය කර ගැනීම නිවේදනය නිකුත් කළ දින සිට දින හතක් ඇතුළත ලේකම්
3 දන්වීමට අනුව වාරික මුදල් ගෙවීම තව දුරටත් පැහැර හරින්නේ නම් සහ එය සති පොළක් වන විටදි සති පොළ භූමියට බදු ගැනීමරු ට ඇතුළ වීම තහනම් කරමින් ලිපින නියෝග නිකුත් කර හිඟ වාරික මුදල් ගෙවන තෙක් සති පොළට ඇතුළ වීමට ඉඩ නොදෙන බවටත් සභාවේ නිලධාරීන් လවා ගාස්තු අය කිරීම කරනු లබන බව බදු ගැනීමරුට නිවේදන කිරීම මුල් නිවේදනය නිකුත් කළ දින සිට දින අටක් ගත වූ පසු ලේකම්
4 නිවේදනයට අනුව වාරික මුදල් සහ ප්‍රමාද ගාස්තු (10%) අය කර ගැනීමෙන් පසු සති පොළට ඇතුළු වීමට අවසර දීම වාරික මුදල් සහ ප්‍රමාද ගාස්තු ගෙවූ දින ලේකම්
5 දෙවන නිවේදනයට අනුව නියමිත දිනට පෙර හිඟ මුදල් ගෙවීම තවදුරටත් පැහැර හරින්නේ නම්, බදු කුලී ආරක්ෂණ ඇප තැන්පත් මුදල සහ දේපළ ආරක්ෂණ ඇප තැන්පත් මුදල සභාව සතු කරනු లබන දිනය බදු ගැනීමරු ට නිවේදන කිරීම දෙවන නිවේදනය නිකුත් කළ දින සිට දින අටක් ගත වූ පසු ලේකම්
6 අවස්ථාවෝචිත පරිදි, හිඟ මුදල් ගෙවා බද්දේ වළංගුතාව ඉදිරියට පවත්වා ගෙන යාමට බදු ගැනීමරු ට අවස්ථාව දීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අවස්ථාවෝචිත පරිදි, නියම කර ඇති දින දී නැතහොත් නියමිත ඉක්ම ගිය වහාම ලේකම්
09.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් ඉඩමක් වෙන්දේසිකරුවකු හෝ තැරැව්කරුවකු හෝ ඔහුගේ සේවකයා හෝ අනුයෝජිතයා විසින් විකිණීම කරනු ලබන අවස්ථාවක, ඒ ඉඩම විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලින් සියයට එක(1%)කට සමාන මුදලක් අදාළ පළාත් පාලන ආයතනයට බද්දක් වශයෙන් ගෙවිය යුතුය.
09.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 154 වන වගන්තිය.
09.3 සුදුසුකම්
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත පිහිටි කිසියම් ඉඩමක් විකිණීම කරන වෙන්දේසිකරුවකු හෝ තැරැව්කරුවකු හෝ ඔහුගේ සේවකයා හෝ අනුයෝජිතයා විසින් මෙම බද්ද ගෙවීමට යටත් වනු ඇත.
සටහන:
  1. කිසියම් වාණිජ බැංකුවක් විසින් හෝ වෙනත් යම් මූල්‍ය ආයතනයක් විසින් යම් ඉඩමක් හෝ නිවසක් සහිත ඉඩමක් උකසට ගෙන ණය මුදලක් ගෙවා තිබිය දී, අදාළ ණය මුදල ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක ඒ ණය මුදල අය කර ගැනීමේ කාර්යය සඳහා අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට පැවරී ඇති ඇටෝර්නි බලය අනුව ඒ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඒ ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම කරනු ලැබීමේ දී, ඒ වෙන්දේසිය සිදුකරන වෙන්දේසිකරු විසින් විකිණීමට තීන්දු කරනු ලැබූ මුදලින් සියයට එකකට සමාන ප්‍රමාණයབශයෙන් මේ බද්ද ඒ වෙන්දේසිකරුගෙන් අය කර ගත යුතු ය.
  2. ඉහත සඳහන් යම් වෙන්දේසියකදී ඉඩම මිල දී ගැනීමට ගැනුම්කරුවකු ඉදිරිපත් නොවන විටක, බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් ඒ ඉඩම මිල දී ගැනීමට ක්‍රියා කරන අවස්ථා පවතී. එවැනි අවස්ථාවක වුව ද මේ බද්ද ගෙවීමට වෙන්දේසිකරු හෝ තැරැව්කරුවකු හෝ ඔහුගේ සේවකයා හෝ අනුයෝජිතයා යන්නට අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය අදහස් වේ.
  3. යම් අධිකරණයක් විසින් කරනු లබන විධානයක් මත අධිකරණයේ පිස්කල් විසින් යම් දේපළක් වෙන්දේසි කිරීම සිදු කරන අවස්ථා දී ද, මේ බද්ද අය කර ගත යුතු අතර අදාළ පිස්කල් වෙන්දේසිකරු වශයෙන් සැලකිය යුතු ය.
09.4 ගාස්තුව
අදාළ ඉඩම විකිණීමෙන් ලබාගත් සම්පූර්ණ මුදලින් සියයට එකක් (1%) බද්ද වශයෙන් ගෙවිය යුතුය.
සටහන: ඇතැම් වෙන්දේසිකරුවකු හෝ තැරැව්කරුවකු හෝ ඔහුගේ සේවකයා හෝ අනුයෝජිතයා විසින් ඉඩම විකුණනු ලැබූ මුදලේ වටිනාකම අඩුවෙන් පෙන්වා දෙමින් ඔප්පු පිළියෙළ කරනු లබන අවස්ථා තිබිය හැක. එවැනි අවස්ථා අනාවරණ කර ගැනීම සඳහා පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඒ වටිනාකම පිළිබඳ තහවුරු කර ගැනීම ලේකම්වරයාගේ කාර්යය විය යුතුය.
09.6 බදු මුදල ගෙවීම පැහැර හැර ඇති විට කාර්යය පටිපාටිය
බදු මුදල ගෙවීම පැහැර හැර ඇති විට අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 බදු මුදල ගෙවීම පැහැර හැර ඇති තැනැත්තාට ඒ පිළිබඳ සිහි කැඳවීම බදු මුදල ගෙවීම සඳහා බදු නිවේදනය භාර දුන් දිනෙන් දින හතක් පසු වූ වහාම ලේකම්
2 සිහි කැඳවීමට අනුගත නොවන්නේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීමක් ගොනු කිරීම සිහි කැඳවීමේ දින සිට දින හතක් පසු වූ වහාම ලේකම්
3 අය විය යුතු බද්ද, දඩයක් වශයෙන් අය කිරීමට නියෝග නිකුත් කිරීම - මහේස්ත්‍රාත්
10.1 හැඳින්වීම
විනෝද බදු ආඥාපනත යටතේ ප්‍රාදේශීය සභාව විසින් තීරණය කොට නියම කරන ලද විනোদ බද්ධ අමාත්‍යවරයා විසින් අනුමත කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරනු ලැබූ දින සිට, කිසියම් විනোদ කාර්යයක් සඳහා තැනැත්තන් ඇතුළ කොට ගැනීමට අයකරගනු లබන ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන්, ඉහත පරිදි සභාව විසින් තීරණය කරන ලද ප්‍රතිශතයකට සමාන මුදලක් විනোদ බද්ධ වශයෙන් ප්‍රාදේශීය සභාවට ගෙවීමට ඒ විනোদ කාර්යය කරනු ලබන හෝ පවත්වනු లබන තැනැත්තා යටත් විය යුතුය. එසේ වුවද පහත සඳහන් විනোদ කාර්යයන් විනোদ බද්ධයට යටත් නොවනු ඇත.

(අ) සන්නද්ධ හමුදාවල (යුද, නාවික හෝ ගුවන්) සාමාජිකයන්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා පවත්වනු లබන විනোদ සංදර්ශන.
(ආ) ආධුනිකයෙකුගේ මූල් ප්‍රසංග දහ(10)ය. (ආධුනිකයා පදිංචි ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයේ නම්, ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කරනු లබන සහතිකයකින් ද, නැතහොත් වෙනත් ප්‍රදේශයක තැනැත්තෙකු නම් ඔහු පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරනු లබන සහතිකයක් මඟින් ඔහු විසින් මෙතෙක් පවත්වා ලබන ප්‍රසංග වාර ගණන තහවුරු කළ යුතු ය.)
(ඇ) වේදිකා නාට්‍ය හෝ රූකඩ සංදර්ශන.
සටහන:
  1. කිසියම් විනোদ කාර්යයක් පවත්වනු ලබන ස්ථානයට ප්‍රවේශ වීමට සහ ඇතුළත් කෙරෙන විනোদ කාර්යය සඳහා වෙන වෙනම ගාස්තු අය කරනු లබන විට දී, ඒ සෑම අය කිරීමක්ම විනোদ බද්ධයට යටත් වනු ඇත.
  2. කිසියම් විනোদ කාර්යයක් සඳහා මුද්‍රණය කරන ලද ප්‍රවේශ පත්‍ර නොමැතිව අන්තර්ජාල මාර්ග ගත හෝ වෙනත් යම් ආකාරයකින් ගාස්තු අය කරනු లබන අවස්ථාවක දී ද, අය කර ගත් මුදලට సరిलන විනোদ බද්ධ ගෙවිය යුතු ය.
  3. තමන් විසින්ම ක්‍රියාකරන හෝ කරවන යන්ත්‍ර හෝ වෙනත් ක්‍රියාකාරකමකින් විනোদ වීමේ අවස්ථාවක, ඒ සඳහා ගාස්තු අය කරනු ಲබන්නේ නම්, එසේ අය කරනු लබන ගාස්තුවද විනোদ බද්ධයට යටත් වනු ඇත.
10.2 නෛතික අධිකාරිය
  • 257 වන ಅಧಿಕාරය වන විනোদ බදු ආඥාපනත.
  • 1947/02/26 දින 9672 අංක දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විනোদ බදු රეგුලාසි.
10.3 ගාස්තුව (බද්ද)
අමාත්‍යවරයා විසින් අනුමත කරනු లබ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිශතයට සමාන මුදල.
සටහන:
  1. අය කර ගන්නා ලද විනোদ බදු මුදල පළමුව සභාවේ තැන්පත් ගිණුමේ තැන්පත් කර ගත යුතු ය.
  2. විනোদ කාර්යය අවසන් වීමෙන් පසු මුද්‍රා තබන ලද ප්‍රවේශ පත්‍රවල ඉතිරි වූ ප්‍රමාණය ඉදිරිපත් කිරීමෙන් පසු විකුණන ලද ප්‍රවේශ පත්‍රවලට අදාළ විනোদ බදු මුදල ගුණන් බලා, ඒ මුදල සභාවේ ආදායම් ශීර්ෂ 6 - 15 ට ද, ඉතිරිය සංවිධායක වෙත ද ආපසු ගෙවනු ලැබිය යුතු අතර, තැන්පත් කර ගෙන ඇති මුළු මුදල්ම තැන්පත් ගිණුමට ගැළපීම් කළ යුතු ය.
  3. කිසියම් සිනමා ශාලාවක නිරන්තරයෙන් පවත්වනු లබන සිනමා දර්ශන සඳහා මේ ක්‍රමවේදය අදාළ නොවන අතර, ඉදිරි මාස සඳහා දිගින් දිගටම විනোদ බදු අය කර ගනිමින් සාමූහික ආදායම් ශීර්ෂ 6 - 15 ට ගෙවනු ලැබිය හැකිය.
10.4 බද්දට යටත් තැනැත්තා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ
(අ) මුද්‍රණය කරන ලද එක් එක් වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර (විනোদ කාර්යය කෙරෙන ස්ථානය තුළ ගාස්තු අය කරන සෑම ස්ථානයකටම අදාළ) ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කොට ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා තබා ගත යුතු ය. (මේ ඉල්ලීම සමඟ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරන මුද්‍රණාලයේ හිමිකරු හෝ කළමනාකරු විසින් නිකුත් කරනු లබන මුදල් භාරගැනීමේ කුවිතාන්සියේ මුල් පිටපත සමඟ ඡායාපිටපතක් ද ඔහු විසින් වෙනම නිකුත් කරනු లබන සහතිකයක් ද මඟින් මුද්‍රණය කරන ලද එක් එක් වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍රවල ප්‍රමාණය තහවුරු කළ යුතු ය.)

(ආ) මුද්‍රා තබන ලද ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයේ වටිනාකමින් විනোদ බද්දට යටත් මුදල් ප්‍රමාණය සභාවේ තැන්පත් කළ යුතු ය.
10.5 බද්ද නොගෙවීමෙන් ඇතිවන ප්‍රතිපාක
විනোদ බදු නොගෙවීම හේතුවෙන් අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 විනোদ බදු ගෙවීම පැහැර හැරිය තැනැත්තාගෙන්, විනোদ බදු දඩයක් වශයෙන් නියම කොට අය කර දෙන ලෙස මහේස්ත්‍රාත් වෙත ඉල්ලීමක් කිරීම විනোদ බදු ඉල්ලා නිවේදනය යැවූ දින සිට දින 7 ක් ඉකුත් වීමෙන් පසු ලේකම්
10.6 විනোদ බද්දෙන් නිදහස් කිරීම
(අ) ගාස්තු අය කර පවත්වනු లබන යම් විනোদ කාර්යයකින් උපයා ගන්නා මුදලින් ඉතිරි වන සම්පූර්ණ මුදලම, කිසියම් පූණ්‍ය කටයුත්තකට යොදවනු ලබන්නේ නම් හා එසේ ඉතිරි වන මුදල සමස්ත වියදමින් සියයට හැට (60%) ක් හෝ ඊට වැඩි වන්නේ නම් පමණක්, අය කර ගන්නා ලද විනোদ බදු මුදල ආපසු නිදහස් කිරීම සලකා බලනු ලැබිය හැකිය.

(ආ) ඇතුළත් කර ගැනීම සඳහා ගාස්තු අය කරනු లබන කිසියම් විනোদ කාර්යයක් විනোদ බද්දෙන් නිදහස් කර ගැනීමට සංවිධායකයන්ට අවශ්‍ය වන යම් තැනැත්තකු, මෙහි ඇමුණුම් අංක 01 හි ආදර්ශයට අනුව පිළිවෙළ කළ ගණනය කිරීම් පත්‍රිකාවක් සමඟ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිය හැකිය. එසේ වුවද, ඉහත 4 ඡේදයේ ආකාරයෙන් ගණන් බලන ලද විනোদ බද්දට සමාන මුදලක් සභාවේ තැන්පත් කළ යුතු ය.
විනোদ කාර්යය අවසන් වී දින තිහක් ගත වීමට පෙර මෙහි ඇමුණුම් අංක 02 හි දැක්වෙන ගණනය කිරීම් වාර්තාවක් සභාපති වෙත ඉදිරිපත් කළ යුතු ය. විනোদ බද්දෙන් නිදහස් කිරීමට 1947/02/26 දින 9672 අංක දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විනোদ බදු රეგුලාසි 15(1) හි සඳහන් ආකාරයෙන්ම එකී ඉල්ලුම්ඉදිපත් කළ යුතු වන අතර එකී বিষয় භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබිව ලැබීම මත පමණක් සභාවේ තැන්පත් කරන ලද විනোদ බද්ද ආපසු ගෙවනු ලැබේ.
සටහන:
  1. විනোদ කාර්යයෙන් උපයාගත් මුදලින් ඉතිරි මුදල සම්පූර්ණයෙන්ම පූණ්‍ය කටයුත්තකට යොදවා ඇති බව තහවුරු කිරීම සංවිධායකගේ වගකීම විය යුතු ය.
  2. මේ ආකාරයෙන් වන විනোদ බද්දෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ බලය ඇත්තේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට පමණි.
11.1 හැඳින්වීම
ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය මස් සැපයීම සඳහා යොදාගන්නා සතුන් මරিমের ස්ථාන, ඒ අවට පරිසරය සහ විකිණීම සඳහා ඉදිරිපත් කරන මස්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීමට ප්‍රාදේශීය සභාවට ලැබී ඇති බලතල යටතේ, ගෝ ඝාතක ස්ථාන සඳහා නිකුත් කරනු లබන බලපත්‍රයකි.
සටහන: මේ බලපත්‍රය නිකුත් කිරීම අවස්ථා දෙකකට වෙන් කළ හැකි ය. එනම්, පළමු අවස්ථාවේ නිකුත් කරනු లබන බලපත්‍රය සහ ඊට පසුව බලපත්‍රය වාර්ෂිකව අලුත් කිරීම.
11.2 නෛතික අධිකාරිය
  • (අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 102 වගන්තිය
  • (ආ) 272 වන ಅಧಿಕාරය වූ ගෝ ඝාතක ආඥාපනත
  • (ඇ) 1990 අංක 12 දරණ වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය
  • (ඈ) 1685/11 අංක හා 2010/12/21 දින දරණ වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය යටතේ පනවා ඇති නියෝග
  • (ඉ) 1988.08.23 දින අංක 520/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ IV කොටසේ ප්‍රකාශිත ප්‍රාදේශීය සභා සම්මත අතුරු ව්‍යස්ථාපවල II වන කාණ්ඩයේ “32 - ඝාතක මඩු” පිළිබඳ අතුරු ව්‍යස්ථාව.
11.3 සුදුසුකම්
(අ) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මස් පිණිස සතුන් මැරීමේ ස්ථානයක් පවත්වාගෙන යාමට අදහස් කරන තැනැත්තෙකුට මේ අතුරු ව්‍යස්ථාව අනුව පළමු අවස්ථාවේ දී බලපත්‍රයක් සහ ඊට පසුව එළඹෙන වර්ෂ සඳහා බලපත්‍රය අලුත් කිරීමට ඉල්ලීම් කළ හැකිය.
(ආ) ඝාතක මඩුවේ සැලැස්ම පළාත් පාලන ආයතනයේ මහ සභාව විසින් නියම කරනු లබන සැලැස්මක් පිරිවිතරයන්ට අනුකූල වන ආකාරයට විය යුතුය.
(ඇ) ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් අනුමැතිය සහිත ගොඩනැගිලි සැලැස්ම සහ ඉදිකිරීම් බලපත්‍රය සහිතව ඝාතක මඩුව ඉදි කර, අනුකූලතා සහතිකය ලබාගෙන තිබිය යුතුය.
(ඈ) ගෝ ඝාතක ස්ථානයක් සඳහා වන පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන තිබිය යුතුය. (1685/11 අංක හා 2010/12/31 දින දරණ වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය යටතේ පනවා ඇති නියෝග වලට අනුගතව)
සටහන: කිසියම් උත්සවයක හෝ සැණකෙළියක අවස්ථාවක් සඳහා පමණක් මස් පිණිස සතුන් මැරීම සඳහා යම් තැනැත්තකු විසින් තාවකාලික බලපත්‍රයක් ඉල්ලීමක් කළ හැකිය. එවැනි බලපත්‍රයක් ඒ කාර්යය සඳහා වලංගු කරන ලද කාලයට පමණක් බල පැවැත්වේ.
11.4 ගාස්තුව
(අ) ප්‍රාදේශීය සභා පනතේ 149 වන වගන්තිය යටතේ ප්‍රාදේශීය සභාව විසින් කලින් කල නියම කරනු లබන බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුය.
(ආ) ඝාතක මඩු පිළිබඳ අතුරු ව්‍යස්ථාවල 15 වන වගන්තියේ සඳහන් ආකාරයෙන් ප්‍රාදේශීය සභාව විසින් කලින් කල තීරණය කරනු లබන හදිසි අවසර පත්‍ර ගාස්තුව සහ / හෝ ප්‍රදර්ශන මඩු ගාස්තුව ගෙවිය යුතුය.
සටහන:
  1. අය කිරීමට නියම කරනු లබන බලපත්‍ර ගාස්තුව ප්‍රාදේශීය සභාව විසින් වාර්ෂිකව තීරණය කළ යුතු අතර, ඉදිරි වර්ෂය ආරම්භ වීමට පෙර ගැසට් පත්‍රයේ නිවේදනය කළ යුතුය.
  2. අය කිරීමට නියම කරනු లබන හදිසි අවසර පත්‍ර ගාස්තුව සහ / හෝ ප්‍රදර්ශන මඩු ගාස්තුව ප්‍රාදේශීය සභාව විසින් තීරණය කර, 32 - ඝාතක මඩු අතුරු ව්‍යස්ථාවල 15 වන ඡේදයට ආදේශ කිරීමේ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කළ යුතුය.
11.9 බලපත්‍රය අලුත් කිරීමේ කාර්යයේ දී අතුරු ව්‍යස්ථාවේ විධිවිධාන සම්පූර්ණ නොමැති අවස්ථාවේ කාර්යය පටිපාටිය
බලපත්‍රය අලුත් කිරීමේ දී විධිවිධාන සම්පූර්ණ නොමැති අවස්ථාවන්හි අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 දිනයක් නියම කරමින් ඊට පෙර අඩුපාඩු සම්පූර්ණ කර වාර්තා කරන ලෙස ඉල්ලুমකරුට දැන්වීම මහජන සෞඛ්‍ය පරික්ෂකගේ වාර්තාව ලැබුණ දින සභාපති (විෂය භාර නිලධාරී)
2 නියම කළ දිනයට අඩුපාඩු සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇති අවස්ථාවක, අධිකරණ ක්‍රියාමාර්ග ගනු లබන බව දැනුම් දීම අඩුපාඩු සම්පූර්ණ කිරීමට නියම කළ අවසන් දිනට පසු දින සභාපති (විෂය භාර නිලධාරී)
3 අඩුපාඩු සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ තැනැත්තන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීම අධිකරණ ක්‍රියාමාර්ග ගනු లබන බව දැනුම් දුන් දින සිට දින 7 ක් ඇතුළත සභාපති (මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ ආදායම් පරික්ෂක)
4 වරදට වරදකරු කිරීම සහ දඩ අය කර ගැනීම - මහේස්ත්‍රාත්
5 අඩුපාඩු සම්පූර්ණ කර බලපත්‍රය ලබා ගන්නා ලෙස දැනුම් දීම අධිකරණ තීන්දුවේ දින සිට දින 3 ක් ඇතුළත සභාපති (විෂය භාර නිලධාරී)
6 බලපත්‍රය ලබා ගැනීම සඳහා නැවත අපොහොසත් වූ විට දෙවන වරට චෝදනා පත්‍ර ගොනු කිරීම නියම කළ දින සිට දින 7 ට පෙර සභාපති (මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ ආදායම් පරික්ෂක)
7 දෙවන වරට වරදකරු කිරීම සහ දඩ අය කර ගැනීම - මහේස්ත්‍රාත්
8 අඩුපාඩු සම්පූර්ණ කර බලපත්‍රය ලබාගන්නා ලෙස සහ එසේ කිරීමට අපොහොසත් වුවහොත් වෙළෙඳාම් කරගෙන යන ස්ථානය වසා දැමීම සඳහා සමාප්ති ආඥාව ලබාගන්නා බව දැනුම් දීම දෙවන වරට දඩ නියම කිරීමෙන් පසු දින 3 ක් ඇතුළත සභාපති (මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ ආදායම් පරික්ෂක)
9 බලපත්‍රය ලබා ගැනීමට තවදුරටත් අපොහොසත් වන්නේ නම් සමාප්ති ආඥාව සඳහා ඉල්ලුම් කිරීම දෙවන වරට දඩ නියම කිරීමෙන් පසු දින 10 ක් ඇතුළත සභාපති (මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ ආදායම් පරික්ෂක)
10 සමාප්ති ආඥාව නිකුත් කිරීම - මහේස්ත්‍රාත්
11 වෙළෙඳ ස්ථානය මුද්‍රා තැබීම - පිස්කල්
12.1 හැඳින්වීම
පළාත් පාලන ආයතනය, එම ප්‍රදේශයේ ජනතාවගේ සුබ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ ಕರ್තව්‍යය පැවරී ඇති පොදු අධිකාරය වේ. මේ සුබ සාධන කාර්යයේ එක් පියවරක් වශයෙන් ජනතාවගේ ශාරීරික සුවතාව රැකගැනීම සහ පොදු විනෝදය සැපයීම සඳහා ඒ පළාත් පාලන ආයතනය විසින් ක්‍රීඩා පිටனி ඇති කරනු లබන අතර, ක්‍රීඩා පිටනිය නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම හා එහි වැඩි දියුණු කිරීම වෙනුවෙන් වන වියදම් ආවරණය කර ගැනීම සඳහා මේ ක්‍රීඩා පිටனி කුලියට දීම කරනු లබේ.
12.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 108 වන වගන්තියේ (ඉ) ඡේදය සමඟ කියවිය යුතු 109 වන වගන්තියේ (ඈ) ඡේදය
12.3 සුදුසුකම්
පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව, ඒ අයගෙන් සමන්විතවන ක්‍රීඩා සංගම් සහ බල ප්‍රදේශය තුළ පිහිටි පාසල්වල ක්‍රීඩා කිරීමේ අවස්ථා හෝ ක්‍රීඩා උත්සව පැවැත්වීමේ අවශ්‍යතාව ඇති වෙනත් තැනැත්තන්.
12.4 ගාස්තුව
පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු లබන ගාස්තුවක් සහ ඊට సరిਲන ජාතික ගොඩනැගීමේ බද්ද (NBT), එකතු කළ අගය මත බද්ද (VAT) සහ ආපසු ගෙවනු ලැබිය හැකි ගාස්තුව ඒ පළාත් පාලන ආයතනයට ගෙවිය යුතුය.
12.7 සිදු වී ඇති අලාභය පιවා ගැනීමට තැන්පත් මුදල ප්‍රමාණවත් නොවන විට කාර්යය පටිපාටිය
තැන්පත් මුදල ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හි අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය కాల సీమావ අಧಿಕාරය
1 තැන්පත් මුදලේ වටිනාකම ඉක්ම වූ මුදල් ප්‍රමාණය සභාවේ තැන්පත් කරන ලෙස ඉල්ලুমකරුට ලිඛිතව දැනුම් දීම ක්‍රීඩා පිටනිය භාර නිලධාරී ගේ වාර්තාව ලැබුණු දිනයේම පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
2 අතිරේක මුදල අය කරගෙන ලදු පතක් නිකුත් කිරීම ලිඛිත දැනුම් කර දින හතක් ඇතුළත පෙරටු කාර්යාල නිලධාරී / මුදල් අය කැමී
3 අතිරේක මුදල ගෙවීම පැහැර හැර ඇති විටක, සිහි කැඳවීම කිරීම ලිඛිත දැනුම් කර දින හතකට පසුව පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
4 සිහි කැඳවීම අනුව මුදල් ගෙවීම තවදුරටත් පැහැර හැර ඇත් නම්, ඒ පිළිබඳ ව වාර්තා කිරීම සිහි කැඳවීමේ දින සිට දින හතකට පසුව පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
5 අදාළ මුදල දඩයක් වශයෙන් අය කර දෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීමක් ගොනු කිරීම සිහි කැඳවීමේ දින සිට දින දහයකට පසුව ලේකම්
13.1 හැඳින්වීම
බල ප්‍රදේශයේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකින් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට කෙරෙන පොදු උපයෝගී සේවාවක් වශයෙන් පළාත් පාලන ආයතනය විසින් කඩ කාමර ඉදිදිකරනු లබේ. ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා මේ කඩ කාමරවල ව්‍යාපාර කටයුතු කිරීමේ අයිතිය ලංසු කැඳවීම මඟින් තැනැත්තන් වෙත වාර්ෂිකව හෝ දීර්ඝකාලීනව බදු දෙනු లබන අතර එමඟින් ප්‍රාදේශීය සභාවට ආදායමක් ද උපයා ගනී.
13.2 නෛතික අධිකාරිය
  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 108, 19(xii), 119, 173 හා 174 යන වගන්ති
  • වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාගේ 2019/02 චක්‍රලේඛය
  • 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති
13.3 ගාස්තුව
(අ) ලංසු ඉල්ලුම්කරුවන්, ප්‍රාදේශීය සභාව විසින් අදාළ ලංසු කැඳවනු లබන අවස්ථාවේ දී තීරණය කර ප්‍රසිද්ධ කරනු లබන වටිනාකමෙන් යුක්ත වූ ආපසු නොගෙවන ලංසු ඉල්ලුම් පත්‍ර ගාස්තුවක්.

(ආ) කඩ කාමර බදු දීමේදී ලංසුකරුවන් විසින් ඉදිරිපත් වී ඇති ලංසු වටිනාකම් අතරින් සභාව විසින් පිළිගනු లබන වාර්ෂික ලංසු වටිනාකම වාරික 12 කින් අදාළ වර්ෂය තුළදී අයකර ගත යුතු අතර මාසික කුලිය අදාළ මාසයේ 10 වන දිනට පෙර අයකර ගත යුතුය.
13.6 වාර්ෂික මුදල් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක දී ක්‍රියාත්මක වීම
වාර්ෂික මුදල් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවන්හි අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 වාර්ෂික මුදල් ගෙවීම පැහැර හැර ඇති බව බදු ගැනුම්කරුට නිවේදනය කිරීම වාර්ෂික මුදල් ගෙවීමට නියමිත දින පසු වූ වහාම ලේකම්
2 නිවේදනයට අනුව වාර්ෂික මුදල් සහ ප්‍රමාද ගාස්තු ..........(අයකරන ප්‍රමාණය) අය කර ගැනීම නිවේදනය නිකුත් කළ දින සිට දින හතක් ඇතුළත ලේකම්
3 නිවේදනයට අනුව වාර්ෂික මුදල් ගෙවීම තවදුරටත් පැහැර හරින්නේ නම්, කඩ කාමරය මුද්‍රා තබා වාර්ෂික මුදල් ගෙවන තෙක් මුද්‍රා විවෘත නොකරන බව බදු ගැනුම්කරුට දැන්වීම නිවේදනය නිකුත් කළ දින සිට දින අටක් ගත වූ පසු ලේකම්
4 නිවේදනයට අනුව නියමිත දිනට පෙර හිඟ මුදල් සහ ප්‍රමාද ගාස්තු ගෙවීම තවදුරටත් පැහැර හරින්නේ නම්, කඩ කාමරය තුළ ඇති බදු ගැනුම්කරු සතු දේපළ විකුණා අය විය යුතු මුදල් අය කර ගනු లබන බවත්, කඩ කාමරයේ වසා බද්ද අවසන් කරන බවත් නිවේදනය කිරීම මුල් නිවේදනය නිකුත් කළ දින සිට දින අටක් ගත වූ පසු ලේකම්
5 දැන්වීමට අනුව වාර්ෂික මුදල් සහ ප්‍රමාද ගාස්තු ..........(ප්‍රමාණය) අය කර ගැනීමෙන් පසු කඩ කාමරයේ මුද්‍රා විවෘත කර දීම වාර්ෂික මුදල් සහ ප්‍රමාද ගාස්තු ගෙවූ දින හෝ ඊට පසු දින ලේකම්
6 දෙවන නිවේදනයෙන් පසුව ද හිඟ මුදල් සහ වාර්ෂික ගෙවීම පැහැර හරින්නේ නම්, අදාළ කඩ කාමරයේ ඇති බදු ගැනුම්කරු සතු දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන දිනය තීරණය කිරීම සහ ඒ පිළිබඳ ව බදු ගැනුම්කරුට නිවේදනය කිරීම දෙවන නිවේදනය නිකුත් කළ දින සිට දින අටක් ගත වූ පසු ලේකම්
7 අවස්ථාවෝචිත පරිදි හිඟ මුදල් ගෙවා වාස් බද්ද අවසන් කිරීම නතර කර ගැනීමට බදු ගැනුම්කරුට අවස්ථාව දීම හෝ භාණ්ඩ වෙන්දේසි කර හිඟ මුදල් ආවරණ කර ගැනීම සහ කඩ කාමරය නැවත බදු දීම සඳහා ලංසු කැඳවීම අවස්ථාවෝචිත පරිදි නියම කර ගත් දින නියමිත වෙළාවට පෙර නැතහොත් නියමිත වෙළාවේ දී ලේකම්
8 හිඟ බදු මුදල් නොගෙවන්නේ නම් හා තැන්පත් මුදල් තුලින් ආවරණ කර ගත නොහැක්කේ නම් ගිවිසුම් නීතිය යටතේ නෛතික ක්‍රියාමාර්ග ගැනීම බදු ගිවිසුම් කාලය අවසන් වූ වහාම හෝ ගිවිසුම කඩ කර බද්ද අවසන් කළ අවස්ථාවක දී හා අවුරුදු 6 ඉක්ම වීමට පෙර. ලේකම් / විෂය භාර නිලධාරී.
14.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනතාවගේ පොදු විනෝදය, උත්සව හෝ සම්භාෂණ පැවැත්වීමට පහසුකම් සැපයීම පිණිස ජනතාවගේ පොදු උපයෝගী සේවාවක් වශයෙන් යොදා ගත හැකි ශාලා ඇති කර පවත්වා ගෙන යාම සිදු කරනු లබේ.
14.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 108 වන වගන්තියේ (ඉ) ඡේදය සමඟ කියවිය යුතු 109 වන වගන්තියේ (ඈ) ඡේදය
14.3 සුදුසුකම්
කිසියම් උත්සව හෝ සම්භාෂණ හෝ විනෝද කාර්යයක් කිරීමට අවශ්‍ය තැනැත්තන් මේ සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත.
14.4 ගාස්තුව
පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු లබන ගාස්තුවක් සහ ඊට సరిਲන ජාතික ගොඩනැගීමේ බද්ද (NBT), එකතු කළ අගය මත බද්ද (VAT) සහ ආපසු ගෙවනු ලැබිය හැකි ගාස්තුව ඒ පළාත් පාලන ආයතනයට ගෙවිය යුතුය.
14.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
මෙහි උප ලේඛනයේ දැක්වෙන ඉල්ලුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
14.6 කාර්යය පටිපාටිය
උත්සව ශාලා, නගර ශාලා හෝ ප්‍රජා ශාලා කුලියට දීමේදී අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 සේවා ඉල්ලුම් පත්‍රය භාර ගැනීම - පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
2 අදාළ ගාස්තු අය කර ගෙන නියෝග සඳහා යොමු කිරීම ඉල්ලුම් පත්‍රය ලැබුණු දිනම පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
3 නියෝග නිකුත් කිරීම ඉල්ලුම් පත්‍රය ලැබුණු දිනම සභාපති / ලේකම්
4 සේවාව සැපයෙන ලෙස ශාලා භාරකරු දැනුවත් කිරීම හා ලේඛනයට ඇතුළත් කිරීම ඉල්ලුම් පත්‍රය ලැබුණු දිනම පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
5 කාර්යය අවසන් වීමෙන් පසු ශාලාව භාර ගැනීම සහ අලාභ සිදුවී තිබේ ද යන්න පරික්ෂා කර බලා වාර්තා කිරීම ශාලාව භාර ගත් වහාම ශාලාව භාර නිලධාරී
6 අලාභ සිදුවී ඇත නම්, තැන්පත් මුදලින් අලාභය අය කර ගැනීම සහ තැන්පත් මුදලින් යම් ඉතිරි මුදලක් වේ නම්, ඉල්ලුම්කරුට ආපසු ගෙවීම. ඉතිරි මුදල ඉල්ලා සිටීමෙන් පසු ව පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
සටහන:
  1. නොවැළැක්විය හැකි හේතුවක් නිසා සේවාව සැපයීමට නොහැකි වන්නේ නම්, ඉල්ලුම් පත්‍රය භාර ගන්නා අවස්ථාවේ දී ඒ බව ඉල්ලුම්කරුට ඒ බව දැන්විය යුතුය.
  2. කලින් ලැබී ඇති ඉල්ලීම් සමඟ සලකා බලා ඉල්ලීම් ලැබී ඇති අනුපිළිවෙළ අනුව සේවාව සැපයෙන දිනය තීරණය කරනු ඇත.
14.7 සිදු වී ඇති අලාභය පියා ගැනීමට තැන්පත් මුදල ප්‍රමාණවත් නොවන විට කාර්යය පටිපාටිය
තැන්පත් මුදල ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හි අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 තැන්පත් මුදලේ වටිනාකම ඉක්ම වූ මුදල් ප්‍රමාණය සභාවේ තැන්පත් කරන ලෙස ඉල්ලුම්කරුට ලිඛිතව දැනුම් දීම ශාලාව භාර නිලධාරී ගේ වාර්තාව ලැබුණු දිනයේම පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
2 අතිරේක මුදල අය කර ගෙන ලදු පතක් නිකුත් කිරීම ලිඛිත දැනුම් කර දින හතක් ඇතුළත පෙරටු කාර්යාල නිලධාරී / මුදල් අය කැමී
3 අතිරේක මුදල ගෙවීම පැහැර හැර ඇති විටක, සිහි කැඳවීම කිරීම ලිඛිත දැනුම් කර දින හතකට පසුව පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
4 සිහි කැඳවීම අනුව මුදල් ගෙවීම තවදුරටත් පැහැර හැර ඇත් නම්, ඒ පිළිබඳ ව වාර්තා කිරීම සිහි කැඳවීමේ දින සිට දින හතකට පසුව පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
5 අදාළ මුදල දඩයක් වශයෙන් අය කර දෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීමක් ගොනු කිරීම සිහි කැඳවීමේ දින සිට දින දහයකට පසුව ලේකම්
15.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවූ ප්‍රමාණයකින් පානීය අවශ්‍යතා හෝ වෙනත් කරුණු සඳහා ජලය අවශ්‍ය වන අවස්ථාවක දී, ඒ ජල ප්‍රමාණය බවුසර් මඟින් ලබාදෙන ලෙස කරනු లබන ඉල්ලීමක් පොදු උපයෝගීතා සේවාවක් ලෙස සැපයීමට සහ ඒ සඳහා ගාස්තුවක් අය කර ගැනීමට පළාත් පාලන ආයතනයට බලය ඇත.
15.2 නෛතික අධිකාරිය
  • 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 108 වන වගන්තියේ (අ) ඡේදය සමඟ කියවිය යුතු 109 වන වගන්තියේ (ඈ) ඡේදය සහ 122 සහ 126 වන වගන්ති වල විධිවිධාන.
  • සම්මත අතුරු ව්‍යවස්ථා හෝ සභා අතුරු ව්‍යවස්ථා.
15.3 සුදුසුකම්
ජල අවශ්‍යතාව පවතින ඕනෑම තැනැත්තකු මේ සඳහා සුදුසුකම් ලබයි.
15.4 ගාස්තුව
පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු లබන ගාස්තුවක් සහ ඊට సరిਲන ජාතික ගොඩනැගීමේ බද්ද (NBT), එකතු කළ අගය මත බද්ද(VAT) සහ ආපසු ගෙවනු ලැබිය හැකි ගාස්තුවක් පළාත් පාලන ආයතනයට ගෙවිය යුතුය.
15.7 සේවාව සැපයා නොහැකි විට කාර්යය පටිපාටිය
සේවාව සැපයීමට නොහැකි වූ අවස්ථාවන්හි අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 සේවාව සැපයීමට නොහැකි වූ බව වාර්තා කිරීම සේවාව සැපයීම සඳහා පිටත්ව ගිය දිනයේදීම බවුසර් රියදුරු
2 අය කර ගත යුතු මුදල සහ ආපසු ගෙවිය යුතු මුදලක් වේ නම්, ඒ ප්‍රමාණය ගණන් බැලීම සහ ඒ සඳහා අනුමැතියට යොමු කිරීම රියදුරුගේ වාර්තාව ලැබුණු වහාම පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
3 අය කර ගැනීම සහ ආපසු ගෙවිය යුතු මුදල් ප්‍රමාණය සඳහා අනුමැතිය දීම නිර්දේශය ලැබුණු දින ලේකම්
4 අය කර ගත යුතු මුදල් සහ ආපසු ගෙවිය යුතු මුදල් තැන්පත් ගිණුමෙන් ආදායම් ශීර්ෂවලට බැර කිරීම සහ ආපසු ගෙවිය යුතු මුදල් නිදහස් කිරීම අනුමැතිය ලැබුණු දින ලේකම්
16.1 හැඳින්වීම
සභාවක් විසින් නියම කර අය කර ගනු లබන වරිපනම් හෝ අක්කර බදු කාර්යය සඳහා යම් දේපලක වාර්ෂික වටිනාකම් තීරණය කිරීම හෝ යම් ඉඩමක විශාලත්වය තක්සේරු කිරීම සඳහා ඒ ප්‍රදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි සියලු දේපල පිළිබඳ තොරතුරු ලේඛන ගත කර පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය කරුණකි.

එසේම, ඒ යම් දේපලක හිමිකරු හෝ පදිංචිකරු නිශ්චිතව දැනගෙන සිටීම මේ කාර්යය තවදුරටත් පහසු කරනු ඇති අතර දේපල සම්බන්ධයෙන් තැනැත්තන් ප්‍රාදේශීය සභාව සමඟ කටයුතු කිරීමේ දී ඒ දේපලවල අයිතිය සභාවේ ලියා පදිංචි කර තිබීම දෙපාර්තමේන්තුව ම පහු වේ. මේ දේපලවල අයිතිය ඇතැම් අවස්ථාවක දී හුවමාරු වන බැවින් එසේ අයිතිය වෙනස් වූ විට, ඒ පිළිබඳ වෙනස් වීම සභාවේ ලියාපදිංචි කර තිබීම වැදගත් වේ.
16.2 නෛතික අධිකාරිය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 139 වන වගන්තිය සහ 141 වන වගන්තිය සහ 2015.07.31 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත වාර වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධ අතුරු ව්‍යස්ථාව.
16.3 සුදුසුකම්
දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත්කළ ප්‍රදේශයක් තුළ පිහිටි දේපලක හිමිකරුවෙක් වීම.
16.4 ගාස්තුව
සභාව විසින් කලින් කල තීරණ කර නියම කරනු ලැබිය හැකිය.
16.6 කාර්යය පටිපාටිය
තක්සේරු ලේඛනයට නම ඇතුළත් කිරීම, සංශෝධනය කිරීම, වරිපනම් අංක ලබා දීම, දේපල හිමිකම් වෙනස් වීම හා ලියාපදිංචිවීම ආශ්‍රිත කටයුතුවලදී අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 ඉල්ලුම් පත්‍රය නිකුත් කිරීම - පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
2 අවශ්‍ය කරන ඇමුණුම් සමඟ නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය භාර ගැනීම - පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
3 ඉල්ලුම් පත්‍රයේ තොරතුරු වල නිරවද්‍යතාව, ඒ තොරතුරු සමඟ තක්සේරු ලේඛනයේ තොරතුරු සමඟ සැසඳීම් කර, (අවශ්‍ය වන පරිදි ක්ෂේත්‍ර පරීක්ෂණය ද සිදු කර) ඉල්ලීම අනුමතයට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින තුනක් ඇතුළත ආදායම් පරික්ෂක සහ විෂය භාර නිලධාරී
4 ඉල්ලීම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින පහක් ඇතුළත සභාපති / ලේකම්
5 තක්සේරු ලේඛනය සංශෝධනය කර ඒ බව ඉල්ලුම්කරුට දැන්වීම හෝ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බව දැන්වීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින හතක් ඇතුළත සභාපති / ලේකම් (විෂය භාර නිලධාරී)
6 අදාළ ලේඛන සංශෝධනය කර ගැනීමට තක්සේරු දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම ඉල්ලීම අනුමත කළ දින සිට දින 03 ක් ඇතුළත ලේකම්
16.7 ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති විට අනුගමනය කරන කාර්යය පටිපාටිය
ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවන්හි අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු සහිතව ඉල්ලුම්කරුට ලිපියක් යොමු කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින හතක් ඇතුළත සභාපති / ලේකම් (විෂය භාර නිලධාරී)
2 ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට සිදු වී ඇති හේතු හෝ බාධා ඉවත් කරමින් ඉදිරිපත් කෙරෙන අභියාචනය භාර ගැනීම - පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
3 නැවත ඉදිරිපත් කළ තොරතුරුවල නිරවද්‍යතාව, ඒ තොරතුරු සමඟ තක්සේරු ලේඛනයේ තොරතුරු සමඟ සැසඳීම් කර, (අවශ්‍ය වන පරිදි ක්ෂේත්‍ර පරීක්ෂණය ද සිදු කර) ඉල්ලීම අනුමතයට හෝ තව දුරටත් ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම අභියාචනය භාර ගත් දින සිට දින තුනක් ඇතුළත ආදායම් පරික්ෂක සහ විෂය භාර නිලධාරී
4 ඉල්ලීම අනුමත කිරීම හෝ තව දුරටත් ප්‍රතික්ෂේප කිරීම අභියාචනය භාර ගත් දින සිට දින පහක් ඇතුළත සභාපති / ලේකම්
5 තක්සේරු ලේඛනය සංශෝධනය කර ඒ බව ඉල්ලුම්කරුට දැන්වීම හෝ ඉල්ලීම තව දුරටත් ප්‍රතික්ෂේප කරන ලද බව දැන්වීම අභියාචනය භාර ගත් දින සිට දින හතක් ඇතුළත සභාපති / ලේකම් (විෂය භාර නිලධාරී)
සටහන: දේපළෙහි අයිතිය නිවැරදිව තහවුරු කර නැති අවස්ථාවක හෝ අදාළ දේපළෙහි නීත්‍යානුකූල අයිතිය ඇති තැනැත්තා හෝ ඔහුගෙන් ඇටෝර්නි බලය ලැබ ඇති තැනැත්තකු විසින් ඉල්ලීම ඉදිරිපත් කර නැති විට දේපළෙහි අයිතිය ලියාපදිංචි කිරීම සිදු නොකරනු ඇත.
17.1 හැඳින්වීම
මහජනතාව වෙත කිසියම් සන්නිවේදනයක් නිකුත් කිරීම සඳහා ප්‍රචාරක හෝ බැනරයක ආධාරයෙන් ප්‍රදර්ශනය කරනු ලබන සහ යම් ප්‍රසිද්ධ ස්ථානයක සිට බැලූ විට පෙනෙන පරිදි සවි කරනු ලබන දැන්වීම්වලින් දාග්‍ය පරිසරයට සිදු විය හැකි හානි වළක්වාලිම සඳහා ප්‍රචාරක දැන්වීම් ප්‍රචුරු ප්‍රදර්ශනය කිරීම නියාමනය සඳහා මෙම සහතිකය නිකුත් කරනු ලබයි.

සටහන: පහත දැක්වෙන ආකාරයේ දැන්වීම් අවසර පත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් වේ.
  • ශුද්ධ ලාභය පරෝපන කටයුත්තක් සඳහා යොදවන යම් ප්‍රසංගයක දැන්වීමක්;
  • කිසියම් ප්‍රසංගයක් පවත්වන ස්ථානයේ ඒ ප්‍රසංගයට අදාළ ප්‍රචාරක දැන්වීමක්;
  • ආගමික, දේශපාලනික හෝ මහජන රැස්වීමක් සම්බන්ධයෙන් වන ප්‍රචාරක දැන්වීමක්;
  • “කුලියට දීමට තිබේ” යනුවෙන් වූ ප්‍රචාරක දැන්වීමක්;
  • “විකිනීමට තිබේ” යනුවෙන් වූ ප්‍රචාරක දැන්වීමක්;
  • නාම නාම ප්‍රචුරු (එහි විශාලත්වය ප්‍රාදේශීය සභව විසින් තීරණය කරනු ලැබේ.)
  • වාණිජ්‍ය කටයුතු සඳහා යොදාගනු ලබන ප්‍රමාණයෙන් වර්ගමීටර 0.093 ක් නොඉක්මවන නාම ප්‍රචුරක්.
  • වෙළෙඳ කටයුත්තක් සඳහා යොදා ගන්නා වාහනයක ප්‍රදර්ශනය කරනු ලබන ඒ ව්‍යාපාරයේ ස්වභාවය, අයිතිකරුගේ නම, ලිපිනය හා දුරකථන අංක දැක්වෙන ප්‍රචාරක දැන්වීමක්.
17.2 නෛතික අධිකාරිය
පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනත යටතේ ප්‍රකාශිත ප්‍රචාරක දැන්වීම් / දාග්‍ය පරිසරය අතුරු ව්‍යස්ථාව යටතේ මෙම අවසර පත්‍ර නිකුත් කරනු ලබයි.
17.3 ගාස්තු
ප්‍රාදේශීය සභාව විසින් කලින් කල තීරණ කර ගැසට් පත්‍රයේ නිවේදනය කරනු ලබන ගාස්තුවක් ගෙවිය යුතුය.
17.4 ඉදිරිපත් කළයුතු ලේඛන
  • මෙහි උප ලේඛනයේ දැක්වෙන ආකෘතියට අනුව පිළියෙළ කර නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
  • දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන නිර්මිතයේ පිහිටීමට සාපේක්ෂව 1:1000 ට නොඅඩු පරිමාණයකට අඳින ලද භූමි සැලැස්මක්.
  • 1:1000 පරිමාණයට නොඅඩු පරිමාණයට අඳින ලද එම නිර්මිතයේ රූප සටහනක්.
  • ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීමේ යොදා ගන්නා වර්ණ සියල්ලම යොදා කුඩා පරිමාණයකට අඳින ලද ඒ දැන්වීමේ පිටපතක්.
  • යාබද වීදිවලට සහ ප්‍රධාන භූමි සලකුණු වලට සාපේක්ෂව ප්‍රචාරක දැන්වීමේ පිහිටීම දැක්වෙන සැලැස්මක්.
  • ප්‍රචාරක දැන්වීම ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය දීමේ කාර්යය සඳහා අවශ්‍ය විය හැකි වෙනත් තොරතුරු.
17.5 ඉල්ලුම් කිරීමේ කාර්යය පටිපාටිය
ප්‍රචාරක දැන්වීම් පළ කිරීම සඳහා අවසර පත්‍ර ලබා ගැනීමේදී අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 අවසර පත්‍ර ඉල්ලා ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍රය භාර ගැනීම ප්‍රචාරක දැන්වීම ස්ථාපිත කිරීමට පෙර පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරියා
2 ඉල්ලුම් පත්‍රය අතුරු ව්‍යවස්ථාවල නියමවලට අනුකූල බව තහවුරු කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින හෝ ආසන්න දිනක ලේකම්
3 අවසර පත්‍ර ගාස්තුව ගණන් බලා නිර්දේශ කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දිනහෝ ආසන්න දිනක ආදායම් පරික්ෂක
4 ගාස්තුව අය කර ගැනීමට අනුමැතිය දීම හෝ අවසර පත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය නිකුත් කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින හෝ ආසන්න දිනක සභාපති / ලේකම්
5 ගාස්තුව අය කර ගෙන අවසර පත්‍රය සකස් කිරීම හෝ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලිපිය සකස් කිරීම සහ අත්සනට ඉදිරිපත් කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින 03 ක් ගත වීමට පෙර පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරියා
6 අවසර පත්‍රය / ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ ලිපිය අත්සන් කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින 03 ක් ගත වීමට පෙර සභාපති / ලේකම්
7 අවසර පත්‍ර ලේඛනයට ඇතුල් කර අවසර පත්‍රය නිකුත් කිරීම අනුමැතිය ලබාදුන් දිනය විෂයභාර නිලධාරී
සටහන: ප්‍රචාරක ප්‍රවුරු ස්ථාන ගතකිරීමේ දී, පිහිටුවීමේ දී හා නඩත්තු කිරීමේ දී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතුය.
  1. සියලු ප්‍රචාරක දැන්වීම් ප්‍රවුරුවල අවසර පත්‍ර අංකය සහ අවසර පත්‍ර නිකුත් කළ දිනය සටහන් කර තිබිය යුතුය.
  2. අවසර පත්‍ර හිමියාගේ නම සහ දුරකථන අංකය ප්‍රචාරක දැන්වීමේ පැහැදිලිව සඳහන් විය යුතුය.
  3. ප්‍රචාරක දැන්වීම මඟින් බාහිර පාර්ශ්වයකට සිදු විය හැකි අනතුරු ඇති වීම වළක්වාලීමට අවශ්‍ය වැඩ පිළිවෙළ යෙදිය යුතුය.
  4. රියදුරන්ගේ අවධානයට බාධා නොවන පරිදි ප්‍රචාරක දැන්වීම් ස්ථාන ගත කළ යුතුය. උදා: මාර්ග හරහා බැනර් ප්‍රදර්ශනය නොකළ යුතුය.
  5. ප්‍රාදේශීය සභාව විසින් අනුමත කළ ආකාරයෙන් ප්‍රචාරක දැන්වීම ප්‍රදර්ශනය කළ යුතුය.
17.6 නීති විරෝධීව ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ නෛතික ප්‍රතිවිපාක
නීති විරෝධීව ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කරන අවස්ථාවන්හි අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 අවසර ලබා නොගත් දැන්වීම් ප්‍රවුරු පිළිබඳව වාර්තා ලබා ගැනීම සතියකට වරක් ආදායම් පරික්ෂක / බලය පැවරූ නිලධාරියා
2 දැන්වීම ප්‍රදර්ශනයට අනුමැතිය ලබා ගන්න ලෙස දැනුම් දීම හඳුනාගත් වහාම විෂයභාර නිලධාරියා
3 දැනුම් දීමට අවනත නොවීම පිළිබඳව අධිකරණය වෙත වාර්තා කිරීම දැන්වීම නිකුත්කළ දිනය සිට දින 07 කට පසු විෂයභාර නිලධාරියා, ආදායම් පරික්ෂක, ලේකම්
4 අධිකරණ නියෝගය පරිදි කටයුතු කිරීම - ආදායම් පරික්ෂක, ලේකම්
5 බලපත්‍රය ලබාගන්න ලෙස නැවත දැනුම් දීම අධිකරණ තීන්දුව නිකුත් කළ දිනය සිට දින 07ක් ඇතුළත විෂයභාර නිලධාරියා / ලේකම්
18.1 හැඳින්වීම
(අ) කිසියම් ස්ථානයක සිදු කරනු లබන ප්‍රසිද්ධ රඟ දැක්වීමක් මඟින් යම් ආගමික හෝ සංස්කෘතික හෝ කිසියම් ජන වර්ගයක පැවැත්මට ඇති විය හැකි හානි හෝ පීඩා වැළැක්වීම සහතික කිරීම සඳහා යම් ප්‍රසිද්ධ රඟ දැක්වීමක් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සඳහා සහතික කිරීමේ බලධාරියා (රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන තැනැත්තා හෝ තැනැත්තන් සහතික කිරීමේ බලධාරියා වේ.) වෙත ඉදිරිපත් කර සහතික කිරීම මඟින් ප්‍රසිද්ධ රඟ දැක්වීම පාලනය කරනු ලැබේ.

(ආ) කිසියම් ප්‍රසිද්ධ රඟ දැක්වීමක් හෝ සැණකෙළියක් පැවැත්වෙන ස්ථානයක රැස්වන මහජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, පහසුව සහ ආරක්ෂාව පිළිබඳ පූර්ව ප්‍රතිකර්ම පවත්වාගෙන යනු ලබන බවට සහතික වීමෙන් අනතුරුව, ඒ යම් රඟ දැක්වීමක් හෝ සැණකෙළියක් පැවැත්වීම සඳහා පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකය “බලපත්‍රය” වශයෙන් හඳුන්වනු ලැබේ.
18.2 නෛතික අධිකාරිය
176 වන අධිකාරිය වූ ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි පිළිබඳ ආඥා පනත.
18.3 සුදුසුකම්
176 වන අධිකාරිය වූ ප්‍රසිද්ධ රඟදැක්වීම් හා සැණකෙළි පිළිබඳ ආඥා පනතේ 2 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති සැණකෙළියක් පැවැත්වීමට අදහස් කරනු ලබන යම් තැනැත්තකු මේ සඳහා සුදුසුකම් ලබයි.
18.4 ගාස්තුව
ප්‍රාදේශීය සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන ආකාරයේ බලපත්‍රගාස්තුවක් ගෙවිය යුතුය.
18.5 ඉදිරිපත් කළ යුතු ලේඛන
නිසි බලධාරියා (පළාත් පාලන ආයතනය) සැහීමට පත් වන ආකාරයෙන් පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බව තහවුරු කරමින් මෙහි ඇමුණුමේ දැක්වෙන ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුතුය.
  • ඒ ස්ථානයට රැස්වන මහජනතාවට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් (ස්ත්‍රී, පුරුෂ සහ ආබාධිත අයට වෙන වෙනම) සැපයෙන බව;
  • ඒ ස්ථානයේ ඉදි කර ඇති තාවකාලික ගොඩනැගිලි ප්‍රමාණවත් සවි ශක්තියකින් යුක්ත වන බව;
  • එහි රැස් වී සිටින මහජනතාවට දූෂණයට ලක් නොමූ හා ප්‍රමාණවත් වාතාශ්‍රයක් පවතින බව;
  • හදිසි ගිනි ගැනීමක දී යොදා ගත හැකි පරිදි ප්‍රමාණවත් ගිනි නිවීම් උපකරණ (සාමාන්‍ය ගිනි නිවීම්, විදුලි ගිනි නිවීම් සහ ඉන්ධන ගිනි නිවීම් උපකරණ) යොදා ගනු ලබන බව;
  • ආපදා අවස්ථාවක දී, රැස් වී සිටින ජනතාව ඉතා කෙටි කාලයක් ඇතුව ඉන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පිටවීමේ දොරටු සහ ආරක්ෂිත වැඩ පිළිවෙළ යොදා ඇති බව;
  • සැණකෙළි භූමිය තුළ සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩ පිළිවෙළ යොදා ඇති බවට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
සටහන:
  1. සැණකෙළි භූමිය සකස් කිරීමෙන් පසුව සහ සැණකෙළිය පැවැත්වීමට පෙර ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යුතුය.
  2. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවට නියම වී ඇති කර්තව්‍යය තහවුරු කළ හැකි වන පරිදි, ඉහත කරුණු සම්පූර්ණ කර නොමැති යම් සැණකෙළියක් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රාදේශීය සභාවට බලය ඇත.
  3. සැණකෙළිය ආරම්භ වන දිනයට දින 7 කට පෙර ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කිරීම ඉල්ලුම්කරුගේ වගකීම විය යුතුය.
18.6 කාර්යය පටිපාටිය
ප්‍රසිද්ධ රඟ දැක්වීම් සහ සැණකෙළි පැවැත්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීම - -
2 භාර ගත් ඉල්ලුම් පත්‍රය තාක්ෂණ නිලධාරී වෙත යොමු කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
3 ඉල්ලුම් පත්‍රයේ දැක්වෙන කරුණු සහ සැණකෙළිය පැවැත්වීමට යෝජිත භූමියේ හා ගොඩනැගිලි, වැසිකිළි හා කැසිකිළි තත්ත්වය පරීක්ෂා කර නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින 3 ක් ගත වීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂක / තාක්ෂණ නිලධාරී
4 බලපත්‍රය නිකුත් කිරීම සඳහා නිර්දේශ කර ඇත්නම්, විනෝද බදු ගෙවීම සඳහා ප්‍රවේශ පත්‍ර සමඟ ඉල්ලում කරන ලෙස දැන්වීම ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින 5 ක් ගත වීමට පෙර පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
5 විනෝද බදු කාර්යය පටිපාටිය අනුගමනය කිරීම සඳහා ආදායම් අංශය දැනුවත් කිරීම - පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
6 බලපත්‍රය නිකුත් කිරීමට / ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අනුමැතිය දීම විනෝද බදු මුදල් ගෙවූ දිනය / තාක්ෂණ නිලධාරීගේ නිර්දේශ ලැබුණු දින සිට දින [x] සභාපති / ලේකම්
7 ගාස්තු අය කර ගෙන බලපත්‍රය නිකුත් කිරීම / ඉල්ලීම ප්‍රතික්ෂේප කරන දැන්වීම අත්සන් කිරීම විනෝද බදු මුදල් ගෙවූ දිනය / තාක්ෂණ නිලධාරීගේ නිර්දේශ ලැබුණු දින සිට දින [x] සභාපති / ලේකම්
8 නිකුත් කළ බලපත්‍රයේ සඳහන් කොන්දේසි එලෙසම පවත්වා ගෙන යන බව තහවුරු කර ගැනීමට ස්ථානය පරීක්ෂා කිරීම. සැණකෙළිය පවත්වන කාලය තුළ දිනපතා මහජන සෞඛ්‍ය පරීක්ෂක / ආදායම් පරික්ෂක / තාක්ෂණ නිලධාරී
19.1 හැඳින්වීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි මාර්ගවල සහ පොදු ස්ථානවල අවිධිමත් ආකාරයෙන් රථ වාහන නවා තැබීම පාලනය කිරීම සහ එමඟින් මහා මාර්ගයේ ගමන් කරන වාහනවලට සහ පදිකයන්ට ඇති වන අවහිරතා මඟ හැරවීම මඟින් ජනතාවගේ පහසුව ඇති කිරීම පළාත් පාලන ආයතනයේ යුතුමකි. පළාත් පාලන ආයතනය විසින් රථ වාහන නවා තබන ස්ථාන ඇති කර, ඒ ස්ථානයේ රථ වාහන නවා තැබීමට අවශ්‍ය ඉඩ වෙන් කර දෙනු ලැබේ. ඒ යම් ස්ථානයක නවා තබන රථ වාහනවලින් ගාස්තුවක් අය කර ගැනීම මඟින් ඒ ස්ථාන මනා ව නඩත්තු කිරීමට අවශ්‍ය වියදම් සපයා ගනු ලැබේ.
19.2 නෛතික අධිකාරිය
  • ප්‍රාදේශීය සභා පනතේ 122 වන වගන්තියෙන් ලැබී ඇති බලතල යටතේ සාදනු ලැබ 2010/07/16 දිනැති 1663 අංක දරණ සම්මත අතුරු ව්‍යස්ථාව.
  • ඉහත ගැසට් නිවේදනය මහ සභාව විසින් වැළඳගෙන ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය
19.3 ගාස්තුව
ප්‍රාදේශීය සභාව විසින් සාදන ලද අතුරු ව්‍යස්ථාව අනුව කලින් කල නියම කරනු ලබන ගාස්තුවක් ගෙවිය යුතුය.
19.4 කාර්යය පටිපාටිය
රථ වාහන නැවතුම් ස්ථානවල ගාස්තු අය කිරීමේදී අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 ප්‍රදේශීය සභා සීමාව තුළ වාහන නවා තැබීම පිළිබඳ අතුරු ව්‍යස්ථාව වැළඳගැනීම සම්බන්ධ විදිමත් සභා සම්මුතිය ගැනීම අදාළ වන අවස්ථාවේදී එක් වරක් පමණි සභාව
2 ප්‍රදේශීය සභා සීමාව තුළ වාහන නවා තැබීම පිළිබඳ අතුරු ව්‍යස්ථාව වැළඳගැනීම සම්බන්ධ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම අදාළ වන අවස්ථාවේදී එක් වරක් පමණි සභාව මඟින් සභාපති
3 රථවාහන නැවතුම් පොළවල් උපලේඛන සහිතව ප්‍රකාශයට පත්කිරීම අදාළ වන අවස්ථාවේදී එක් වරක් පමණි සභාව මඟින් සභාපති
4 වාර්ෂිකව ගාස්තු සඳහා මහ සභාව මඟින් විදිමත් සභා සම්මුතියක් ලබාගැනීම වර්ෂයක් එළඹීමට පෙර මහ සභාව
5 වාර්ෂික බදු පැහැවීම් ගැසට් නිවේදනය මඟින් එකී ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කිරීම බදු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වර්ෂයට පෙර වර්ෂයේ දෙසැම්බර් 31හෝ ඊට පෙර සභාපති / ලේකම්
6 රථ වාහන නැවතුම් පොළක වාහනය නවා තැබීම - -
7 ලදුපතක් මඟින් නියমিতගාස්තුව අය කර ගැනීම සහඅවසර පත්‍රයක් නිකුත් කිරීම වාහනය නවා තබන අවස්ථාවේ දී රථ වාහන නැවතුම් ස්ථාන පාලක
සටහන:
  1. රථ වාහන නවා තැබීමට වෙන් කළ ස්ථානයක නිරන්තරයෙන් වාහනයක් නතර කර තැබීමට අවශ්‍ය යම් තැනැත්තකුට, ඒ සඳහා මාසිකව ගාස්තුවක් ගෙවීමෙන් ස්ථානය වෙන් කර ගැනීමට ඉඩ දිය හැකිය.
  2. රථ වාහන නවා තැබීමට වෙන් කරන ලද යම් ස්ථානයක රථ වාහන නවා තැබීම වෙනුවෙන් මුදල් අය කර ගැනීමට සභාවේ නිලධාරියෙකු යෙදවීම වෙනුවට, ඒ ස්ථානයේ වාහන නවා තැබීම වෙනුවෙන් වන ගාස්තු අය කර ගැනීම වාර්ෂිකව ටෙන්ඩර් කැඳවීම මඟින් තෝරා ගත් ටෙන්ඩර්කරුවෙකු වෙත ගිවිසුමකට එළඹීමෙන් පසු බදු දීම ප්‍රදේශීය සභාවක් විසින් කළ හැකිය.
20.1 හැඳින්වීම
යම් සභා බල ප්‍රදේශයක පිහිටි සමාජ ශාලා එම ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි විය යුතුය.
20.2 නෛතික අධිකාරිය
1987 අංක 38 දරන පනත හා 1980 අංක 14 පනත් වලින් සංශෝධිත 1975 අංක 17 දරන සමාජ ශාලා බලපත්‍ර නිකුත්කිරීමේ නීතිය.
20.3 සුදුසුකම්
සභා බල ප්‍රදේශය තුළ දැනටමත් පවතින හෝ ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති සමාජ ශාලාවක් වීම.
20.4 ගාස්තුව
(අ) සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන ඉල්ලුම් පත්‍ර ගාස්තුව හා බලපත්‍ර ගාස්තුව.
20.6 ඉල්ලුම් කිරීමේ කාර්යය පටිපාටිය
සමාජ ශාලා බලපත්‍ර ලබාදීමේදී අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 නියමිත ගාස්තුව ගෙවා ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීම - විෂයභාර නිලධාරියා
2 සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය පිටපත් තුනකින් යුක්තව ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම - අයදුම්කරු
3 ප්‍රාදේශීය ලේකම්ගේ වාර්තාව සමඟ වූ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය පිටපත් තුනකින් භාර ගැනීම - පෙරටු කාර්යාල නිලධාරී / විෂය භාර නිලධාරී
4 ඉල්ලුම් පත්‍රයේ පිටපතක් බැගින් පහත සටහන අංක 1 හි තැනැත්තන් වෙත යොමු කිරීම ඉල්ලුම් පත්‍රය ලැබී සති හතරක් ඇතුළත සභාපති
5 පහත සටහන අංක 2 හි තොරතුරු සමඟ සති හතරක් ඇතුළත විරෝධතා ඇත්නම් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස වු දැන්වීමක් ගැසට් පත්‍රයේ පළ කිරීම ඉල්ලුම් පත්‍රය ලැබී සති හතරක් ඇතුළත සභාපති
6 විරෝධතා නොමැති නම් ලේඛනයේ සටහන් කර බලපත්‍රය නිකුත් කිරීම - ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා
සටහන:
  1. පොලිස් ಅಧಿಕಾರಿ සහ සුරා බදු කොමසාරිස් ජනරාල් වෙත ද, සමාජ හා විනෝද කාර්යය සම්බන්ධයෙන් වන විට සමාජ සේවා අධ්‍යක්ෂ වෙත ද, සංස්කෘතික හෝ ආගමික කාර්යය සඳහා වන විට සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වෙත ද, ක්‍රීඩා කටයුතු සඳහා වන විට ක්‍රීඩා අධ්‍යක්ෂ වෙත ද පිටපතක් බැගින් යොමු කළ යුතුය.
  2. ගැසට් පත්‍රයේ පළ කළ යුතු තොරතුරු වන්නේ, ඉල්ලුම්කරුගේ නම, සමාජ ශාලාවේ නම සහ එය පවත්වා ගෙන යන ස්ථානයයි.
20.7 බලපත්‍රය නිකුත් කිරීම හෝ අලුත් කිරීම පිළිබඳ විරෝධතා ඇති විට කාර්යය පටිපාටිය
බලපත්‍ර නිකුත් කිරීමේදී විරෝධතා පවතින අවස්ථාවල අනුගමනය කරනු ලබන පටිපාටිය පහත වගුගත කර ඇත:
අනු අංකය පටිපාටිය කාල සීමාව අಧಿಕාරය
1 විරෝධතා ලැබී ඇති විට, ඒවායේ පිටපත් ඉල්ලුම්කරු වෙත භාර දීම විරෝධතා ඉදිරිපත් කිරීමට දී ඇති කාලය අවසන් වූ විගස සභාපති
2 විරෝධතා පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ තීරණ ගැනීම විරෝධතා කාලය අවසන් වී දින 14 ක් ඇතුළත සභාපති
3 විරෝධතා පිළිබඳ තීරණය ඉල්ලුම්කරු, පොලිස් ಅಧಿಕಾರಿ, සුරා බදු කොමසාරිස් හා වෙනත් විරෝධතාකරුවන් ඇත්නම් ඔවුන් වෙත දැන්වීම විරෝධතා පරීක්ෂණ තීරණයේ දින සිට දින 07ක් ඇතුළත සභාපති
4 සභාපතිගේ තීරණයෙන් තෘප්තිමත් නොවේ නම් විරෝධතාකරුවන් විසින් අමාත්‍යවරයාට අභියාචනා කිරීම තීරණය ලැබුණු දින සිට දින 14ක් ගත වීමට පෙර -
5 අමාත්‍යවරයාගේ තීරණය ලැබීම හා ඒ අනුව කටයුතු කිරීම - අමාත්‍යවරයා
Feedback
Scroll to Top